ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

• ජනපති රූපවාහිනිය පවරා ගැනීම ඇතුලේ ප්‍රශ්නයක්ද ඡන්ද උපායක්ද ?

• බදු ගෙවීම අන්තර්ජාලයෙන්

• වර්ජන රැසකින් රාජ්‍ය සේවය අඩපණ වෙයි – ගමන් බලපත් සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් බාධා

• අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ පොලීසියේම ගිනි අවියකින්

• මෝටර් රථයක ගැටී මී ගවයන් සිව් දෙනෙකු මරුට

• ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්. 15 සිට මැතිවරණ කොමිසමට

• සජිත් රට රැකීමට පෙර සිය ආසනයේ පන්සල්වල පඬුරු පෙට්ටි ආරක්ෂා කර ගත යුතුයි – පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

• බාර් ලයිසන් මෙහෙයුම මෙන්න

• නව සිංහල රාවය සුරාබදු දෙපාර්තමේන්තුවට යයි

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට

(09.09.2019 – 21:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කළා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙතෙක් පැවතියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය දරන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රුවන් විජේවර්ධන මහතා යටතේයි.

අද නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට අනුව එය ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට එකතු වනවා.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් කැබිනට් ඇමති ධුරයක් මීට පෙර පැවති අතර මංගල සමරවීර මහතා විසින් එම ධුරය හොඹවනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් මීට පෙර නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මංගල සමරවීර මහතාගෙන් ජනමාධ්‍ය විෂය ඉවත් කෙරුණු අතර, රුවන් විජේවර්ධන මහතා එම විෂය සදහා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරුණා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

ජනපති රූපවාහිනිය පවරා ගැනීම ඇතුලේ ප්‍රශ්නයක්ද ඡන්ද උපායක්ද ?

(10.09.2019 – gossiplankanews.com)

ඊයේ (10) රාත්‍රී ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් අංක 21/2140/02 දරන ගැසට් නිවේදනය මගින් ජාතික රූපවාහිනී සංස්ථාව ජනපතිට අයත් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබේ. එජාප ඇමති රුවන් විජේවර්ධන සතු බලය ඒ අනුව එම සංස්ථාවෙන් ගිළිහී ඇත. මේ ආකාරයට පසුගිය ඔක්තෝබර් මාසයේ දේශපාලන විප්ලවය අතරවාරයේද ජනපතිවරයා රූපවාහිනී බලය අතට ගත් අතර මෙම ක්‍රියාවෙන් අපේක්ෂා කළේ තමන්ට පක්ෂපාත ප්‍රවෘත්ති රජයේ මාධ්‍ය හරහා පළ කිරීමටය.

කෙසේ වෙතත් ඊයේ ජාතික රූපවාහිනිය අභ්‍යන්තරයේ සිදුවූ පළහිලව්වක ප්‍රතිඵලයක් ලෙස මෙම පවරාගැනීම සිදු කර ඇති බවටද ඇඟවීමක් ඇතැම් මාධ්‍ය ඔස්සේ පළව තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය ලෙස විවිධ බාධක මැද ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කටයුතු කරමින් සිටියදී ජනමාධ්‍ය ඇමැතිවරයා අවස්ථා දෙකකදී ඇය ඉවත් කරන්නට දැරූ උත්සාහයන් අසාර්ථකවීම මත මෙම පළහිලව්ව මතු විය.

නව රූපවාහිනී සභාපති ලෙස කැලුම් පාලිත මහීරත්න පත් කිරීම මීට ආසන්නතම හේතුව ලෙස වාර්තා කර ඇත.

සංස්ථාවේ සභාපතිනියට ඉවත්වෙන්න දන්වා සිටියත් ඇය ඉවත් නොවූ තැන මීට මාස කිහිපයකට පෙර ඇය තනතුරේ සිටියදී ජනමාධ්‍ය ඇමැතිවරයා විසින් සංජීව විජේගුණවර්ධන සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කළත්, ඔහුට රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූයේ දිගටම ඉනෝකා තනතුරේ සිටි නිසාය.

තනතුරු මාරුව ව්‍යවර්ථවී යාමෙන් පසු ජනමාධ්‍ය ඇමැතිවරයා නව සභාපතිවරයා ලෙස කැලුම් පාලිත මහීරත්න පසුගිය පස්වැනිදා පත් කර තිබුණි. නව සභාපතිවරයා රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (9 වැනිදා) රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට පැමිණියද ඊට ඇතුළු වීමට නොහැකි විය. ඉන්පසු නව සභාපතිවරයා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාමරයකට වී සිටියත් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලැබී නැති අතර පසුව නව සභාපතිවරයා ගෙදර ගියේය.

රාත්‍රී වාර්තාවූයේ ජනපතිවරයා රූපවාහිනිය පවරා ගත් බවයි. ඒ අනුව අද හෙටම තවත් සභාපතිවරයෙකු ඒ සඳහා අනුයුක්ත කරනු ඇත.

මෙම සිදුවීම හුදෙක්ම අභ්‍යන්තර ප්‍රශ්නයට විසඳුමක් නොව දේශපාලන උපායක් බවටද අදහස් පළව ඇත.

අද (10) සිට ඕනෑම වේලාවක ජනපතිවරණය කැඳවීමට මැතිවරණ කොමිසමට බලය පැවරී ඇති පසුබිමක දේශපාලන ප්‍රචාරණය පිණිස රජයේ මාධ්‍ය තමන් සතු කරගැනීමේ වාසිය ජනපති මෛත්‍රිපාල සිරිසේන ක්‍රියාවට නැංවීමක් ලෙස මෙය හඳුන්වා ඇත. යම් හෙයකින් මැතිවරණයක් කැඳවන්නේ නම් රජයේ ආයතන මේ ආකාරයට වෙනස්කම් වලට ලක්කිරීමට, තනතුරු වලට පත්කිරීමට ජනපතිට අවස්ථාව අහිමිව යන නිසා කල්ඇතිව සිදු කළ උපාය මාර්ගයක් වියහැක ෴

***************************************

බදු ගෙවීම අන්තර්ජාලයෙන්

(06.09.2019 – 12:27 +0530 – hirunews.lk/sinhala)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අන්තර්ජාලය ඔස්සේ බදු ගෙවීම සඳහා හඳුන්වාදී ඇති නව ක්‍රමවේදය හරහා ආදායම් බදු ගෙවන සංඛ්‍යාව ලක්ෂ 2 කින් ඉහළ ගොස් තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම ක්‍රමවේදය හරහා කාර්යාල වෙත පැමිණ බදු ගෙවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවයි.

දැනට ආදායම් බදු ඇතුළු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අය කර ගනු ලබන බදු මෙන්ම වාර්තා භාරදීම ද මෙම ක්‍රමවේදය හරහා සිදුකළ හැකියි ෴

***************************************

වර්ජන රැසකින් රාජ්‍ය සේවය අඩපණ වෙයි – ගමන් බලපත් සහ හැඳුනුම්පත් නිකුත් කිරීමටත් බාධා

(10.09.2019 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සහ විශ්ව විද්‍යාල අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩලය දියත් කර ඇති වර්ජන හේතුවෙන් රාජ්‍ය ආයතනවල කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා.

වැටුප් විෂමතා මුල් කරගනිමින් අද සිට දෙදින වර්ජනයක නිරත වන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ආගමන විගමන, විශ්‍රාම වැටුප්, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා හැඳුනුම්පත් නිකුත් කිරීම මෙන්ම ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද බාධා එල්ල වී තිබෙනවා. සිය ඉල්ලීම් සතියක් තුළ විසඳුමක් නොලැබුනහොත් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, 2016 අය – වැය ලේඛනයට අනුව පැන නැගී ඇති වැටුප් විෂමතා ගැටලූවක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාලවල අනධ්‍යන හා පරිපාල කාර්ය මණ්ඩලය ද අද අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.

වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව සිදුකරන මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයනය කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

එමෙන්ම, ඉල්ලීම් 10 මුල්කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය ද අද දිවයින පුරා සියලු රෝහල් වල පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක සංකේත වර්ජනයක නිරත වුණා.

මේ අතර, පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට දී විරෝධතා බැනරයකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා ෴

***************************************

අකුරැස්සේ දී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ පොලීසියේම ගිනි අවියකින්

(10.09.2019 – 12:40 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තැබූ ටී-56 වර්ගයේ ගිනි අවිය පසුගිය දා පානදුර – උතුර පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද ගිනි අවි දෙකෙන් එකක් බවට හෙළි වී තිබෙනවා.

අංක තහඩු නොමැතිව ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ලුහුබැඳ ගිය අකුරැස්ස පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ඉකුත් 5 වන දා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගැනුණා.

ඉන් දෙදෙනෙකු දැනට යුද හමුදාවේ සේවය කරන සෙබලුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ සැකකරුවන් ගමන් ගත් යතුරුපැදිය ද සොයාගෙන ඇති අතර, එහි ගමන් ගත් තුන්දෙනාගෙන් එක් අයෙකු දැනට පානදුර යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව සඳහන්.

මොවුන් අකුරැස්ස – පෝරුතොට ප්‍රදේශයේ සූදු පොළක් කොල්ල කෑමට යමින් සිටියදී මෙලෙස පොලීසියට වෙඩි තබා ඇති බවටයි හෙළි වී ඇත්තේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සඟවා තිබූ ටී-56 වර්ගයේ අවි දෙකක්, මැගසින් දෙකක් සහ සජීවි පතොරොම් කිහිපයක් ද සොයා ගැනුණා. පසුව කළ විමර්ශනවලදී හෙළි වුණේ අදාළ ගිනි අවි මීට පෙර පානදුර උතුර පොලීසියෙන් අස්ථාන ගත වූ ගිනි අවි බවයි.

ඒ අනුව ඒවා සොරකම් කළ හමුදා සෙබලා අකුරැස්ස පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අලුයම පානදුර – නල්ලරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ද පානදුර යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බවටයි හෙළි වී ඇත්තේ.

මොහු පසුගිය ජුලි මස 6 වන දා පානදුර – උතුර පොලිස් ස්ථානය ඉදිරිපිට නතර කර තිබූ පොලිස් ජීප් රථයේ තිබී අදාළ ගිනි අවි සොරාගෙන පසුව ඒවා අසළ තිබූ කාණුවක සඟවා තබා තිබෙනවා.

ඉන් අනතුරුවයි ඒවා සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පුද්ගලයින්ට අලෙවි කර ඇත්තේ.

මෙම ගිනි අවි අස්ථානගත වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා.

එමෙන්ම, සිද්ධියට අදාළව මීට පෙර පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණේ ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්වයි.

මේ අතර, ගාල්ල – තලාපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ සිටි පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අද අලුයම ගෙළ සිරකර තියුණු ආයුධවලින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු වන 65 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර නිවසේ සවි කර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය ද ඔහු විසින් වෙනස් කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා ෴

***************************************

මෝටර් රථයක ගැටී මී ගවයන් සිව් දෙනෙකු මරුට

(10.09.2019 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට – මල්පෙත්තාව විද්‍යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා ගමන් ගත් මී ගවයන් සිව් දෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් තිබෙනවා.

අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් මෝටර් රථය තුළ ගමන් ගත් 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් ද සුළු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරෙන් මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

රාත්‍රී කාලයේ ගවයන් මහා මාර්ගයේ ගමන් ගැනීම හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවන බව සඳහන්.

***************************************

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්. 15 සිට මැතිවරණ කොමිසමට

09-09-2019

+++++++++++++++++++++

09-09-2019

***************************************

සජිත් රට රැකීමට පෙර සිය ආසනයේ පන්සල්වල පඬුරු පෙට්ටි ආරක්ෂා කර ගත යුතුයි – පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

(09.09.2019 – 20:19 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රට රැකීමට පෙර සිය ආසනයේ පන්සල්වල පඬුරු පෙට්ටි ආරක්ෂා කර ගත යුතු බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ කොළඹ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

2019 සැප්තැම්බර් 09 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා :

+++++++++++++++++++++++++++++++++++

නව සිංහල රාවය සුරාබදු දෙපාර්තමේන්තුවට යයි

(10.09.2019 – 21:43 +0530 – hirunews.lk/sinhala)

නව සිංහළ රාවය සංවිධානය අද සුරාබදු දෙපාර්මේන්තුවට පැමිණියා.

ඒ නිතීවිරෝධී මත්පැන් පානය කර බාදුරාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් මියයෑමේ සිද්ධිය පිළිබඳව වහාම පියවරක් ගන්නා ලෙස දැනුවත් කිරීම සඳහායි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *