නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

• මා ඔයෙන් හමුවූ සිරුරු වල සුලමුල හෙලිවේ

• දරුවා බලා සිටියදී කඩේට ගිය කාන්තාවක් කළ වැඩේ CCTV කැමරාවේ

• පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නිදහස් පක්ෂයෙන් දින 7 ක්

• හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාර භූමිය අනවසර ඉඩම් අත්පත් කර ගන්නන්ගේ ගොදුරකට

• අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ගම්මන්පිල කියයි

• විමල්ගෙන් වජිරට චෝදනාවක්

• දහනවයෙන් වැඩ ගන්න හැටි මහින්ද කියයි

• ලබන 15 න් පසු මැතිවරණ කොමිසමේ බලතල ක්‍රියාත්මක කරන්න සභාපති සූදානම්

• ‘පෝට් සිටි’යේ ඉදිකෙරන ජාත්‍යන්තර පාසැලට, හෝටලයට, රෝහලට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

+++++++++++++++++++++++++++++++++++

නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

(04.09.2019 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර ලැබුණු බුද්ධි තොරතුරු ලබාදී තිබුණේ නම් එදින දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා මූලික අයිතිවාසිකම් කඩවූයේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 12 අද (04) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එමෙන්ම එලෙස දැනුම්දීමක් සිදු කළේ නම් මහා ඛේදවාචකයන් වළක්වාගැනීමට හැකියාව තිබූ බවත්, නත්තල් දිනට පමණක් දෙවන වන ඉතා වැදගත් දිනයක් වූ පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට අගරදගුරු හිමිපාණන් විසින් මෙම කරුණු දැක්වීම සිදුකරන බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා ෴

***************************************

මා ඔයෙන් හමුවූ සිරුරු වල සුලමුල හෙලිවේ

(04.09.2019 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අලව්ව – මාඔය පාලම අසල පාවෙමින් තිබියදී ඊයේ සොයාගත් මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මියගිය දෙදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගියදා අලව්ව ප්‍රදේශයේ නිවාස දෙකක් කොල්ල කා මොවුන් පලායන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පසුපස හමාගොස් ඇති අතර බියට පත් වූ කොල්ලකරුවන් මාඔයට පැන ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

වර්ෂාවත් සමඟ මාඔයේ සැඩ පහර අධික වීම හේතුවෙන් මොවුන් දියේගිලී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මියගිය දෙදෙනා අවුරුදු 30 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් ෴

***************************************

දරුවා බලා සිටියදී කඩේට ගිය කාන්තාවක් කළ වැඩේ CCTV කැමරාවේ

(04.09.2019 – 13:33 +0530 – hirunews.lk/sinhala)

වෙළඳසැලකට සිය දරුවා සමඟ පැමිණෙන කාන්තාවක් සිදුකරන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

මෙම සිදුවීම වාර්තාවන්නේ මාතර ප්‍රදේශයෙන්. නගරයේ පිහිටි පාවහන් අලෙවිසැලකට පැමිණෙන අදාළ කාන්තාව වෙළඳසැලෙහි හිමිකාරිණියගේ ජංගම දුරකථනය මෙලෙස සොරාගෙන තිබෙනවා.

එය රුපියල් 20,000 කට අධික වටිනා ජංගම දුරකථනයක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සොරකම සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නිදහස් පක්ෂයෙන් දින 7 ක්

(04.09.2019 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂවලට සහය දැක්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකුට දින 7 ක් තුළ කරුණු දක්වන ලෙස දන්වමින් ලිපි යොමුකළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම් ෆවුසි, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව මෙම ලිපි යොමුකළ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

හිරු සී.අයි.ඒ. : මුහුදු මහා විහාර භූමිය අනවසර ඉඩම් අත්පත් කර ගන්නන්ගේ ගොදුරකට

(03.09.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මහා විහාරය ආශ්‍රිතව සිදුවන සීග්‍ර ඉඩම් ආක්‍රමණය පිළිබදව හා එම විහාරවාසී හිමියන්ට අන්‍යාගමිකයන්ගෙන් සිදුවන හිරිහැර හිරු සී.අයි.ඒ. ඔස්සේ අප අවස්ථා කිහිපයකදීම අනාවරණය කළා.

පසුගිය පළමු වැනිදා ද මුහුදු මහා විහාරවාසී හිමිනමකට යළිත්වරක් අන්‍ය ආගමිකයෙකු බැණ තර්ජනය කර තිබෙනවා.

නැගෙනහිර පළාතේ පොතුවිල්හි පිහිටා ඇති මුහුදු මහා විහාර භූමිය අනවසර ඉඩම් අත්පත් කර ගන්නන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව හිරු සී.අයි.ඒ. ඔස්සේ අප වරින් වර හෙළි කළා.

එවන් පසුබිමක් තුල පසුගිය පළමුවැනිදා මුහුදු මහා විහාරවාසී පුජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය හිමියන් විහාර භූමිය සතු වාහන නැවතුම්පල රූගත කර තිබෙනවා.

එහිදී මුහුදු මහා විහාර භූමිය ඉදිරිපිට කරවල අලෙවිසැලක් පවත්වාගෙන යන අන්‍ය ජාතිකයෙකු ඊට විරෝධය පළ කළේ රතනප්‍රිය හිමියන්ට පහර දෙන බවට ද තර්ජනය කරමින්.

***************************************

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ගම්මන්පිල කියයි

(03.09.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී බලයට පත්වන තම රජයක් යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=kKHEDWfY3bU

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Ynws-qBUADk

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=7PYP9mvGD6c

***************************************

විමල්ගෙන් වජිරට චෝදනාවක්

(04.09.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදී තමාට වුවමනා ලෙස මෙහෙයවිය හැකි දිසාපතිවරු පිරිසක් පත් කරගැනීම සඳහා වජිර අබේවර්ධන අමාත්‍යවරයා කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

එම පක්ෂ කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතා :

“දිසාපතිවරු 16 ක් සඳහා පරීක්ෂණ කරනවා. තවත් පුවත්පතක තියෙනවා. චෝදනා එල්ලවන 16 දෙනා වෙන සංචිතයකට දානවා කියලා. හොයලා බැලුවාම කිසිම පරීක්ෂණයක් නැහැ. මේක කෘත්‍රිමව කරන චෝදනාවක්.

තමන්ට නටවන්න බැරි දිසාපතිවරු සංචිතයට දාලා පක්ෂපාති දිසාපතිවරු පත් කරගන්නයි හදන්නේ. දිසාපති කියන්නේ ඡන්දෙදි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා. ඔහු අතෙයි බලය කේන්ද්‍රගත වෙන්නේ.

ජූලි 30 වැනිදා අමෙරිකානු ජාතිකයින් පිරිසක් හිල්ටන් හෝටලයට එනවා. ඔවුන් සතු ගමන් මලු ස්කෑන් කරන්න දෙන්නේ නැහැ. අමෙරිකානු රජයේ ගුවන් යානයකින් ඇවිත් තියෙන්නේ. ගුවන් තොටුපොළේදී පරික්ෂා කරලත් නැහැ. අමෙරිකානු තානාපති කාර්යාලයේ ජීප් රථයක් ඇවිත් ඒ ජීප් එක බෑග් ටික අරගෙන ගියා. KL – 6586 ජීප් රථයේ අංකය.

එක බෑග් එකක් විතරක් පරීක්ෂා කරන්න දුන්නා. මේ එක් පුද්ගලයෙකුගේ හැඳුනුම්පත. මේ අනිත් අයගේ වීසා පිටපත්. මේ අය දවස් දෙකකට පස්සේ මාලදිවයිනට ගිහින් ගෙනාපු ගමන් මලු මෙහෙ තියලා. මේවා ගෙනාවේ මොකටද? ඇයි පරීක්ෂා කරන්න නොදුන්නේ? අමාරුවේ වැටෙන ඒවා බෑග්වල තිබ්බද? රට අද වෙද්දි ඕන කෙනෙකුට එන්න පුළුවන් අතහැර දාපු රාජ්‍යයක් වෙලා.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

දහනවයෙන් වැඩ ගන්න හැටි මහින්ද කියයි

(04.09.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය ධුරයක් නොමැතිව ලේකම්වරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයෙකු ලෙස වැඩ කිරීමේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය අමතමින්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුඩා තේ වතු හිමියන්, රබර් වගාකරුවන්, සුළු අපනයන බෝග වගාකරුවන්, කප්රුක් සමිති, මල් වගාකරුවන් සහ කිරි ගොවි සංවිධාන නියෝජිතයන් අතර හමුවක් අද පැවැත්වුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය ද ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණි.

***************************************

ලබන 15 න් පසු මැතිවරණ කොමිසමේ බලතල ක්‍රියාත්මක කරන්න සභාපති සූදානම්

(04.09.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය සැප්තැම්බර් මස 15 වනදා සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනු ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද දෙරණ 24 නාළිකාවේ BIG FOCUS වැඩසටහනට අද එක්වෙමින් දේශප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමේ පහසුම දිනය නොවැම්බර් 15 වනදා බවයි.

***************************************

‘පෝට් සිටි’යේ ඉදිකෙරන ජාත්‍යන්තර පාසැලට, හෝටලයට, රෝහලට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

(04.09.2019 – biz.adaderana.lk)

අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම පිණිසත්, එම යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිසත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *