රට වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාගේ පාස්පෝට් එක ගැන – ඩලස් අලහප්පෙරුම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රට වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාගේ පාස්පෝට් එක ගැන – ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම සළකා බැලීම ඔක්තෝබර් 02

• ගෝඨාගේ පුරවැසි සහතිකය සහ ජාතික හැඳුනුම්පතට අදාළ ලේඛන අධිකරණයට (විඩියෝ)

• ගෝඨාට නඩු දාන්නේ අරලියගහ මන්දිරයෙන් දෙන උපදෙස් මතයි – මහාචාර්ය ජී. එල්. පිරිස් (විඩියෝ)

• ගෝඨාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස චමල් රාජපක්‍ෂ සූදානම් කෙරේ.. හදිසි පක්‍ෂ නායක හමුවක්..

• කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල (විඩියෝ)

• අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

+++++++++++++++++++++++++++++++++++

රට වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාගේ පාස්පෝට් එක ගැන – ඩලස් අලහප්පෙරුම

(30.09.2019 – 09:02 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට ලබාගත යුතු පාලනය සම්බන්ධයෙන් තීන්දුව රටේ ජනතාව විසින්ම ගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රක්වාන ආසන මධ්‍ය සංවිධාන එකමුතුවේ ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“දැන් පිටිය පැහැදිලියි. ඉරක් තියෙනවා. ඉරෙන් එහා පැත්තේ සජිත්.මෙහා පැත්තේ ගෝඨාභය.

කණ්ඩායම් දෙකේ වෙනස ගෝඨාභයගේ කණ්ඩායම අනාගතය ගැන කතා කරනවා. සජිත්ගේ කණ්ඩායම අතීතය ගැන කතා කරනවා.

කාටහරි අවශ්‍ය වෙලා තියෙන්නේ සිමෙන්ති කොට්ට 2 ක් විතරක්නම් සජිත්ට ඡන්දෙ දෙන්න.

නැවත රට ඕනෙ නම් ගෝඨාභයට ඡන්දෙ දෙන්න. මේ වෙලාවේ නොයෙක් බාධාවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දානවා. ගිය සිකුරාදාත් නඩුවක් දැම්මා.

මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න දෙවැනියා, සොලිසිටර් ජනරාල්වරයා කියනවා, ගෝඨාභය හිර කරන්න කියලා අරලිය ගහ මන්දිරේට ගෙනල්ලා උපදෙස් දුන්න විදිහ.

කරුණාකරලා ඉරිදා අරුණ පත්තරේ බලන්න. පිටුවක් තියෙනවා.

නාම යෝජනා දිනයට පෙර, ගෝඨාභය රාජපක්ෂ හිරේ දාන්න මේ ආණ්ඩුව ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

යුද්දෙ වෙලාවේ මැරෙන්න බලාගෙන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට මූණ දීලා, රටේ නිදහස වෙනුවෙන් සටන් කරද්දී කවුද ඇහුවේ ගෝඨාභයගේ පාස් පෝට් එක ගැන?, පුරවැසිභාවය ගැන?

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම සළකා බැලීම ඔක්තෝබර් 02

(30.09.2019 – 11:58 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රීලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඔක්තෝම්බර් මස 02 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නාම යෝජනා පත්‍ර භාර දෙන බවට තොරතුරු වාර්තා ඇති නිසා නාමයෝජනා භාර ගැනීම ලබන 07 වනදා සිදු කිරීමට නියමිත හෙයින් මෙම නඩුව හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙන් සලකා බලන ලෙසයි.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම නඩුව ද්වේශ සහගත අරමුණකින් ගොනු කර ඇති බවත් එහි සඳහන් චෝදනා පදනම් විරහිත බවත් සඳහන් කළ අතර එය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාග කරන ලෙස ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ මෙම නඩුවට භාජනය වන කරුණ දේශපාලනමය වශයෙන් සංවේදී කරුණක් හෙයින් මෙම පෙත්සම සලකා බැලීම ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කිරීම සුදුසු බවයි.

ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 02 වනදා සලකා බැලීමට දින නියම වුණි.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආගමන සහ විගමන පාලක ආර්. එම්. එස්. කේ. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරුන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද අධිකරණ නියම කළේය.

මෙම නඩුවට පාදක වන ලේඛන තිබේනම් ඒවා අද පස්වරු 2.30 ට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද එම නියෝගයේ සඳහන් වුණි.

මෙහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියේය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි කියා සිටින්නේ.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා ඇත ෴

+++++++++++++++++++++

ගෝඨාගේ පුරවැසි සහතිකය සහ ජාතික හැඳුනුම්පතට අදාළ ලේඛන අධිකරණයට

(30.09.2019 – 00:00 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු තිබේ නම් ඒවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ඇතුළු පාර්ශව කීපයකට නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමට අදාල ලේඛණ බාරදීම සඳහා එම නඩුව අද සවස අභියාචනාධිකරණය සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් තම සේවාදායකයාගේ පුරවැසි සහතිකය සහ ජාතික හැඳුනුම්පතට අදාළ තොරතුරු අඩංගු ලේඛන කිහිපයක් සහ මෙම කරුණට අදාළව තම සේවාදායකයා පොලීසිය වෙත ලබා දී ඇති ප්‍රකාශ වල පිටපත් අධිකරණය වෙත භාර දුන්නේය.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත්ට අදාළ තොරතුරු හා ලේඛන තිබේ නම් ඒවා මීළඟ දින අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහත්වරුන්ට නියම කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 02 වනදා කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨාට නඩු දාන්නේ අරලියගහ මන්දිරයෙන් දෙන උපදෙස් මතයි – මහාචාර්ය ජී. එල්. පිරිස්

(30.09.2019 – 17:03 +0530 – sinhala.adaderana.lk)

හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා කළ අනාවරණය තුලින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනිමට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව තහවුරු වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පෙන්වා දෙයි.

කොළඹ එම පක්ෂ කාර්යාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමි ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් නඩු පැවරීම සිදු කරන්නේද අරලියගහ මන්දිරයෙන් ලබා දෙන උපදෙස් මත බව ද ඒ මහතා එහිද පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨාභයගේ නඩුව නිසා විකල්ප අපේක්‍ෂක ලෙස චමල් රාජපක්‍ෂ සූදානම් කෙරේ.. හදිසි පක්‍ෂ නායක හමුවක්..

(30.09.2019 – 14:10 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම් කර ඇතැයි වාර්තා වෙයි.

විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි ෴

***************************************

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

(30.09.2019 – colombotoday.com)

මාතර කිරින්ද ප්‍රදේශයේ පසුගිය සති අන්තයේ ඇතිවූ නොසන්සුන්තාවය පිළිබඳව කිරින්ද විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් අදහස් ප්‍රකාශ කර සිටියා.

උන් වහන්සේ පවසන ආකාරයට කඩු අතින් ගත මුස්ලිම් තරුණයන් 4 දෙනෙකු පල්ලියේ සිට පැමිණීමත් සමගම මෙම නොසන්සුන්තාවය වර්ධනය වී තිබෙනවා.

මේ පිළිබඳව සවිස්තරව කරුණු දැක්වූ ඒ හිමියෝ :

***************************************

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

(30.09.2019 – colombotoday.com)

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 25 අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් නිදහස් කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී තිබුණි.

අජ්ජුල් අක්බාර් යැයි කියා ගන්නා මෙම පුද්ගලයා අන්තවාදී මුස්ලිම් තරුණයන් රැසක් පසුගිය කාල සීමාවේදී තුර්කිය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලට යවා ඔවුන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා යොමු කර ඇති බවද අනාවරණය විය.

නිදහස් වීමෙන් පසු ජමාතේ ඉස්ලාම් ලේකම් සමග :

අත්අඩංගුවට ගත් මෙම සැකකරු මාවනැල්ල ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි. මොහු ගේ සොහොයුරාගේ දරුවන් සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් අරාබි රටවලට යවා ඔවුන්ට අන්තවාදී ත‍්‍රස්තවාදී පුහුණුවක් ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

පසුගිය දිනවල මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථානවල බුදු පිළිම කඩා විනාශ කිරීම සඳහා අන්තවාදී අදහස් දරන මුස්ලිම් තරුණයන් යොමු කර ඇත්තේ ද මොහු විසින් බව මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය පැවසිය.

මුස්ලිම් තරුණයන් ත‍්‍රස්තවාදී පුහුණුවීම් සඳහා අරාබි රටවලට යැවීමට මුදල් වැය කර එම කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ ද මොහු විසින් බව හෙළි වී ඇත.

නිදහස් වීමෙන් පසු :

ලංකාවට ප්‍රථමවරට ඉස්ලාමිය ත්‍රස්තවාදය හදුන්වා දුන්නේ ජමාතේ ඉස්ලාමි සංවිධානය විසින්ය. 80 දශකයේ සිට ජිහාත් පුහුණුව සඳහා ඇෆ්ගනිස්තාන්, පාකිස්තාන් වැනි රටවල්වලට තරුණ සාමාජිකයන් මෙම සංවිධානය විසින් යවා ඇත.

ජමාතේ ඉස්ලාමි සංවිධානයට අයිති මාදම්පේ ඉස්ලාහියා මද්‍රසා පාසලේ ප්‍රථම විදුහල්පති වන A.G.M නතීර් මව්ලවි, පාකිස්තාන් රටට ජිහාත් පුහුණුව සඳහා තමා ගිය බව ගුවන්විදුලි වැඩසටහනකදී පිළිගෙන ඇත.

එම වැඩසටහනදී නතීර් මව්ලවි මෙසේ පවසා ඇත :

ජමාත්තේ ඉස්ලාමි සංවිධානයේ අවසාන ඉලක්කය වන්නේ ලංකාවේ ඉස්ලාම් රාජ්‍යක් පිහිටුවීම බව එම සංවිධානයේ පුහුණු කඳවුර වල හා දේශනාවල පැවසුවා. 1996 වසරේදී මම සහභාගීවූ නේවාසික පුහුණු කඳවුරක හජ්ජුල් අක්පර් විසින්ම එම කරුණු අපහට උගන්වනු ලැබුවා, තවද රටේ නීතියට යටත්වෙලා ජීවත් වීම අල්ලාහ් දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් ලෙසත් අපහට උගන්වනු ලැබුවා.

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ හවුල්කාර සංවිධානයක්

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස නම් කල දා :

මේ අතර ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ සහය මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට ලබා දී තිබෙනවා. තවද ජමාතේ ඉස්ලාමි අන්තවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ හවුල්කාර සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *