පළාත් පාලන ඡන්දය ජනවාරි 20-31 දිනයක දී – මැකෝ කියයි

(01.11.2017 – 20:12 +0530 – sinhala.adaderana.lk)

පළාත් පාලන ආයතන ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

අද දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කළ බවත් ඒ අනුව ඡන්ද විමසීමට පැවති බාධා ඉවත් වී ඇති බැවින් මෙම තීරණයට එළඹි බව නිවේදනයක් නිකුත් කරමින් මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 26 වන වගන්තිය යටතේ තේරීම්භාර නිලධාන් විසින් නිකුත් කළ යුතු නාමයෝජනා කාල සීමාව පිළිබද දැන්වීම හෙවත් නාමයෝජනා කැදවීමේ දැන්වීම 2017 නොවැම්බර් 27 ආරම්භ වන සතිය තුළ නිකුත් කිරීමට උපදෙස් ලබා දී තිබේ.

එම නිශ්චිත දිනය පසුව නිවේදය කරන බව ද අදාළ නිවේදනයේ සදහන් වෙයි.

ඒ අනුව නාමයෝජනා කාල සීමාව එම දැන්වීම නිකුත් කරන දිනයට පසුව එළඹෙන 14 වන දිනයෙන් ආරම්භ වී 17 වන දින මධ්‍යයන 12 ට අවසන් වීමට නියමිතයි.

නාම යෝජනා කාලසීමාව දින 3 හමාරක් වන අතර එය 2017.12.11 සිට 2017.12.20 අතර දිනයක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

මෙම නාමයෝජනා පිළිබද දැන්වීම් පළ කරන දිනය, නාම යෝජනා කාල සීමාව හා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නිශ්චිත වශයෙන් ඉදිරි දිනවලදි මැතිවරණ කොමිසම විසින් තීරණය කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *