අනියම් පරිවාස විදුලි සේවකයන් අද වැඩට නාවොත් ‘බඩු බනිස්’

(15.09.2017 – 05:30 +0530 – lankaenews.com)

අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (අද දින) පෙ.ව 08.30 ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවත් එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලබන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අතර වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරතිබූ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදී තිබියදීත් වැඩවර්ජනයකට යාම සාධාරණ නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ, ඊයේ (14) ලංවිම වෘත්තීය සමිති නියෝජිතයන් සමග විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටියේ සේවකයන් සඳහා කිසියම් අසාධාරණයක් සිදුවී ඇත්නම්, ඒ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. මතුවී තිබූ සමහර ගැටළු පසුගිය ආණ්ඩුව ඉතිරි කර ගිය ඒවා බවද, එදා මේ ගැන කතාකරන්නවත් වේදිකාවක් නොමැතිව සිටි පිරිසට වේදිකාවක් තනා දී සේවක අයිතීන් සුරක්ෂිත කරන්නට තමා කටයුතු කළ බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා, මේ තත්ත්වය නිසා විදුලි පාරිභෝගිකයන්ට ගැටළු ඇතිවීමට ඉඩ නොතබන බවද පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද සහභාගි විය ෴

**************************************

රටක් හැඬවූ අපරාධයේ නඩු තීන්දුව 27 : ඉන්දීය මාධ්‍ය පවා උනන්දුයි..!
(14.09.2017 – 23:30 +0530 – lankaenews.com)

යාපනයේ පුංගුඩුතිව් විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටියදී සමූහ දූෂණයකට ලක් කිරීමෙන් පසුව ඝාතනය කළ විද්‍යා දැරියගේ නඩු තීන්දුව මේ මස 27 වෙනිදා ප්‍රකාශයට පත් කරන බවට යාපනය මහාධිකරණය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෙම නඩුවේ අත්‍යවශ්‍ය සාක්කි සටහන් කරගැනීම දැනටමත් අවසන් වී ඇති අතර ඉදිරියට ගෙන යාම සඳහා තවමත් ඇත්තේ කරුණු කීපයක් බව යාපනය මහාධිකරණයෙන් ප්‍රකාශ වී ඇති අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව ඇප මත නිදහස් කිරීමට නඩුවේ අවසන් තත්ත්වය පාදක වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නඩු තීන්දුව මහත් ආන්දෝලනයකට ලක්වන නඩුතීන්දුවක් වන බවට ඉන්දීය මාධ්‍ය පවා මේ සතියේදී තොරතුරු වාර්තා කොට තිබූ අතර ඒ සඳහා ප්‍රධාන කරුණ වශයෙන් සඳහන් කොට ඇත්තේ අත්දැකීම් බහුල ඉලංචෙලියන් වැනි විනිසුරුවරයෙකු මෙම නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වීමය.

දිනසේන රතුගමගේ – වවුනියාව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *