එජප-ශ‍්‍රීලනිප එකම ලයිස්තුවකින් එන කතාවෙන් ශ‍්‍රීලනිපය දෙදරයි.. ඡන්දෙට පෙර ආණ්ඩුවේ ඉතිරි පහයි.. අපි එනවා.. කියා ප‍්‍රබල ඇමති සහතික වෙයි..

(02.11.2017 – 15:00 +0530 – lankacnews.com)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලයිස්තුවකින් ඇතැම් කොට්ඨාශයන්වලට තරග කිරීමට තීරණය කර ඇති බවට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් සමග ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් වැඩි පිරිසක් දැඩි ලෙස කලබල වී සිටී.

ඊයේ පස්වරුවේ ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙකු අමතමින් ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙක් සදහන් කර ඇත්තේ මෙවන් තීන්දුවක් ගතහොත් ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප පිරිස පහක්වත් නොවනු ඇති බවයි.

නොමේරූ ලේකම්වරුන් දෙදෙනා මෙන්ම පක්‍ෂයට ආදලත්වයක් නැති පුද්ගලයින් කරන ප‍්‍රකාශ නිසා ගම් මට්ටමේ පාක්‍ෂිතයා සීඝ‍්‍රයෙන් පක්‍ෂය හැර යමින් සිටින බවද ඔහු සදහන් කර ඇත.

දැන් පක්‍ෂයේ ගමන් මග තිරණය කරන්නේ එජාපයේ පිරිස් විසින් බවත් මධ්‍යම කාරක සභාවවත් නොගත් තීරණය එජාප ඇමතිවරයෙකු ප‍්‍රකාශ කරන්නේ කෙසේදැයි ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී විමසන බවද ඔහු සදහන් කර තිබේ

මේ අතර ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ ඇමති රාජිත සේනාරත්න මහතා අදාල ප‍්‍රකාශය කල අවස්ථාවේදී ශ‍්‍රීලනිපය වෙනුවෙන් එහි සිටි ඇමති දයාසිරි ජයසේකර කියා සිටියේ තමන් එවන්නක් ගැන දැනුවත් නැති බවයි ෴

+++++++++++++++++++++++++++++

රාජිත කියන්නේ මෙට්‍රික් ටොන් පච.. – එජාප බේරුවල සංවිධායක රාජිතගේ පළු අරී..
(02.11.2017 – 16:40 +0530 – lankacnews.com)

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව එක ලකුණක් යටතේ තරග වැදීමට තීරණය කලේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප‍්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව එජාප බේරුවල ආසන සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමිල් මහතා පවසයි.

තමන් කිසිදු අවස්ථාවක ඇමති රාජිත සේනාරත්න මහතා සමග අවසන් සාකච්චාවක් සිදු නොකල බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ඇමති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ බේරුවල ආසනයේදී එජාපය හා ශ‍්‍රීලනිපය එක්ව තරග වැදීමට තමන් මේ වන විට සාකච්චා කර අවසන් බවයි.

එම ප‍්‍රකාශය අනුමත නොකරමින් ඇමති දයාසිරි ජයසේකර මහතා එහිදී කියා සිටියේ පොදු ලකුණක් යටතේ තරග කිරීමට තීරණයක් පක්‍ෂය විසින් ගෙන නැති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *