සඳහිරු සෑයේ රත්‍රං සිද්ධියට හිටපු රේගු අධ්‍යක්ෂ ඇතුලු දෙදෙනා රිමාන්ඩ්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සඳහිරු සෑයේ රත්‍රං සිද්ධියට හිටපු රේගු අධ්‍යක්ෂ ඇතුලු දෙදෙනා රිමාන්ඩ් (විඩියෝ)

• තෙවන දිනටත් ක්‍රියාත්මක වු දුම්රිය වර්ජනය (විඩියෝ)

• අනුකමිටු පත් කළත්, දුම්රිය වර්ජනයේ වෙනසක් නැහැ

• ගෝටාගේ මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශයට විමල්ගේ විරෝධය (විඩියෝ)

• ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියක් සොයයි – CCTV දර්ශන සහිතයි (විඩියෝ)

• ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සඳහිරු සෑයේ රත්‍රං සිද්ධියට හිටපු රේගු අධ්‍යක්ෂ ඇතුලු දෙදෙනා රිමාන්ඩ්

(28.09.2019 – 18:12 +0530 – hirunews.lk/sinhala)

සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා රේගුව සතු කිලෝග්‍රෑම් 8 ක රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊයේ (27) මොවුන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඒ අනුව, කොටුව සහ බදුල්ල මහේස්ත්‍රාත්වරුන් අදාළ රෝහල් වෙත ගොස් ඔවුන් පරීක්ෂා කර බලා මෙම නියෝගය ලබාදී ඇති අතර, මේ වනවිට ඔවුන් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ අදාළ රෝහල්වලම ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

තෙවන දිනටත් ක්‍රියාත්මක වු දුම්රිය වර්ජනය

(28.09.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ක්ෂේත්‍ර හයක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද (28) තුන්වන දිනටත් ක්‍රියාත්මක වුණි.

මේ අතර ඊයේ (27) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසදා ගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරිමටයි.

විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා විසින් කැඳවා තිබුණේ ක්ෂේත්‍ර කිහිපයක පවතින වැඩවර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එහිදි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට රාජිත සේනාරත්න, අශෝක් අබේසිංහ,රංජිත් මද්දුමබණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ඇතුළත්.

කෙසේ වෙතත් වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ දුම්රිය වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක කෙරුණි.

වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අදත් දක්නට ලැබුනේ පාළු ස්වාභාවයක්.

වර්ජනය ක්‍රියාත්මක කළ 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ වනතුරු උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් ධාවනය වී නැත.

අද උදෑසන ගාල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය 2 ක් පමණක් ධාවනය වුණි.

දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

+++++++++++++++++++++

අනුකමිටු පත් කළත්, දුම්රිය වර්ජනයේ වෙනසක් නැහැ

(28.09.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් අනුකමිටුවක් පත් කළ ද විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ වෙතත්, අදත් මගීන් දුම්රිය නොමැතිව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියා. වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම දුම්රිය වර්ජනය ආරම්භ කළ අතර, අදත් දුම්රිය ගමන් වාර 7 ක් පමණක් ධාවනය වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයා සමග අද පස්වරුවේ දුම්රිය වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ මේ වනතෙක් සාකච්ඡාවක් සඳහා වෘත්තීය සමිතිවලට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර, දුම්රිය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් රට තුළ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජන හේතුවෙන් අඩාල වී ඇති සේවාවන් සඳහා යුද හමුදාවේ සහය අවශ්‍ය මොහොතේදී ලබාදීමට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබාදෙමින් ෴

***************************************

ගෝටාගේ මාධ්‍ය ප‍්‍රකාශකගේ ප‍්‍රකාශයට විමල්ගේ විරෝධය..

(29.09.2019 – 06:24 +0530 – lankacnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විරෝධය පල කරයි.

රඹුක්වැල්ල මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති ඇක්සා සහ මිලේනියම් සිටි ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ එම ගිවිසුම් සළකා බැලීමට වත් සුදුසු නැති බවත් ඇතැම් පුද්ගලයන් එවන් ප්‍රකාශ කරන්නේ පිවිසුම් ගැන කිසිදු අවබෝධයක් නැතිව බවයි.

අදාළ ගිවිසුම් දෙකම මේ රටට ඉතා අහිතකර ඒවා යයි වීරවංශ මහතා පැවසීය.

https://www.facebook.com/NewsfirstSL/videos/385265232424354/

+++++++++++++++++++++++++++++++++++

Wimal Weerawansa – 29-09-2019

***************************************

ක්‍රෙඩිට් කාඩ්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියක් සොයයි – CCTV දර්ශන සහිතයි

(29.09.2019 – 07:54 +0530 – sinhala.adaderana.lk)

මීගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ අස්ථාන ගතවු මුදල් පසුම්බියක තිබු ක්‍රෙඩිට් කාඩ්පත යොදා ගෙන කිසියම් කාන්තාවක් විසින් මීගමුව ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකින් භාණ්ඩ මිලදී ගෙන ඇත.

අදාළ පසුම්බිය සොරාගත් කාන්තාව එහි තිබු ක්‍රෙඩිට් කාඩ්පත යොදා ගනිමින් භාණ්ඩ මිලදී ගන්නා බව අදාළ ක්‍රෙඩිට් කාඩ් පත හිමිකරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අවස්ථා 3 කදී අදාළ කාන්තාව විසින්, මීගමුවේ රෙදි පිළි වෙළඳසැලකින් හා සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගෙන ඇත.

මේ අතර අදාළ වෙළඳසැල්වල cctv දර්ශන පරීක්ෂා කිරීමේදී කාන්තාව විසින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය සටහන්ව තිබේ.

කෙසේ වෙතත් සිව් වන අවස්ථාවේදී වෙළඳසැලක් වෙත ගොස් භාණ්ඩ මිලදී ගන්නා කාන්තාව ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ්පත යොදා ගෙන මුදල් ගෙවීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යාර්ථ වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරු විසින් ඒ වන විට එය අක්‍රීය කර තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත් අදාළ කාන්තාව මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර මුදල් පසුම්බියේ හිමිකරු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාරිය සොයා මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.

***************************************

ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි

(29.09.2019 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය 26 වනදා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

ඒ පූජ්‍ය අතුරලියේ රතන හිමි උපවාසයේ යෙදුන ස්ථානයේදී “රට පුරා සැණකෙළි බලාගන්න පුළුවන්” යැයි පැවසීම පිළිබඳව කිවි පාර,කොළඹ 2 යන ස්ථානයේ පදිංචි මොහොමඩ් අස්ලාම් ඔත්මාන් නමැති මුස්ලිම් ජාතිකයෙකු පොලිස් සහන මැදිරියට සිදු කල පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

එම අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැඩි ප්‍රකාශයක් සිදුකර සිටි අතර එම ප්‍රකාශය :

***************************************

නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න ජනතාව පෙල ගැසී ඉන්නවා.. සජිත්ට ගෝටා සමග ගේමක් නෑ.. උඩින්ම දිනනවා.. – රෝසි

(29.09.2019 – 08:40 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. වසර විසිපහකට පසු නැවතත් රට තුළ ප්‍රේමදාස යුගයක් ඇති කිරීමට නම් රටේ ජනතාව බලාපොරොත්තු දල්වාගෙන සිටින බවද කියා සිටියාය. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු තරගයක් නැතැයිද ඇය සදහන් කලාය. කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The traitor of the nation, ranil the bond scammer is hell bent in destroying Buddhism and temples, egged on by saudi arabian and american dollars. If he wants to prosecute customs and excise chiefs he shoud have first of all prosecuted himself and his buddies ravi the former finance minister and mahendran for stripping the country of peoples assets to the tune of several thousand dollars that would make 8 kg of gold deposited in Sanda Hiru saeya equal to a drop of water in the ocean. RW is working to destroy our country and our Buddhist culture. He is also giving a deaf ear to Cardinal Malcolm Ranjith’s plea to find and punish the perpetrators of the christiam massacres on Easter Sunday as he is worshipping the muslims. All sinhala , Buddhist and christian citizens of this country should unite to get rid of this man, his party and anyone else that represent them from power through their democratic votes.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *