ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේපිතයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේපිතයි (විඩියෝ)

• තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ රට පුරා ප්‍රීති ඝෝෂා (විඩියෝ)

• රාජපක්ෂවරු සටන අත නොහරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි…

• අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහලට

• From YouTube > Udaya Gammanpila (Video)

• ඇමරිකානු ඩමි රණවිරු වෙස් මුහුණු පැළඳ ඇති මොහොතක ජනරාල් දයා රත්නායක රට වෙනුවෙන් ‌ ‌පෙරට (විඩියෝ)

• “මුඛය” හා “ශ්‍රී මුඛය”

• අයෝමය නායකයෙක් රටට අවශ්‍යයි – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

• මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට

• බදියුදීන් යහපාලනේට ආවේ රු. කෝටි 100 ක් දීලා යයි FCID යට පැමිණිල්ලක්

• Derana TV : 360 with Wimal Weerawansa (30-09-2019)

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාගේ පුරවැසිභාවය ගැන පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේපිතයි

(04.10.2019 – 18:12 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අද (04) පෙරවරුවේ පෙත්සම සලකා බැලීම යලි තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින් පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කළේය.

එහෙත් 2015 වසරේ නොවැම්බර් මස 21 වනදා වන විට අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොතිබූ හෙයින් පුරවැසි පනතට අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ බලය ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේදී පුරවැසි පනතට අනුව එම විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු කාර්යභාරයක් නොපැවරෙන බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

එවැනි තහවුරු වූ තොරතුරක් තිබෙද්දී අදාළ ලේඛනය අසත්‍ය ලේඛනයක් බවට පෙත්සම්කරුවන් විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කරුණ පදනම් කරගෙනම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු බවයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ හය වන වගඋත්තරකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට එවකට ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය ව්‍යවස්ථානුකූල බවයි කියා සිටියේය.

මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නැවත අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අවිධිමත් සහ නීතිවිරෝධී බවයි.

පුරවැසි පනත ප්‍රකාරව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බවයි නීතිඥ ප්‍රනාන්දු මහතා කියාසිටියේය.

එහෙත් එම නඩුවට පාදක වන ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි සහතික නිකුත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් එය නීතිය ඉදිරියේ වලංගු ලියැවිල්ලක් නොවන බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවයි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි කියා සිටියි.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=pRbT9j0UPBM#t=5

+++++++++++++++++++++

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/485668975620821/

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=4L_28BXZT2A#t=6

+++++++++++++++++++++

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් සමඟ රට පුරා ප්‍රීති ඝෝෂා

(04.10.2019 – 19:41 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ සිට මෙලෙස සතුට පල කළේය.

මේ අතර පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් ජනතාව රට පුරා ප්‍රීති ඝෝෂා සමරනු ලැබුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළ පෙත්සම ඒකමතිකව නිෂ්ප්‍රභ කරනු ලැබුවේය.

අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද පස්වරුවේ ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට අදාළ ලේඛනය නීත්‍යනුකූල බව ප්‍රකාශ කළේය.

https://www.youtube.com/watch?v=7eCZ8NFAIyw#t=6

+++++++++++++++++++++

+++++++++++++++++++++

NGO වේසිපුත්‍ර ඩබල :

***************************************

රාජපක්ෂවරු සටන අත නොහරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….

(04.10.2019 – 16:40 +0530 – lankacnews.com)

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ මහතා තරඟ කිරීමට ඇප තැන්පත් කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

ඇතිව තිබෙන තත්ත්වයන් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් චමල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත ෴

***************************************

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගැස් මිල පහලට

(04.10.2019 – 16:32 +0530 – sinhala.adaderana.lk)

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි අඩු කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිලරුපියල් 240 කින් අඩු කෙරෙන අතර කිලෝග්‍රැම් 05 ක ගැස් සිලින්ඩරයක මිල රුපියල් 95 කින්ද, කිලෝග්‍රැම් 2.03 ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 30 කින්ද අඩු කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

මිල සංශෝධනයට අනුව :

• කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1493
• කිලෝග්‍රැම් 05 ක ගැස් සිලින්ඩරයක නව මිල රුපියල් 598
• කිලෝග්‍රැම් 2.03 ක ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 289

බවයිකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අද (04) සිට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම මිළසංශෝධනයන් උල්ලංඝණය කරමින් කටයුතු කරන වෙළඳසැල් හිමියන් සොයා වැටලීම් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයට උපදෙස්ලබා දී ඇති බවද සඳහන්ය ෴

***************************************

From YouTube > Udaya Gammanpila :

https://www.youtube.com/watch?v=W8WLrGadJTo
04-10-2019

+++++++++++++++++++++

04-10-2019

+++++++++++++++++++++

04-10-2019

+++++++++++++++++++++

04-10-2019

***************************************

ඇමරිකානු ඩමි රණවිරු වෙස් මුහුණු පැළඳ ඇති මොහොතක ජනරාල් දයා රත්නායක රට වෙනුවෙන් ‌ ‌පෙරට

(04.10.2019 – 23:07 +0530 – lankaleadnews.com)

***************************************

“මුඛය” හා “ශ්‍රී මුඛය”

04-10-2019 (From a Dhammadeshana by Ven. Alubomulle Dhammalankara Thero)

***************************************

අයෝමය නායකයෙක් රටට අවශ්‍යයි – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(04.10.2019 – 18:07 +0530 – hirunews.lk/sinhala)

අපේකම හඳුනන ගහකොළ හඳුනන අයෝමය නායකයකු රටට අවශ්‍ය වී ඇති බව දේශය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ කියා සිටින්නේ තමාගේ මනාපය ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් අතරින් කවුරුන් සඳහා ලබාදෙන්නේදැයි ඉදිරි දින කීපය තුල රටට කියන බවයි.

හිරු පුවත් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

***************************************

මෝටර් රථයක සිටි යුවලක් බිය ගන්වා මුදල් ගත් කොස්තාපල් අත්අඩංගුවට

(05.10.2019 – 10:26 +0530 – sinhala.adaderana.lk)

ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ සිටි යුවලක් බිය ගන්වා මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය 02 වනදා රාත්‍රි 07:00 ට පමණ මෝටර් රථයක් තුළ සිටි යුවලකට එරෙහිව නීතිමය ආකාරයෙන් කටයුතු නොකිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයා විසින් රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී පිරිමි පුද්ගලයා සතුව තිබු රුපියල් 30,000 ක මුදලක් පොලිස් නිළධාරීයා විසින් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉදිරි විමර්ශන සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය ෴

***************************************

බදියුදීන් යහපාලනේට ආවේ රු. කෝටි 100 ක් දීලා යයි FCID යට පැමිණිල්ලක්

(05.10.2019 – gossiplankanews.com)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් කෝටි 100 ක් ලබාදී යහපාලන ආණ්ඩුවට එක්ව ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (04) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි.

ඒ රාසික් මොහොමඩ් ක්වාදීර් ඛාන් නැමැති පුද්ගලයෙකු විසින්ය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව රාසික් මොහොමඩ් ක්වාදීර් ඛාන් නැමැති පුද්ගලයෙක් විසින් ඊයේ දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කරනු ලැබුවේය.

ඒ රිෂාඩ් බදියුදීන් මහතා යහපාලන ආණ්ඩුව සමඟ එක්වීමේදී රුපියල් කෝටි 100 ක මුදලක් ලබාදී ඊට එක්වූ බවට පැවසෙන සිද්ධියක් ඇතුළු සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන්ය ෴

***************************************

Derana TV : 360 with Wimal Weerawansa
(30-09-2019) (95 min.s)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *