අධිකරණ නියෝගය නොතකා මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේදීම අදාහනය කෙරේ

ගුරුකන්ද කෝවිලේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි

(22.09.2019 – 10:17 +0530 – lankadeepa.lk)

අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත් කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින් එය වළකාලන්නැයි විහාර භූමියේ පිහිටි නිරාවිපුල්ලයාර් කෝවිලේ පිරිසක් මූලතිව් පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ල මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

විහාරාධිපති හිමියෝ හදිසි රෝගී තත්ත්වයකින් පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේදී අපවත් වූහ.

අද අලුයම විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට රැගෙන ගොස් ඇති අතර හෙට (23) වැනිදා සඳුදා පස්වරු 2.00 ට රජ මහා විහාරස්ථාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

(රොමේෂ් මධුෂංක)

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගුරුකන්ද නායකහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට බාධා

(22.09.2019 – nethnews.lk)

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීම මුලතිව් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ආදාහනය නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසනවා.

ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද (22) උදෑසන අදාළ අධිකරණ නියෝගය ලැබුණු බවයි.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බව දායක සභාවේ ලේකම්වරයා පැවසුවා.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බව විහාරස්ථාන දායක සභාව පැවසුවා.

අදාළ අධිකරණ නියෝගයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර පරිශ්‍රය / කෝවිල් පරිශ්‍රය තුළ ආගමික වතාවත්වලට අගෞරව වන ආකාරයෙන් කිසිඳු සිදුවීමක් නොකළ යුතු බව වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල නමැති කෝවිලක් ඇති කිරීමට පසුගිය සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබු අතර, අදාළ නඩු විභාගය අනතුරුව වවුනියාව මහාධිකරණය දක්වා මාරුකරනු ලැබුවා.

වර්තමානයේදී විහාර භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ‍ගොනු කොට පවතිනවා.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමට පවා ගැටළුවක් ඇති වු අතර, ගැටළුව හේතුවෙන් විහාරස්ථානයේ දායක සභාව හා තමන් වහන්සේද මහත් අසරණ වී ඇති බවයි විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන්ද පැවසුවේ.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන්ට පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බවද නයාරු ප්‍රදේශවාසීන් පවසනවා.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබුණා.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමෙන් අනතුරුව විහාරස්ථානය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තරකොට ඇති බව මුලතිව් පොලිසිය ද පැවසුවා.

+++++++++++++++++++++++++++++++++++

https://www.facebook.com/95harsha/videos/502084413957978/

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහනය අත්හිටුවයි

(23.09.2019 – 02:00 +0530 – mawbima.lk)

ඉකුත් සෙනසුරාදා (21 දා) ‘අපේක්ෂා’ රෝහලේදී අපවත් වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සංවිධාන කොට තිබූ පරිදි විහාර පරිශ්‍රයේ පැවැත්වීමට එරෙහිව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (22 දා) තහනම් නියෝගයක් පනවා තිබිණි.

නැවත දැනුම් දෙනතුරු උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම අත්හිටුවන ලෙස නියෝග කර ඇත්තේ මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා විසිනි.

අපවත් වී වදාළ නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩ විසූ මුලතිව් විහාරස්ථානයට රැගෙන ඒමටත් එහි ආදාහන පූජෝත්සවය පැවැත්වීමටත් එරෙහිව උතුරේ අන්තවාදීහු එම පන්සල් භූමිය වටා එක්රොක් වී ඊයේ (22 දා) උද්ඝෝෂණයක නිරත වූහ.

බාධක මැද උන්වහන්සේගේ දේහය ඊයේ (22 දා) අලුයම ගුරුකන්ද විහාරයට රැගෙන ආ අතර පිරිසක් පන්සලේ සමාධි බුද්ධ ප්‍රතිමාව මතට නැඟී කලහකාරී ලෙස හැසිරුණු බවද අන්තවාදීන් ‘ටැමිල්නෙට්’ වෙබ් අඩවිය ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ජනතාව එක්රැස් කරමින් එහි දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද ගුරුකන්ද විහාරස්ථ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය.

මේ අන්තවාදී කණ්ඩායම් වසර දෙදහසකට වඩා පැරැණි ඉතිහාසයක් ඇති ගුරුකන්ද රජමහ විහාරය කඩා බිඳ දමා එහි අභිනවයෙන් කෝවිලක් ඉදි කිරීමට කලක සිටම දැඩි උත්සාහයක නිරත වී සිටිති.

අපවත් වී වදාළ විහාරාධිපති හිමියෝ අන්තවාදීන්ගෙන් ගුරුකන්ද රජමහ විහාරය රැක ගැනීම සඳහා වසර ගණනාවක සිටම වෙහෙසුණු අතර උතුරේ බොදු උරුමයන් රැක ගැනීම වෙනුවෙන් නිර්භයව පෙනී සිටියහ.

අපවත් වී වදාළ ගුරුකන්ද විහාරාධිපති මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (23 දා) ප.ව. 01:30 ට ගිහි-පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විහාර පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර චිතකය ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලැබුණු බව ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිකාරි මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ පවසති.

මේ අතර ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිකාරි රතනදේවකිත්ති හිමියන්ට අද (23 දා) අධිකරණයේ පෙනී සිටින ලෙසටද මුලතිව් මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා නියෝග කර ඇත.

මුලතිව් – ශෂිකුමාර්, සපුමල් ජයසේන මුලතිව් සිට

+++++++++++++++++++++++++++++++++++

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය වෙරළ තීරයේ ආදාහනය කරන්න නියෝගයක්

(23.09.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09 ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකාර පාර්ශ්වය වන විහාරස්ථානය වෙනුවෙන් සිංහල නීතීඥයින් සිව්දෙනෙකු පෙනී සිටින බවද අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මේ අතර ඥානසාර හිමියන්ද අද පෙරවරුවේ අධිකරණ පරිශ්‍රය වෙත පැමිණියේය.

අනතුරුව උන්වහන්සේ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය වෙත ගොස් විහාරාධිපති හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන් සිකුරාදා රාත්‍රියේ අපවත් වූ අතර උන්වහන්සේගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාවක් හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කරනු ලැබීය.

එම පිරිස විසින් මීට පෙර විහාරස්ථාන භූමියේ දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවටද චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබූ අතර එහි කෝවිලක් පිහිටුවීමට දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත සැලැස්මක්ද දියත්විය.

ඔවුන් කළ පැමිණිල්ලට අදාලව ගොනු කළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අධිකරණය මගින් සුදුසු නියෝගයක් ලබාදෙන තෙක් විහාරාධිපති හිමියන්ගේ දේහය එම විහාරස්ථ භූමිය අවට අදාහනය නොකල යුතු බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=x_Xg6UHei7o

+++++++++++++++++++++

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහනය නයාරු වෙරලේ කරන්නැයි අධිකරණයෙන් නියෝග.. දැඩි විරෝධයෙන් උණුසුම්..

(23.09.2019 – 14:10 +0530 – lankacnews.com)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසල පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23) දින නියෝග කොට සිටියේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අවධානමක්ද ගනිමින් බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

ගුරුකන්ද පුරාණරජමහා විහාරයට ඉදිරියෙන් පිහිටි ගැමුණු හේවා බලකා කඳවුරට පිටුපසින් පිහිටි නයාරු මුහුදු තීරයේදී අපවත් වූ පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් විසින් නියෝග කොට සිටි අතර ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා වන අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මුලතිව් පොලීසිය වෙතටද නියෝග කොට සිටියේය.

මේ අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව පිළිබඳව පන්සල් දායක සභාවත් සමග සාකච්ඡා කොට විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජොත්සවය සිදු කිරීමට පියවර ගන්නා බවටත් මේ වන විට විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් පානංශූකූල කටයුතු සිදු කරන බවටද ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=BSc3Czn_em0
23-09-2019

+++++++++++++++++++++

නයාරු ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය වෙරළ තීරයේ ආදාහනය කරන්න නියෝගයක් – එය නොතකා පන්සල් භූමියේ ආදාහන කටයුතු කරයි

(23.09.2019 – 13:34 +0530 – lankaleadnews.com)

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේ නොව විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කොට තිබුණි.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිටි බව අප වාර්තා කරු පවසයි.

එහෙත් එම තීරණයට එකගනොවූ නයාරු ගුරුකන්ද විහාරස්ථානෙය් දායකසභාව සහ විහාරස්ථානයේ හිමිවරුන් එක්ව විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේම සිදුකිරීමට කටයුත කර ඇත.

ඒ අවස්ථාවේදී ඊට පිල්ලයාර් කෝවිලේ පාලක සභාව සහ දෙමළ පිරිසකගෙන් ඇති වූ විරෝධය හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර එම තත්වය මැඩ පැවැත්වීමට පොලීසිය කටයුතු කර ඇති අතර විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථන භූමියේම ආදාහන කටයුතු සිදුකළ බව අප වාර්තා කරු පවසයි.

+++++++++++++++++++++

බොදු බලය මැදිහත්වී නයාරු හිමියන්ගේ ආදාහනය විහාර භූමියේ කරලා

(23.09.2019 – gossiplankanews.com)

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් කරුණාරත්න මහතා පැවසුවේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.

+++++++++++++++++++++

බොදු බලය මැදිහත් වේ… මුලතිව් විහාරාධිපති හිමියන්ගේ ආදාහනය විහාර භූමියේම සිදු කරයි…

(23.09.2019 – 15:00 +0530 – lankacnews.com)

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,

“රජයක් තිබුනේනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ. මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ. එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාක. මේ ඕන ඕන විදිහට… මේ ඡන්ද … දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ. ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ.” යනුවෙනි.

නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++

අධිකරණ නියෝගය නොතකමින් නයාරු ගුරුකන්ද නා හිමිගේ දේහය විහාර භූමියේම ආදාහනය කරයි

(23.09.2019 – 15:45 +0530 – sinhala.adaderana.lk)

සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නා හිමියන්ගේ දේහය විහාර භූමියේම අද (23) සවස අදාහනය කර ඇත.

අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බැවින් සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බව ඥානසාර හිමියන් ප්‍රකාශ කර ඇත.

අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා අද (23) නියෝග කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නා හිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදි කිරීමක් සිදු නොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස් දී ඇත.

ගුරුකන්ද රජමහවිහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු නොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අධිකරණ නියෝගයට එපිටින් නා හිමයන්ගේ දේහය අදාහනය කිරීමට විරුද්ධව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දමිළ නීතිඥවරුන් උසාවියේ නඩු කටයුතුවලට අද (23) සවස පෙනී නොසිටි බවද වාර්තා වෙයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=FRhpO4AiXJo

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

Nanda Malini (From meemessasinhalasongs.com)

+++++++++++++++++++++++++++++++++++

ගුරුකන්ද නායකහිමිගේ ආදාහනය සිදුකළ ආකාරයට විරෝධය පා කෝවිල් භාරකාර මණ්ඩලය අද පාරට

(24.09.2019 – nethnews.lk)

මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරු සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අද (24) දහවල් 11.00 ට මුලතිව් නගරයේ විරෝධතා පෙළපාලියක් සංවිධානය කොට තිබෙනවා.

මුලතිව් පැරණි රෝහල (උන්නාව්පිලව් රෝහල) අබියසින් ආරම්භ වන මෙම පෙළපාලිය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට එම ස්ථානයේදී විරෝධතාවයක් පවත්වන බව සංවිධායකයින් සඳහන් කරනවා.

මේ විරෝධතාවය සංවිධානය කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය අධිකරණ නියෝග නොතකා විහාරස්ථාන භූමියේම ආදාහනය කිරීමට එරෙහිවයි.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි ගණදෙවි කෝවිලේ බාරකාර මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබෙනවා.

– දිනසේන රතුගමගේ

+++++++++++++++++++++++++++++++++++

අධිකරණ නියෝගයට එරෙහිවූ අය අත්අඩංගුවට ගන්න ඉල්ලා උතුරේ වර්ජනයකට

(24.09.2019 – 09:03 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ නියෝගයට පිටින් ගොස් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පවසයි.

පුලිදනායගම් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියළුම නීතිඥවරුන් අද උදෑසන 11:00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් පවත්වන බවයි.

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලයාර් ගණදෙවි කෝවිල ඉදිරිපස මාර්ගයන් එපිට නයාරු වෙරළ සීමා මායිමේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් තිබූ ස්ථානයේ සිදුකරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ඊයේ (23) නියෝග කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමයන්ගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කොට පැවති නඩු විභාගය සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය ලබාදුණි.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අදාළ ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ අදාළ තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ලැබෙන විට සංඝ සභාව විසින් ‍දේහයේ අදාහන කටයුතු සංවිධානය කොට තිබු ආකාරයක්ද දැක ගැනීමට හැකිවිණ.

සංඝ සභාවේ තීරණය අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කළ බව අදාහන පූජෝත්වයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා ඊයේ සවස පැවසූහ.

ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලා වැඩිදුරටත් පැවසූවේ අධිකරණ තීන්දු තීරණ අනුව භික්ෂූන් වහන්සේගේ දේහයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් අපි එකඟ නොවන අතර සිංහල බෞද්ධ රටේ සංඝ සභාවේ තීරණය අනුව නයාරු නාහිමියන්ගේ දේහය එලෙස විහාර භූමියේම අදාහනය කළ බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අධිකරණ නියෝගයට එරෙහිවූ අය අත්අඩංගුවට ගන්න ඉල්ලා උතුරේ විරෝධතා

(24.09.2019 – 12:46 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස හා මුලතිව් දෙමළ ජනතාවගේ උරුම රැක දෙන ලෙසට ඉල්ලීම් කරමින් සිවිල් සංවිධාන රැසක් විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

අද (24) මුලතිව් නගරයේදී මෙම විරෝධතාවය සංවිධානය කර ඇති අතර විරෝධතාවය සඳහා උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාද සහභාගී වී සිටියේය.

මුලතිව් පැරණි රෝහල ඉදිරිපසින් ආරම්භ කළ විරෝධතාවය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළ අතර, එහිදි දිස්ත්‍රික් ලේකම්වරිය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.

විරෝධතාවයට එක්වු උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඇතුළු පිරිස ඊයේ (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහානය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර, ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතු බවයි.

උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජ භූමිය තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදුකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියාවන් වහාම නවතා දැමිය යුතු බවත් හෙතෙම පැවසුවේය.

නීතියේ සාධාරණය කෝ, නීතියට විරුද්ධවූවන්‍ට සිදුකරන්නේ කුමක්ද?දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයින් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැක දෙන්න ලෙසට විරෝධතාකරුවන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින්, කළු පටි පැළඳගෙන විරෝධතාවයේ නිරතවිණ.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාවේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශිවමෝහන් මහතා,ශාන්ති ස්කන්ධරාජා මහත්මිය,උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්,සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් විරෝධතාවයට එක්ව සිටියහ.

අධිකරණ නියෝගයට පිටින් ගොස් මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද සේවයෙන් බැහැරව කටයුතු කරන බව උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *