වර්ජය අවසන් වන තෙක් SPCයෙන් බෙහෙත් නොමිලේ

(01.11.2017 – 13:05 +0530 – sinhala.adaderana.lk)

රජයේ ඖෂධවේදීන් සංගමය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසු සැල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දිනයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම වර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතා මගහැරවිමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගන්නා බව අමාත්‍යංශය සදහන් කළේය.

රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසැල්වලට ඉදිරිපත් කිරිමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබා ගැනිමේ හැකියාව පවතී ෴

***********************************

මාදම්පේ සුරාබදු ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව හෙරොයින්, ගංජා යන මත්ද්‍රව්‍ය සමඟ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍යයක් සොයා ගැනීමට හැකි වු බව අද දෙරණ වාර්තාකරු පවසයි
(01.11.2017 – sinhala.adaderana.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *