කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාන්තාවන්ට ලිංගික හිංසා

(01.11.2017 – divaina.com)

මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.

කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල සේවිකාවන් මෙන්ම පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් ඇතුළු විශාල කාන්තාවන් පිරිසක්‌ සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළින් අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල ගමන් කරති. කෙසේ හෝ රෑබෝවීමට පෙර තම නිවෙස්‌ බලා යැමට බස්‌රථ තුළ සිටගෙන සිරවී ගමන් කරන ඕනෑම තරාතිරමක කාන්තාවන් හා තරුණියන් මෙම විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන්ගේ තාවකාලික වින්දනයන්ට ගොදුරු වේ.

සෑම දිනකම සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළ තුළ නිකරුණේ රැඳී සිටිමින් දිනයේ අවසන් වරට ධාවනය වන බස්‌රථවලට ගොඩවී තම පහත් ආශාවන් සන්තර්පනය කරගැනීමට මෙම පුද්ගලයන් ලබා ඇත්තේ මනා පුහුණුවකි. බසයේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන මොවුන් බසයේ ඉදිරිපස දොරටුවට ළඟාවනතෙක්‌ කාන්තාවන් හා තරුණියන් කීප දෙනෙකුම තම බාල ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා රහසේ ග්‍රහණයට ලක්‌කර ගන්නා බව පාසල් සිසුවියෝ පවසති.

කළුතර – අළුත්ගම බස්‌රථවල ගමන් ගන්නා කාන්තාවන් අපහසුතාවට පත්කරන විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශ කීපයකම කාන්තාවෝ වගකිවයුතු ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති ෴

*************************************

දිවුලපිටියේ පස් මාෆියාවට සිරිකොත යටවුනා.. පස් මාෆියාව දිනුවා.. පක්‍ෂයෙන් එලෙවුවොත් යන තැන රන්ජන් කියයි…
(01.11.2017 – 11:20 +0530 – lankacnews.com)

තමන් දිවුලපිටිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ එම ආසනයේ පස් මාෆියාව සිරිකොත මුලස්ථානයට දිගින් දිගටම කරන ලද බලපෑම් නිසා යයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.

තමන් එම ආසනයෙන් පන්නා දැමීමට දිවුලපිටිය ආසනයේ පස් මාෆියාවට විශාල උවමනාවක් තිබූ බවත් ඒ අනුව එම පස් මාෆියාව ජය ගත්තා විය හැති බවත් රාමනායක මහතා කියයි.

එජාප දිවුලපිටිය ආසන සංවිධායක නියෝජ්‍ය ඇමතිවරයා ඉවත් කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ කීවේය.

තමන් යම් ලෙසකින් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කලහොත් වෙනත් පක්ෂයකට නොයන බවත් කෙලින්ම යන්නේ සිනමාවට බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය ෴

*************************************

ලංකා ඊ නිව්ස් විනි-සොරෙකු ලෙස නම් කළ තවත් තක්කඩි හඩුකාරයෙකුගේ වැඩ තහනම්..!

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *