තිස්සමහාරාම විහාරයේ විගණනයක් සිදුකිරීම ගැන බුද්ධශාසන ඇමති දන්නේ නෑ – විහාරාධිපති හිමි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තිස්සමහාරාම විහාරයේ විගණනයක් සිදුකිරීම ගැන බුද්ධශාසන ඇමති දන්නේ නෑ – විහාරාධිපති හිමි (විඩියෝ)

• බූස්ස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසුරුවා හැරීමේ සූදානමක් පිළිබඳ සැකයක් (විඩියෝ)

• වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමයි – මුත්තයියා මුරලිදරන් (විඩියෝ)

• මැතිවරණයෙන් ‘පොහොට්ටු’ සලකුණ ඉවත්කරනවාට බන්දුලගේ විරෝධය (විඩියෝ)

• ජාතික නිදහස් පෙරමුණේ තෙවන ජාතික මහා සමුළුවේදී ගෝඨාභය ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස යළි සම්මත කර ගනියි (විඩියෝ)

• අරුවක්කාලුවට කසල ප්‍රවාහනය කරන ටිපර් රථවලට නැවතත් අනතුරක් (විඩියෝ)

• ‘ග්‍රයි­න්ඩ­ර් මැෂිම කපන්න පැය 1 යි.. මැහුම් 300 යි.. සැත්කමට පැය 6 යි..’ – මැෂිමට හසුවූ අතට පණ දුන් මහනුවර මහ රෝහලේ විශ්ව කර්ම සැත්කම

+++++++++++++++++++++++++++++++++++

තිස්සමහාරාම විහාරයේ විගණනයක් සිදුකිරීම ගැන බුද්ධශාසන ඇමති දන්නේ නෑ – විහාරාධිපති හිමි

(08.09.2019 – 21:33 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම රජමහා විහාරයට විගණන නිලධාරීන් පැමිණ විගණනයක් සිදුකිරීම සම්බන්ධව බුද්ධශාසන අමාත්‍යවරයා වශයෙන් ගාමිණි ජයවික්‍රම මහතා කිසිවක් නොදැන සිටිබව තිස්ස සදගිරි උභය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් පවසනවා.

තිස්සමහාරාම විහාරයේ සියලු පඩුරු පෙට්ටි මුද්‍රතබා විගණනයක් පැවැත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් අප ඊයේ (08) කල අනාවරණය පිළිබදව අදහස් දක්වමින් උන්වහන්සේ මෙය අනාවරණය කළා.

පසුගිය අගෝස්තු 7 වැනිදා තිස්සමහාරාම රජමහා විහාරයට පැමිණි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විහාරස්ථානයේ විගණනයක් සිදුකිරීමෙන් අනතුරුව පවසා ඇත්තේ විහාරස්ථානයේ පඬුරු පෙට්ටිවලින් ලැබෙන මුදල්, කඩබදුවලින් ලැබෙන ආදායම් ඇතුළු වෙනත් ආදායම් පිළිබඳව මූල්‍ය වාර්තා විධිමත්ව පවත්වාගෙන ගොස් නොමැති බවයි.

මේ හේතුවෙන් රජ මහා විහාරස්ථානයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගණනය කර භාරකාර ගිණුමකට බැර කරන ලෙසට නියෝග කර තිබෙනවා.

***************************************

බූස්ස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසුරුවා හැරීමේ සූදානමක් පිළිබඳ සැකයක්

(08.09.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ජනපතිවරණය ඉලක්ක කර කලහකාරී සිද්ධි ඇති කිරීමේ අරමුණින් බූස්සේ පිහිටා ඇති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසුරුවා හැරීමේ සූදානමක් පිළිබඳ සැකයක් ඇති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තෝරා ගැනීමයි – මුත්තයියා මුරලිදරන්

(08.09.2019 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මෙවර මැතිවරණය වැදගත් වන්නේ රටට රැකවරණය ලබාදෙන පුද්ගලයා තේරා ගැනීම නිසා බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වියත්මඟ වෘත්තිකයන්ගේ විශේෂ සැසියක් සඳහා කොළඹ දී අද එක්වෙමින්.

+++++++++++++++++++++

https://www.facebook.com/sriavtvN/videos/930947593905130/

***************************************

මැතිවරණයෙන් ‘පොහොට්ටු’ සලකුණ ඉවත්කරනවාට බන්දුලගේ විරෝධය

(08.09.2019 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ජනතාව විසින් වැළද ගනු ලැබූ පොහොට්ටුව සලකුණ ඉවත් කර මැතිවරණයට ඉදිරිපත්වීමට තමාගේ කිසිදු කැමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

***************************************

ජාතික නිදහස් පෙරමුණේ තෙවන ජාතික මහා සමුළුවේදී ගෝඨාභය ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස යළි සම්මත කර ගනියි

(08.09.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් සම්මත කරගැනීම අද (08) සිදු කෙරුණි.

ඒ අද පැවති ජාතික නිදහස් පෙරමුණේ තෙවන ජාතික මහා සමුළුවේදීයි.

ජාතික නිදහස් පෙරමුණේ 03 වන ජාතික මහා සමුළුව අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් විය.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් රට හමුවේ ඇති අභියෝග 15 ක් විසඳා ගැනීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පක්ෂ සමාජිකයින් විසින් එය සම්මත කිරීමෙන් පසුව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් එම යෝජානාවලිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවේය.‍

+++++++++++++++++++++

***************************************

අරුවක්කාලුවට කසල ප්‍රවාහනය කරන ටිපර් රථවලට නැවතත් අනතුරක්

(09.09.2019 – 06:31 +0530 – sinhala.adaderana.lk)

අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අලුයම කරිකට්ටිය ප්‍රදේශයේදී එකිනෙක ගැටිමේන් එක් රථයකට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක්.

ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිඟ තද කිරීමත් සමඟ පසුපසින් පැමිනි ටිපර් රථයේ ගැටිම සිදුව ඇති බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලිසිය පවසයි.

මෙම අනතුර පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී අලුයම සිදුව තිබු අතර පසුව මුන්දලම පොලිසිය විසින්අදාල කසල පටවා තිබු ටිපර් රථය දොඹකර ලොරි රථ ආධාරයෙන් මුන්දලම පොලිසිය වෙත රැගෙනයාම සිදුව තිබුනී.

පොලිසිය පවසන්නේ කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනයකරමින් තිබු ටිපර් රථ මේ ආකාරයට අනතුරට ලක්වු තුන්වන අවස්ථාව බවයි.

රියදුරා පමනක් ටිපර් රථයේ රැදි සිටිම නිසා ඇතැම් රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් එක දිගට කිලෝ මිටර් 150 කට වැඩි දුරක් ධාවනය කිරීමත් සමඟ රියදුරන් පත්වන අධික නිදිමත හා වෙහෙස මෙම අනතුරට හේතු විය හැකි බව පොලිස් නිලධාරින් පෙන්වා දෙයි.

***************************************

‘ග්‍රයි­න්ඩ­ර් මැෂිම කපන්න පැය 1 යි.. මැහුම් 300 යි.. සැත්කමට පැය 6 යි..’ – මැෂිමට හසුවූ අතට පණ දුන් මහනුවර මහ රෝහලේ විශ්ව කර්ම සැත්කම

(09.09.2019 – webgossip.lk)

වඩේ අළෙවි කර ජීවි­තය ගෙන ගිය අකු­රණ තෙළ­ඹු­ග­හ­වත්තේ පදිංචි තිස්නව හැවි­රිදි මොහො­මඩ් ෆයි­සාල් මහතා පසු­ගිය බදාදා පෙර­ව­රුවේ අවධි වූයේ සුපු­රුදු රැකි­යාවේ නිර­තව කීයක් හෝ සොයා ගැනීමේ අර­මුණ ඇති­වය.

වසර ගණ­නා­වක් මුළුල්ලේ වඩේ සාදා පළ­පු­රු­ද්දක් තිබූ ෆයි­සාල් දිනය ආරම්භ කරන්නේ වඩේ සැක­සී­මට අව­ශ්‍යය පරිප්පු ඇඹ­රීම සඳහා යොදා ගන්නා ග්‍රයි­න්ඩ­රය පිරි­සිදු කිරී­මෙනි.

ග්‍රයි­න්ඩ­රය තුළට පොල්කුඩු දමා එහි ඇතු­ළත පවිත්‍ර කිරීම ඔහුගේ ප්‍රථම රාජ­කා­රි­යයි.

ග්‍රයි­න්ඩ­රය ක්‍රියා­ත්මක වෙත්දී ඒ තුළට අත දමා පොල්කුඩු වලින් ඇතු­ළත පිස දැමීම ඇස් පියා­ගෙන කර­න්නට තරම් ෆයි­සාල් පුරුදු කාර­යෙකි.

එයට හේතුව ඔහු වසර ගන­නා­වක් තිස්සේ එම කාර්යය කිරී­මෙන් ලත් අත්දැ­කීම් නිසාය. මෙදින ද ෆයි­සාල් ඒ කාර්යය ඒ අයු­රින්ම කර­ගෙන ගියේය.

එහෙත් සිදු වූයේ කිසි­සේත් අපේක්ෂා නොකල දෙයකි.

වෙනදා පරිප්පු කැබලි බවට පත් කර­මින් අඹරා දමන හිත්පිත් නැති මැෂිම මෙදින ෆයි­සාල්ගේ අතේ ඇඟිලි අඹරා දම­න්නට වුයේ සිදු­වන්නේ කුම­ක්දැයි ඔහු­ට­වත් සිතා ගන්නට ඉඩක් නොත­බ­මිනි. වම් අතේ ඇඟිලි සමඟ අල්ලේ කොට­සක් පරිප්පු අඹ­රන මැෂි­මට අසුව ඇඹරී යත්දී ෆයි­සාල්ට කළ හැකිව තිබුණු එකම දෙය වූයේ ග්‍රයි­න්ඩ­රයේ ප්ලග් එක ගලවා ඊට සැප­යෙන විදුලි සම්බ­න්ධ­තාව බිඳ දැමී­මය.

විදු­ලිය විසන්ධි වී ග්‍රයි­න්ඩ­රය ක්‍රියා විර­හිත වෙත්දී ෆයි­සාල්ගේ අතේ මැණික් කටු­වට පහ­ළින් කොටස සම්පූ­ර්ණ­යෙන්ම ග්‍රයි­න්ඩ­රය තුළ ඇඹරී ගොස් සිර­වීම නිසා ඔහු හා පවුලේ උද­විය කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැ­කිව අදෝනා තබ­න්නට විය. ඔවුන්ගේ හඬට ඒ උදෑ­සන අස­ල්වා­සීන් කිහිප දෙනෙ­කුම ෆයි­සාල්ගේ නිවෙ­සට ගොඩ වුයේ සිදුව ඇත්තේ කුමක්ද කියා බල­න්න­ටය.

සිදුව ඇති දේ දුටු කාගෙත් ඇස් උඩ ගියේය. වේද­නා­වෙන් පෙළෙන ෆයි­සාල්ට දිය හැකි විස­ඳුම ගැන ඔවුහු සිත­න්නට වූහ. ගත­වුයේ නිමේ­ශ­යකි. අස­ල්වා­සීන් කිහි­ප­දෙ­නෙකු එක්ව ඇඹ­රුම් යන්ත්‍රයේ අත සිරවී තිබූ කොටස ප්‍රධාන ඇඹ­රුම් යන්ත්‍ර යෙන් ගලවා ඉව­ත්කර දැමුහ.

ෆයි­සාල්ගේ පවුලේ උද­විය ෆයි­සාල්ව මහ­නු­වර රෝහ­ලට ගෙන ආහ.

හදිසි අන­තු­රට ලක් වූ ෆයි­සාල්ව මහ­නු­වර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­යට ඇතු­ළත් කළ ද විශේ­ෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා ෆයි­සාල්ගේ අතේ ඇඟිලි වලට බර­ප­තල ලෙස හානි සිදුව තිබෙන බව දැන තුවා­ල­කරු වහා එම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශ­යට මාරු කළේය.

එහිදි සැත්කම කිරී­මට සියල්ල සුදා­නම් වී තිබුණ ද වෛද්‍ය­ව­රුන් මුහුණ දුන් ප්‍රධා­නම අභි­යෝ­ගය වුයේ තුවා­ල­ක­රුගේ අත ග්‍රයි­න්ඩ­ර­යෙන් පිට­තට ගැනී­මය. මෙහිදි වෛද්‍ය­ව­රුන්ගේ පුර්ව නිග­ම­නය වුයේ මැෂිම තුළ ඇඟි­ලිද සමඟ ඇඹරී ගොස් තිබූ අත පිට­තට ගැනී­මට නම් මැෂිම කැබලි වලට කැපීම හැර වෙනත් වික­ල්ප­යක් නොවන බවය.

“ඇඹ­රුම් යන්ත්‍රය තුළින් අත එළි­යට ගැනීම තමයි අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය. මේ වගේ ඝන යකඩ කපන්න පුළු­වන් උප­ක­ර­ණ­යක් ශල්‍යා­ගා­රයේ නැහැ. මෙවැනි යකඩ කැපී­මට යොදා ගන්නා හයි­ඩ්‍රො­ලික් මැෂින් එකක් මහ­නු­වර ගිනි නිවීම් ඒක­කයේ තිබිය හැකි බව විශේ­ෂඥ වෛද්‍ය දුමින්ද හේරත් මහතා කළ දැනුම් දීම­කට අනුව අපි එතැ­නට කතා කළා.

ඔවුන් වහා ක්‍රියා­ත්මක වී නිල­ධා­රි­යෙකු සමඟ අදාළ උප­ක­ර­ණය රෝහ­ලට එව්වා. මුලින්ම රෝගියා සම්පූ­ර්ණ­යෙන්ම සිහි­නැති කළා. ඉන් පස්සේ තමයි අත සිරවී තිබුණු ග්‍රයි­න්ඩ­රය කෑලි වලට කැපීම සිදු කළේ.

මැෂින් එක කැපීම සඳහා පැයක පමණ කාල­යක් ගත වුණා.” අතක් ගලවා ගැනිමේ විශ්ම­කර්ම සැත්කම සිදු කිරී­මට ප්‍රධා­න­ත්වය ගත් ප්ලාස්ටික් සැත්කම් පිළි­බඳ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නා­යක මහතා පැව­සු­වේය.

විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නා­යක මහතා

ඇඹ­රුම් යන්ත්‍ර­යෙන් පිට­තට ගත් තුවා­ල­ක­රුගේ වම් අතේ මහ­පට ඇඟිල්ල හැර සෙසු සියලු ඇඟිලි වලට බර­ප­තල හානි සිදුව තිබිණි. මැද­ඟිල්ල හා වෙද­ඟිල්ල ස්ථාන හත­ර­කින් ද දබ­ර­ඟිල්ල හා සුලැ­ඟිල්ල ස්ථාන දෙක­කින් ද කැඩී බර­ප­තල ලෙස තැලී තිබීම නිසා ඒවා යළි යථා තත්ත්ව­යට පත් කිරීම වෛද්‍ය­ව­රුන් හමුවේ පැවැති විශා­ල­තම අභි­යෝ­ගය විය.

“තුවා­ල­ක­රුගේ වාස­නා­වට ඔහුගේ අතේ ලේ නහර වලට තද­බල හානි­යක් වෙලා තිබුණේ නැහැ. මුලින් අපි කළේ අත හොඳින් පිරි­සිදු කිරී­මයි. පසුව කම්බි වලින් ඇඟිලි වල බිඳී ගොස් තිබූ තැන් සකස් කළා.

කම්බි දාලා ඇඟිලි සම්බන්ධ කළාට පස්සේ රුධිර සැප­යුම සාමන්‍ය පරිදි සිදු­වී­මට පටන් ගැනීම නිසා අපට බය වෙන්න ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. ඇත්ත­ටම මේ සැත්කම සාර්ථක වීමට රෝගි­යාව රෝහ­ලට රැගෙන විත් තිබූ ආකා­ර­යත් බල­පෑවා. ගොඩක් අය කරන්නේ මේ වගේ යන්ත්‍ර­ය­කට අතක් අහු වුණාම ඒක ගල­වන්න උත්සහ කිරී­මයි. මැෂින් එක කැර­කෙන පැත්තට ප්‍රති­වි­රුද්ධ දිශා­වට ඒක කර­ක­වලා අත එළි­යට ගන්න හද­නවා.

එහෙම වුණාම අතේ ලේ නහර අනිත් පැත්තට කැර­කිලා ඒවාට හානි සිද්ධ වෙනවා.

එවැනි දෙයක් සිදු නොකර යන්ත්‍රය පිටින්ම තුවා­ල­ක­රුව මහ­නු­වර රෝහ­ලට ගෙනා නිසා ඔහුගේ අතේ ඇඟිලි ටික බේරා ගන්න පුළු­වන් වුණා. ලේ නහර වලට හානි වෙලා තිබුණා නම් මහ­නු­ව­රදී මේ සැත්කම කරන්න බැරි වෙනවා. ඒ වගේ වෙලා­වක අපිට සියුම් ශල්‍ය කර්ම සිදු කිරී­මට යොදා ගන්නා අන්වික්ෂ පද්ධ­ති­යක් (Operating microscope) අව­ශ්‍යය වෙනවා.

එවැනි පහ­සු­කම් අප සතුව නොමැති නිසා රෝගියා එවැනි පහ­සු­කම් ඇති ස්ථාන­ය­කට යොමු කළ යුතුයි. මෙවැනි උප­ක­රණ මහ­නු­වර රෝහ­ලට ලබා ගැනී­මට අධ්‍ය­ක්ෂ­ව­රයා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙ­නවා.” විශේ­ෂඥ වෛද්‍ය රත්නා­යක මහතා පව­සන්නේ වෛද්‍ය කණ්ඩා­යම විසින් කරන ලද සැත්කමේ සාර්ථක බව හා ඊට මඟ සැල­සුන ආකා­ර­යයි.

ප්ලාස්ටික් සැත්කම් පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය අමිල සසංක රත්නා­යක මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් සිදු­කළ මෙම සැත්කම සඳහා ගත වූ කාලය පැය හය (06) කි.

සැත්කම සිදු කිරීමේ දී තුවා­ල­ක­රුගේ ඇඟිලි වලට මැහුම් 300 ක් පමණ දැමී­මට වෛද්‍ය­ව­රුන්ට සිදුව තිබිණි. මේ සඳහා නිර්වින්ද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සමඟ පවිත්‍ර නව­රත්න, සුරං­ජිත් අබේ­රත්න, රෝහිත ගුණ­ර­තන යන වෛද්‍ය­ව­රුද හෙද සහ සෙසු කාර්ය මණ්ඩල සේව­ක­යින්ද ලබා දී තිබුණේ මහඟු දාය­ක­ත්ව­යකි.

අන­තු­ර­කින් ශරීර අව­ය­කට බර­ප­තල හානි සිදු වුව හොත් පැය හයක් යන්නට මත්තෙන් ඒ සඳහා ප්‍රති­කාර ආරම්භ කළ යුතු බවත් මේ නිසා රෝගීයා පුළු­වන් තරම් ඉක්ම­නින් පහ­සු­කම් සහිත රෝහ­ලක් වෙත ගෙන ඒම අති­ශ­යින් වැද­ගත් විශේ­ෂඥ වෛද්‍ය රත්නා­යක මහතා පැව­සීය.

ශරීර කොට­සක් වෙන්ව ගිය අව­ස්ථා­වක ඒ වෙන්වූ කොටස ආර­ක්ෂි­තව පොලි­තීන් බෑග් එකක දමා අයිස් බහා­ලු­මක් තුළ ගෙන ඒම මගින් වෙන්වූ අව­යව කොටස යළි බද්ධ කිරී­මට වැඩි අව­ස්ථා­වක් ලැබෙන බවද ඒ මහතා පව­සයි.

මහ­නු­වර ශික්ෂණ රෝහලේ අති නවීන පහ­සු­කම් සමඟ අති දක්ෂ වෛද්‍ය කණ්ඩා­ය­මක් හා අත්දැ­කීම් හා නිසි පුහු­ණුව ඇති හෙද නිල­ධා­රීන්ද සිටින බවත් ඔවුන්ගේ කැප­වීම මත මෙම සත්කම මගින් අදාළ පුද්ග­ල­යාගේ අන­තු­රට පත් අතේ ඇඟිලි සියල්ල බේරා ගැනී­මට හැකිවූ බවත් රෝහල් අධ්‍ය­ෂක වෛද්‍ය සමන් රත්නා­යක මහතා පැව­සු­වේය.

කෙසේ වෙතත් තම­න්ගේම නොසැ­ල­කිල්ල නිසා නිමේ­ශ­යක දී ඇඹ­රුම් යන්ත්‍ර­යට හසු වී නැත්ත­ටම නැති වී යන්නට තිබූ මිනිස් අතට ජීවය දීමට මහ­නු­වර මහ රෝහලේ වෛද්‍ය­ව­රුන්ගේ දක්ෂ­තාව ඇග­යිය යුතු­මය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *