මිත්තනියගේ සිරුර ළිඳකින් හමුවෙද්දී පුතා, ලේලි සහ මුණුබුරා අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මිත්තනියගේ සිරුර ළිඳකින් හමුවෙද්දී පුතා, ලේලි සහ මුණුබුරා අත්අඩංගුවට (විඩියෝ)

• මියගිය කතගේ සිරුර වගා ළිඳෙන් ගොඩගනී

• කන්ජිපානිගේ පියා ඇතුළු 6 දෙනා එළඹෙන 25 වනදා දක්වා රිමාන්ඩ්

• නුසුදුසු තත්ත්වයේ වාහනවලින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ රියදුරන්ට තහනම් නියෝග

• කිරි පිටි ආනයනය තාවකාලිකව නවතී

• බිනර පුර පසළොස්වක පොහොය දිනය අද (13) යි

• එජාප අපේක්ෂකයා ගැන ඉඟියක් (විඩියෝ)

• මීගමුවේ වාහන මංකොල්ලය

• අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ් (විඩියෝ)

• මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මිත්තනියගේ සිරුර ළිඳකින් හමුවෙද්දී පුතා, ලේලි සහ මුණුබුරා අත්අඩංගුවට (විඩියෝ)

(13.09.2019 – 12:23 +0530 – sinhala.adaderana.lk)

හැටන්, වටවල පොලිස් වසමට අයත් රොසැල්ල පිටවින් ඉහළ කොටසේ පදිංචිව සිට නිවසේදි මිය ගියේ යැයි කියන 81 හැවිරිදි වල්ලිඅම්මා රගෙයි නැමති එක් දරු මවගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසට පිටුපස වගා ළිඳක දමා තිබියදි හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා ඉදිරියේ අද (13) ගොඩ ගනු ලැබුවේය.

ඉකුත් 9 දින එම එක් දරු මව නිවසේදි මිය ගිය බව පවසමින් ඇගේ පුතා විසින් මවගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරීමට ආර්ථික පහසුකම් නොමැති බව පවසා සිරුර කැළයකට ගොස් දමන බව පවසමින් ඔහු විසින් සිරුර රැගෙන ගිය බවට ලේලිය විසින් වටවල පොලීසියට ප්‍රකාශයක් ලබා දි තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මේ පිළිබඳව පරික්ෂණ පැවැත් වු වටවල පොලීසියේ නිලධාරින් ඊයේ (12) දින මිය ගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේදී බාල මුණුබුරා විසින් පොලීසිය හමුවේ පවසා ඇත්තේ තම මිත්තණියට පියා, මව සහ අයියා විසින් පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත්, ඉන් අනතුරුව අච්චිගේ දැස් වලින් සහ මුහුණෙන් ලේ ගැලීමෙන් අනතුරුව ආච්චිව උරයක දමාගෙන පියා රැගෙන ගිය බවයි.

බාල මුණුබුරාගේ ප්‍රකාශය අනුව වටවල පොලීසිය විසින් ලේලිව මුලින්ම සැකපිට අත්අඩංගුවට ගෙන ඇය සමඟ කොළඹ ප්‍රදේශයට ගොස් සැගව සිටි සැමියා සහ වැඩිමහල් පුතාව ඊයේ දහවල් (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරිමේදි තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ලිදකට දමා වසා දැමු බව පවසා ඇත.

ඉන් අනතුරුව සැකකරුවන් එම ස්ථානයට රැගෙන විත් හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය කලන ලොකුහේවගේ මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙය ඝානයක්ද නැතහොත් ස්භාවික මරණයක්ද යන්න පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු තහවුරු කර ගත හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පො‍ලීසිය පැවසුවේය.

මවගේ සිරුර රෙදි කැබිලිවල ඔතා උරයක බහා වගා ළිඳට දමා සිරුරට උඩින් සිරුර ගොඩ නොයෙන ලෙස විශාල ගල් කිහිපයක්ද සැකකරුවන් විසින් වගා ලිද මත දමා තිබු බව වටවල පොලීසිය පැවසුවය.

සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව සිරුර ගොඩගන්නා අවස්තාව නැරඹිමට පැමිණි එම වතුයායේ වතු කම්කරුවන් විසින් පොලිස් භාරයේ සිටි මිය ගිය කාන්තාවගේ සැකකරා පුතාට සහ මුණුබුරාට පොලු මුගුරුවලින් පහර දීමටද උත්සහ කළේය.

එම අවස්තාවේ පොලිස් නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් එම ස්ථානයෙන් පොලීසිය වෙත රැගෙන යනු ලැබුවේය.

+++++++++++++++++++++

මියගිය කතගේ සිරුර වගා ළිඳෙන් ගොඩගනී

(13.09.2019 – 12:46 +0530 – lankadeepa.lk)

හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල පිටවින් ඉහළ කොටසේ පදිංචිව සිට මිය ගොස් සිටි කාන්තාවකගේ සිරුර නිවස පිටුපස වගා ළිඳක දමා තිබියදී හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා ඉදිරියේ අද (13) ගොඩ ගනු ලැබිණි.

මෙලෙස මිය ගොස් තිබුණේ 81 හැවිරිදි වල්ලිඅම්මා රගෙයි නැමති එක් දරු මවකි.

ඉකුත් 9 දින එම එක් දරු මව නිවසේදි මිය ගිය බව පවසමින් ඇගේ පුතා විසින් මවගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසා සිරුර කැළයකට ගොස් දමන බව පවසමින් ඔහු විසින් සිරුර රැගෙන ගිය බවට ලේලිය විසින් වටවල පොලිසියට ප්‍රකාශයක් දී තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වටවල පොලිසියේ නිලධාරීන් ඊයේ (12) මියගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමේදී මෙසේ සඳහන් කර තිබිණි.

තම මිත්තණියට පියා, මව සහ අයියා විසින් පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත් පසුව ආච්චිගේ දෑස්වලින් සහ මුහුණෙන් ලේ ගැලීමෙන් පසුව ආච්චිව උරයක දමාගෙන ආච්චිව පියා රැගෙන ගිය බවයි.

බාල මුණුබුරාගේ ප්‍රකාශය අනුව වටවල පොලිසිය විසින් ලේලිව මුලින්ම සැකපිට අත්අඩංගුවට ගෙන ඇය සමග කොළඹ ප්‍රදේශයට ගොස් සැගව සිටි සැමියා සහ වැඩිමහල් පුතාව ඊයේ දහවල් (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදි තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ළිඳකට දමා වසා දැමු බව පවසා ඇත.

පසුව සැකකරුවන් එම ස්ථානයට රැගෙන විත් හැටන් වැඩබලන මහෙස්ත්‍රාත් සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කලන ලොකුහේවගේ මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහෙස්ත්‍රාත් නියෝගය මත දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙය ඝාතනයක් ද නැතහොත් ස්වාභාවික මරණයක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු තහවුරු කර ගත හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය පවසයි.

මවගේ සිරුර රෙදි කැබිලිවල ඔතා උරයක බහා වගා ළිඳට දමා සිරුරට උඩින් සිරුර ගොඩ නොයෙන ලෙස විශාල ගල් කිහිපයක් ද සැකකරුවන් විසින් වගා ළිඳ මත දමා තිබු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය විය ෴

***************************************

කන්ජිපානිගේ පියා ඇතුළු 6 දෙනා එළඹෙන 25 වනදා දක්වා රිමාන්ඩ්

(13.09.2019 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ ගැනීමේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේට යෙදුණු සිරකරු දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් මුණ ගැසීමට අවස්ථාව ලබාදී තිබූ අතර, ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා සහ ඥාතීන් 04 දෙනෙකු එහි පැමිණ තිබුණා.

ඔවුන් කංජිපානි ඉම්රාන්ට රැගෙන ආ ආහාර බඳුනේ රහස් කූටීරයක මෙම දුරකතන සහ චාජර් සඟවා තිබූ බව සඳහන්.

මේ අතර, අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තැබීම සහ පානදුර – උතුර පොලිස් ස්ථානයේ ටී – 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොරකම් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරුවන් ඊයේ (12) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි ෴

***************************************

නුසුදුසු තත්ත්වයේ වාහනවලින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ රියදුරන්ට තහනම් නියෝග

(13.09.2019 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ගතවූ මාස දෙකක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී අබලන් තත්ත්වයේ වාහන යොදා ගනිමින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ වෑන් රථ 110 ක රියදුරන්ට තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ අබලන් තත්ත්වයේ පවතින වාහන යළි සකස් කර දින 10 ක් ඇතුළත නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවයි ෴

***************************************

කිරි පිටි ආනයනය තාවකාලිකව නවතී

(13.09.2019 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මිල සූත්‍රයට අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට මිල වැඩි නොකිරීම හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමට කිරිපිටි සමාගම් තීරණය කර තිබෙනවා.

මාස 03 කට වරක් සිදුවන මිල සංශෝධනයට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල මෙවර රුපියල් 50 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය සැලසුම් කර තිබූ බවයි කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එහෙත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඊට නොලැබීම නිසා මිල වැඩිවීමක් සිදුනොවූ අතර, ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගොස් ඇති නිසා කිරිපිටි අලෙවියේදී අලාභයක් දැරීමට සිදුව ඇති බව එම නිලධාරීයා කියා සිටියා.

මේ හේතුවෙන් කිරිපිටි ආනයනය තාවකාලිකව අත්හිටුවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ ෴

***************************************

බිනර පුර පසළොස්වක පොහොය දිනය අද (13) යි

(13.09.2019 – 07:10 +0530 – hirunews.lk/sinhala)

බිනර පුර පසළොස්වක පොහොය දිනය අද (13) ට යෙදී තිබෙනවා.

එය ලෝවැසි බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ භික්ෂුණී ශාසනයේ ආරම්භය අදවන් දිනක සිදුවීම හේතුවෙන්.

බුදු පියාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම පරිදි ආනන්ද තෙරණුවන්ගේ මැදිහත්වීමෙන් මෙහෙණි සසුන ආරම්භ කිරීමට අවසර ලබාදෙන්නේ ගරු ධර්ම අටක් පිළිපැදීමේ පොරොන්දුව මතයි.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ හමුවී බුදුන්, දහම් සරණ ගියේ ද අද වැනි බිනර පුන් පොහෝ දිනක වීම විශේෂත්වයක්.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදුවීම නිසා ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වනවා ෴

***************************************

එජාප අපේක්ෂකයා ගැන ඉඟියක්

(12.09.2019 – 21:50 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට එකඟවිය හැකි අපේක්ෂකයෙකු ලෙස එම පාර්ශ්වයෙන් කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව අනාවරණය කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර කොළඹ අද පැවති උත්සවයකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

***************************************

මීගමුවේ වාහන මංකොල්ලය

(13.09.2019 – 16:36 +0530 – sinhala.adaderana.lk)

රියදුරුට පහර දී මරණ තර්ජනය කර රුපියල් කෝටියකට ආසන්න කැබ් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු මීගමුව පොලිසිය විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (12) අළුයම 03:30 ට පමණ මීගමුව ගල්කන්ද ප්‍රදේශයේදී මේ වාහනය පැහැර ගෙන ගොස් ඇති අතර රියදුරුට පහර දී මරණ තර්ජනය කර තිබිණි.

පසුව රියදුරු මීගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් මත කරන ලද විමර්ශනවලදී මහනුවර පන්විල ප්‍රදේශයෙදී කැබ් රථය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.එම්.එස්.ජයනාත් මහතා ඇතුළු කණ්ඩායමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිට පෙර වාහන මංකොල්ල කෑම්වලට සම්බන්ධ වුවෙක්ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන සිදු කරයි.

කැබ් රථය පොලිස් අත්අඩංගුවට පත් වන අවස්ථාවේ අංක තහඩු ගලවා තිබී ඇති අතර වාහනයේ අලවා තිබු ස්ටිකර් ද ගලවා තිබී ඇත.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

(11.09.2019 – colombotoday.com)

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ධ පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතුමා හයිෆාම් මහත්මියගේ මවට සහ ස්වාමියාට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස තර්ජනය කර බලපෑම් කල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මංත්‍රී මොහොමඩ් ඉමිතියාස් නොහොත් ඉමිතියාස් හාජ්ජියාර් නැමැත්තා සැප්තැම්බර් 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (11) නියෝග කරන ලදි.

සැකකාර මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර සිටි අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඇප ඉල්ලීමට විරුද්ධ වෙමින් 2015 අංක 4 දරන සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දෙන ලදි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කටයුතු කල යුතු බවත් විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් ඉල්ලා සිටියා.

තර්ජනය කිරීම

පසුගිය ජූලි මස 1 වනදා පැමිණිලිකාරිය වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියගේ මව රාජකාරි කටයුත්තක් සඳහා ග්‍රාම නිලධාරිවරයා මුණ ගැසීම සඳහා ගිය අවස්ථාවේදී මෙලෙස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන මොහමඩ් ඉමිතියාස් නැමැත්තා තර්ජනය කළ බවට සහ ඊට දින කිහිපයකට පසු ජූලි 3 වන දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැමිණිලිකාරියගේ නිවසට පැමිණි අවස්ථාවේදී යලිත් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයාට පහර දීමට උත්සහ කළ බවට ජුලි 4 වනදා අධිකරණයට කරුණු වාර්තා විය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් නැමැත්තා මෙම සිද්ධියට අදාළව කණ්ඩායමක් මෙහෙයවා ඇති බව අධිකරණයට හැගී යන බවත් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කර සිටියා.

බණ්ඩාරගම පොලිසිය අධිකරණ නියෝග පැහැර හරිමින් පක්ෂග්‍රහිව කටයුතු කිරීම

මෙම නඩුව යලි ජූලි 12 වනදා කැඳවනු ලැබූ අතර, මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලද, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කළ බව අධිකරණයට දැන්වීය. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියෙන් ප්‍රශ්න කර සිටියේ “අධිකරණය එවැනි නියෝගයක් දුන්නාද ?” යන්නයි. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දීමට නොහැකි වූ අතර මහේස්ත්‍රාත්වරයා යලි ප්‍රශ්ණ කර සිටියේ අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකු පිළිබඳවම ක්‍රියා කරනු ලබන්නේ මේ ආකාරයෙන්ද යන්නයි. මෙම පනතින් අත්අඩංගුවට ගැනීම සඳහා තමාට අත්දැකීම් නොමැති බැවින් නීතිපති උපදෙස් ඉල්ලා සිටි බව පොලිස් ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කරන ලදි.

නඩු විශාල ප්‍රමාණයක් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බවත් බොහෝ නඩු වසර ගණනාවක් ගතවුවද තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බවත් නමුත් සමහර නඩු සඳහා ඉතා ඉක්මනින් නීතිපති උපදෙස් ලබා දෙන බවත් ඒ පිළිබඳව මුළු පානදුරම දන්නා බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කරන ලදි. කෙසේ වෙතත් මෙම නඩුව සඳහා නීතිපති උපදෙස් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කරණ ලදි.

බණ්ඩාරගම පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරණ ආකාරය පිළිබඳව ගැටලුකාරී බැවින් මෙම නඩුවේ පරීක්ෂණ වහාම මිරිහාන විශේෂ විමර්ෂණ ඒකකයට මාරු කරණ ලෙසත් මෙම නඩුවට අදාළ ලිපිගොනු මිරිහාන පොලීසිය වෙත යවන ලෙසත් නියෝග කරණ ලදි.

නීතියට වංගු ගසා සැකකරු වෙනුවෙන් පෙනී සිටි බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති

එම නඩුවෙන් පසුව අගතියට පත් පාර්ශවයට තර්ජනය කිරීම හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ජුලි 4 වනදා නියෝග කරණ ලද එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් නැමැත්තා “සාපරාදී බියගැන්වීම” යන චෝදනාව යටතේ වෙනම නඩුවක් ලෙස බණ්ඩාරගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරණ ලදි.

පොලීසිය කුමන චෝදනා යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කලද, අධිකරණයට පැවරී ඇති බලතල අනුව සැකකරු වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරණ ලදි. ඔහුට ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැවැත්වුවහොත් එය අධිකරණයට සිදුකළ අපහාසයක් සේ සලකන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කරන ලදි.

ඒ අනුව පසුගිය ජූලි 12 වනදා සිට සැකකාර ප්‍රාදේශීය සභා මංත්‍රී මොහොමඩ් ඉමිතියාස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරබේ යන මහත්වරුන් පෙනී සිටින ලද අතර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා සමග නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින ලදි.

***************************************

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

(11.09.2019 – colombotoday.com)

බෞද්ධාලෝක මාවතේ ඇති පල්ලියක පාලනය සඳහා වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වකූබ් සභාව විසින් පත්කර ඇති බව එම පල්ලි භාරකාර මණ්ඩලයේ ලේකම් ලෙස හඳුන්වන ෆවාස් මොහොමඩ් නමැති පුද්ගලයෙකු හෙළිකර සිටිනවා.

මෙම ප්‍රදේශයේ විහාරස්ථාන රාශියක් සහ ප්‍රභූවරු සිටින ප්‍රදේශයක් බැවින් තමන් නොදන්නා පුද්ගලයින් පල්ලි පාලනයට පත් කිරීමට වකූබ් සභාව ක්‍රියා කිරීම තරයේ හෙලා දකින බව පවසන ෆවාස් දේශපාලකයන්ගේ උවමනාව මත මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති වකූබ් සභාවේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කර සිටියි…

වැඩිදුරටත් අදහස් දැක්වූ ෆවාස් මොහොමඩ් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *