රණවිරුවන් දස වන දිනටත් මහමඟ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රණවිරුවන් දස වන දිනටත් මහමඟ (විඩියෝ)

• ඥානසාර හිමි සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් හමුවට (විඩියෝ)

• නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේදී CCTV කැමරාවේ සටහන් වු අනතුර (විඩියෝ)

• ඌරුබොක්කේ පුද්ගල පැහැර ගැනීමට සැක තිදෙනෙක් අත්අඩංගුවට

• බදියුදීන් තුර්කි ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්වා ආරක්ෂා කරනවා – එස්.බී.දිසානායක (විඩියෝ)

• කතාබහට ලක්වූ ඇලිට් සමාගම ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක් (විඩියෝ)

• රුපියල් ලක්ෂ 15 ක ව්‍යාපෘතියක් විවෘත කිරීමේ සමරු පුවරුවට ලක්ෂ 7 ක් වැය කරලා

• චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක (සේයාරූ)

• දැන් ජනාධිපතිවරණයටත් අත තියන්න හදනවා. ඒ තුරුම්පුව නම් අදින්න ලෑස්තිවෙන්න එපා! (විඩියෝ)

• නෙළුම් කුළුණ ගැන ජනපති කිව්ව බොරු තුන මෙන්න (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රණවිරුවන් දස වන දිනටත් මහමඟ

(20.09.2019 – 14:34 +0530 – sinhala.adaderana.lk)

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (20) 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

මෙම විරෝධතාවට සහාය දක්වමින් අද (20) පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් එක්විය.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අද (20) අඛණ්ඩව 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

විරෝධතාවයේ නිරත රණවිරුවන්ට සෙත්පතා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේදි ඊයේ රාත්‍රියේ ආගමික වතාවත් සිදු කෙරුණි.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ද භික්ෂූන් වහන්සේ, සාමාන්‍ය ජනතාව මෙන්ම දේශපාලනඥයින් ආහාර පාන විරෝධතාකරුවන්ට පිරිණැමුවේය.

මේ අතර විරෝධතාවයේ නිරත රණවිරුවන්ට සහාය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ඊට එක්විය.

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=lyjxkdNjaf8
18-09-2019

+++++++++++++++++++++

ඥානසාර හිමි සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් හමුවට

(20.09.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ජාතික රණවිරු බලවේගය ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද (20) 10 වන දිනටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වෙනවා.

මෙම සත්‍යග්‍රහය සඳහා සහය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ ද එක්ව සිටියා.

https://www.youtube.com/watch?v=QdO_mKMIDCw#t=6

***************************************

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේදී CCTV කැමරාවේ සටහන් වු අනතුර

(20.09.2019 – 13:47 +0530 – sinhala.adaderana.lk)

නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට අවතීරණ කරමින් තිබූ ලොරි රථයක බස් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ (19) දහවල් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුරින් අදාළ බස් රථයේ රියදුරුට සුළු තුවාල සිදුව ඇති අතර බස් රථයේ ගමන් කළ කිසිදු මගියෙකුට තුවාල සිදුවී නොමැති බව අප වාර්තාකරු පවසයි.

මෙම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂක කැමරාවකද සටහන් වී තිබුණි.

අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නිට්ටඹුව පොලීසිය විසින් සිදු කරයි.

***************************************

ඌරුබොක්කේ පුද්ගල පැහැර ගැනීමට සැක තිදෙනෙක් අත්අඩංගුවට

(20.09.2019 – 16:38 +0530 – sinhala.adaderana.lk)

පැහැර ගැනීමට ලක්වු ඌරුබොක්ක බෙරලපනාතර සමුපාකාර සමිතියේ අධ්‍යක්ෂවරයා කොට්ටාව ප්‍රදේශයේ අත්හැර ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් විසින් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

බෙරලපනාතර, වැව්ලියද්ද පාර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සුරංග ලක්මාල් එදිරිසිංහ යන බෙරලපනාතර සමුපාකාර සමිතියේ අධ්‍යක්ෂවරයා ඊයේ උදෑසන වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවට ඔහුගේ බිරිඳ ඌරුබොක්ක පොලිසීයට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව සී.සී.ටී.වී දර්ශන උපයෝගි කර ගනිමින් සිදුකළ විමර්ශන වලදි අදාළ වෑන් රථය කොට්ටාව ප්‍රදේශයේ කුළි රථ ආයතනයකින් ලබා ගත් වෑන් රථයක් බවට අනාවරණය වී ඇත.

අදාළ වෑන් රථය කුළියට රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු විසින් එය ගෙනවිත් භාරදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරුවන්දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ වැඩිදුර විමර්ශන වලදි 26 හැවිරිදිඅතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

පැහැර ගැනීමට ලක් වු බෙරලපනාතර සමුපාකාර සමිතියේ අධ්‍යක්ෂවරයා විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට විරුද්ධ වු පිරිසක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

***************************************

බදියුදීන් තුර්කි ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්වා ආරක්ෂා කරනවා – එස්.බී.දිසානායක

(19.09.2019 – 17:40 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා තුර්කි ත්‍රස්තවාදීන් මෙරටට ගෙන්වා ඔවුන් ආරක්ෂා කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා චෝදනා කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව නීතිමය පියවර ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“රිෂාඩ්ගේ සහෝදරයන් අත්අඩංගුවට ගැනීමට සාක්ෂි තිබෙනවා. අක්කර 6000 ක 7000 ක වංචාවෙන් මිලදී ගත්ත ඔප්පු 69 ක් අපි ඉදිරිපත් කරලා තියනවා අල්ලස් කොමිසමටත්, අපරාධ විමර්ශන කොට්ඨාශයටත්.

සහරාන් ඇතුලු අන්තගාමීන්ටත් තුර්කි ත්‍රස්තවාදීන්වත් මෙරටට ගෙන්වා ආරක්ෂා කරමින් ඔවුන්ගෙන් මුදල් වරප්‍රසාද ගත්ත ඒවා ගැන සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. තානාපතිම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කළා.

සතොසෙ වාහන අන්තවාදීන්ගේ පාවිච්චියට දීපු එක ගැන සාක්ෂිත් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

නමුත් ඔහු සියලු චෝදනා වලින් බේරිලා ඉන්නවා. බොරු නම් දාලා සතොසින් වැටුප් අරගන්නවා.

රිස්මි රිෂාඩ් කියන උපදේශකයාට ලක්ෂ 27 ක් ගෙවනවා. තැන් තුනකින් ලක්ෂ 27 ක් ගෙවනවා. පොලීසියෙත් සහාය රිෂාඩ්ට තියෙනවා. මුදලට අරන් තියෙනවා.”

***************************************

කතාබහට ලක්වූ ඇලිට් සමාගම ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් නිවේදනයක්

(20.09.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

නෙලුම් කුළුණ ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ආරම්භයේදී සම්බන්ධ වී සිටි ඇලිට් සමාගම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දීමක් නොකරම එම ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාල සමාගම මේ වනවිට චීනයේ වෙනත් ලිපිනයක ස්ථානගත කර ඇති බවයි.

https://www.youtube.com/watch?v=4qh_akvvSSQ#t=5

***************************************

රුපියල් ලක්ෂ 15 ක ව්‍යාපෘතියක් විවෘත කිරීමේ සමරු පුවරුවට ලක්ෂ 7 ක් වැය කරලා

(00.09.2019 – 00:00 +0530 – lankadeepa.lk)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

රුපියල් ලක්‍ෂ හත හමාරක් වැය කර ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුව ඉවත් කර බව ද එහිදී හෙළි විය.

එම ව්‍යාපෘතියට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 15 ක් බවත් ඉන් අඩකටක් අධික මුදලක් ගල් පුවරුවක් වෙනුවෙන් වැය කිරීම අනුමක කළ නොහැක්කක් බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

සභාපති අසේල ඉද්දවෙල මහතා එහිදී පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් කිරීමට බවයි.

එමෙන්ම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පසුගිය වසරේදී සමාජ සත්කාර වියදම් බව කියමින් රුපියල් ලක්‍ෂ 79 කට වැඩි මුදලක් වැය කර ඇතැයි කී සුනිල් හඳුන්නෙත්ති මහතා එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබියදී මෙම වසරේදීත් සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 350 ක් වෙන් කර තිබෙන බව ද හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.

කෝප් කමිටු සාමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය ෴

***************************************

චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක

(20.09.2019 – 16:34 +0530 – lankadeepa.lk)

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත් දුම්රිය අද (20) කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ චාරිකාවකට එක් කෙරිණ.

මෙය එන්ජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත බවද, සුළු තාක්ෂණික දෝෂ තිබුණද, මෙම දුම්රිය උඩරට දුම්රිය ධාවනයට සුදුසු බවද දුම්රිය ධාවනයට එක් වු දුම්රිය නියාමක නිලධාරීහු කියා සිටියහ.

මෙම දුම්රියේ වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක්, ආපන ශාලාවක් මෙන්ම එම ආපන ශාලාව තුළ ආබාධිත අයට විශේෂ පහසුකම් සලසා ඇති බව විශේෂ දුම්රියේ චාරිකාවට එක් වූ දුම්රියේ ප්‍රධාන නියාමක ආලෝක ජයසිංහ මහතා කියා සිටියේය.

උඩරට දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ තිරිංගු පද්ධතියකින් සහ කන්ද උඩරට ධාවනය උචිත සේ එන්ජින් ධාරිතාවකින් මෙම දුම්රිය සමන්විත බවද අලෝක ජයසිංහ මහතා පැවසීය.

***************************************

දැන් ජනාධිපතිවරණයටත් අත තියන්න හදනවා. ඒ තුරුම්පුව නම් අදින්න ලෑස්තිවෙන්න එපා!

(19.09.2019 – YouTube > Wimal Weerawansa)

(2019-09-19 පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා)

***************************************

නෙළුම් කුළුණ ගැන ජනපති කිව්ව බොරු තුන මෙන්න

(19.09.2019 – YouTube > Udaya Gammanpila)

වෙළඳ නැව් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම පිළිබඳ විවාදයේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව (2019.09.18)

https://www.youtube.com/watch?v=3MZCMEJoCmg
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *