ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට (විඩියෝ)

• රනිල්ගේ නායකත්වයෙන් 40% ක් ගත් ඇල්පිටිය සජිත් 24% ට පල්ලම් බස්සයි

• මහාචාර්ය බල්ලාගේ ප්‍රකාශයට අදත් විවේචන (විඩියෝ)

• ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රයට එක්වූ රණවිරුවෙකුට ප්‍රහාරයක් (විඩියෝ)

• කට කතාවක් නිසා අසරණ වූ ජීවිත 6 ක් (විඩියෝ)

• ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන බැසිල් කියයි (විඩියෝ)

• ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට බියවී ඇතැයි විපක්ෂ නායකගෙන් චෝදනා (විඩියෝ)

• සජිත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි – මහින්දානන්ද අලුත්ගමගේ (විඩියෝ)

• ආශු මාරසිංහ හිරුට අභියෝග කරයි ! ; ජනතාව හිටියේ හැංගිලා ද? – හිරු (විඩියෝ)

• සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් පිළිබද දැන ගැනීමට දුරකථන අංකයක්

+++++++++++++++++++++++++++++++++++

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට

(11.10.2019 – 21:53 +0530 – sinhala.adaderana.lk)

නිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

# ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත දෙකයි (23,372). (56.31%)
හිමිවන සභික ධුර සංඛ්‍යාව 17 ක්.

# එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දහ දහස් එකසිය දහතුනක් (10,113). (24.37%)
හිමිවන සභික ධුර සංඛ්‍යාව 07 ක්.

# එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව පන්දහස් දෙසීය හැත්ත තුනක් (5,273). (12.7%)
හිමිවන සභික ධුර සංඛ්‍යාව 03 ක්.

# ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙදහස් හාරසිය තිස් පහක් (2,435). (5.86%)
හිමිවන සභික ධුර සංඛ්‍යාව 02 ක්.

මේ අතර ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75 ක් බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) පෙරවරු 7 ට මධ්‍යස්ථාන 47 කදී ආරම්භ කෙරුණි.

ඒ සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරක්.

මෙම ඡන්දයට පිළිගත් දේශපාලන පක්ෂ 05 කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන්ගෙන් තෝරාගනු ලබන සභිකයින් සංඛ්‍යාව 28 ක්.

මැතිවරණ නිරීක්ෂකයින්ට අනුව කිසිදු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් මෙහිදී වාර්තා නොවීම විශේෂත්වයක්.

+++++++++++++++++++++

# ගෝඨාභය : SLPP (56.31%) + UPFA (12.7%) = 69 %
# සජිත් : UNP (24 %)

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

රනිල්ගේ නායකත්වයෙන් 40% ක් ගත් ඇල්පිටිය සජිත් 24% ට පල්ලම් බස්සයි

(11.10.2019 – 23:45 +0530 – lankaleadnews.com)

ඊයේ (11) දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙමින් එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන ලදී.

එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16% ක ඡන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

Mathinta (Api UNP) – Iraj (An edited version)

***************************************

මහාචාර්ය බල්ලාගේ ප්‍රකාශයට අදත් විවේචන

(11.10.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පසුගියදා රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විවිධ පාර්ශ්ව අදත් විවේචන එල්ල කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

aruna.lk

+++++++++++++++++++++

ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රයට එක්වූ රණවිරුවෙකුට ප්‍රහාරයක්

(11.10.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පසුගිය දිනවල පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්ව සිටි රණවිරුවෙකුට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ ආබාධිත රණවිරුවා සඳහන් කළේ අමාත්‍ය මංගල සමරවීර මහතාට අපහාස කළ බව පවසමින් අදාළ පිරිස තමන්ට පහර දුන් අතර, ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පොලිසිය භාර නොගත් බවයි.

පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායට අනුයුක්තව රාජකාරී සිදුකළ මෙම ආබාධිත රණවිරුවා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය අවසන්වන තුරු එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.

පසුගිය 7 වැනිදා සිය පෞද්ගලික කටයුත්තක් සඳහා කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණි තමන්ට කිසියම් පිරිසක් සැලසුම්සහගතව පහර දුන් බවට ඔහු චෝදනා කරන අතර තුවාල ලැබූ ආබාධිත රණවිරුවා මේ වන විට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ සුවදුක් විමසීම සඳහා භික්ෂූන්වහන්සේ අද ජාතික රෝහලට වැඩම කළා.

ඔහුගේ සුවදුක් බැලීමෙන් අනතුරුව පිටතට පැමිණි භික්ෂූන්වහන්සේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

සුනිල් එදිරිසිංහ සූරීන්

***************************************

කට කතාවක් නිසා අසරණ වූ ජීවිත 6 ක්

(11.10.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

එච්.අයි.වී ආසාදනය වී ඇතැයි පවසමින් එකම පවුලේ සිසුවියන් තිදෙනෙක් පාසලෙන් සහ සමාජයෙන් කොන් කිරීමේ පුවතක් ගලේවෙල අලුත්ගම – නීරන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මොවුන්ට ඇත්තේ චර්ම රෝගයක් බවයි.

දඹුල්ල – ගලේවෙල – නීරන්ගමුව ප්‍රදේශයේ ජීවත් වන සහෝදරියන් 6 දෙනකුගෙන් යුත් මෙම පවුලේ මව විදෙස්ගතවගතව ඇති අතර, පියා ජීවතුන් අතර නැහැ.

මෙම පවුලේ 24 හැවිරිදි සහෝදරියක් රැකියාවක් සඳහා මැදපෙරදිග ගොස් ඇති අතර, 2018 වසරේදී ඇයට චර්ම රෝගයක් වැළදී තිබෙනවා.

ඒ සදහා ප්‍රතිකාර ගන්නා අතරතුර ගම්වාසීන් අතර කටකතාවක් පැතිර ගොස් ඇත්තේ ඇය ඇතුළු පවුලේ අනෙකුත් සහෝදරියන්ට එච්.අයි.වී. ආසාදනය වී ඇති බවටයි.

මෙම පවුලේ වැඩිමහල් දියණිය වන 27 හැවිරිදි චිත්‍රා කුමාරි විවාහ වී දරුවෙක් ද සිටින අතර මෙම කට කතාව හේතුවෙන් ඇගේ සැමියා ද ඇය හැරදමා ගොස් තිබෙනවා.

මුළු ගම්මානයෙන්ම වෙන්කොට ඇති මෙම පවුලට සුළු හෝ සහනයක් ලැබී ඇත්තේ දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නිසාවෙන්.

මෙතරම් දියුණු සමාජයක ජීවත් වන මිනිසුන් කිසිදු පදනමක් නැති කට කතාවක් හේතුවෙන් තවත් මිනිස් ජීවිතයක් අසරණ කිරීම කොතරම් සාධාරණද ?

***************************************

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන බැසිල් කියයි

(11.10.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වා ඉලක්ක ගත සංවර්ධනයකට රට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන වෛද්‍ය පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට කොළඹදී අද එක්වෙමින්.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට තීරණය කළ බව ලංකා කම්කරු එක්සත් පෙරමුණ පවසනවා.

එහි මහලේකම් එස්. සතාසිවම් මහතා මේ අදහස් පළකළේ නුවරඑළියේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන වෛද්‍ය පෙරමුණේ ජයන්තිපුර පිහිටි ප්‍රධාන කාර්යාලය අද වීවෘත කිරීම මෙන්ම එහි නිල වෙබ් අඩෙවිය එළිදැක්වීම අද සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළවුණා.

***************************************

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට බියවී ඇතැයි විපක්ෂ නායකගෙන් චෝදනා

(11.10.2019 – 19:05 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ වලට මුහුණදීමට බිය පිරිසක් වර්තමානයේ රටේ ආණ්ඩු බලය හොබවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල – විල්ගොඩ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

***************************************

සජිත් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි – මහින්දානන්ද අලුත්ගමගේ

(12.10.2019 – 16:33 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වීම ඵලක් නොමැති ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ගම්පොල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව වැඩි කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා විවිධ උත්සාහයන් දැරූවද ඉන් ඵලක් නොවු බවයි.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 70 කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් නියත ජයක් ලබන බවත් ඒ මහතා පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ආශු මාරසිංහ හිරුට අභියෝග කරයි ! ; ජනතාව හිටියේ හැංගිලා ද? – හිරු

(12.10.2019 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ අවසන් රැලිය වාර්තා කිරීමේදී මාධ්‍ය සාදාචාරය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා චෝදනා කරනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ අවසන් ප්‍රචාරක රැලිය පසුගිය 8 වැනිදා පස්වරුවේ ඇල්පිටිය කැටපොල මංසන්ධියේදී පැවැත්වුණු අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප එය වාර්තා කළා.

කෙසේ වෙතත්, අප එම රැලිය වාර්තා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රතිචාර දක්වා සිටියා.

මන්ත්‍රීවරයා පවසන ආකාරයට වර්ෂාව හේතුවෙන් ජනතාව වෙනත් ස්ථානයක සිට ජන හමුවට සහභාගී වී සිටින්නේ නම් ‘අදාල ජනතාව සැඟව සිටින්නේ ඇයිද’ යන්නද විමතියට කරුණක්.

“අල්ලගනිල්ලා ‌මේවා ආශුගෙ බයිලා …”

***************************************

සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් පිළිබද දැන ගැනීමට දුරකථන අංකයක්

(12.10.2019 – 08:52 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ජාතික හැදුනුම්පත් ලැබී නොමැති සිසුන්ට 011 522 6115 යන අංකය අමතා තොරතුරු දැන ගත හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Alpitiya results: Let this be a salutory lesson to UNP deshapaaluwo and bank robbers headed by the butterfly ranil whats it. Topple these bumkins off their pedestals by peoples vote islandwide. Give the country back to some decent leaders that work for the welfare of the nation and country. Muster round the Lion Flag and not around bloody stars and stripes built of massacring poor innocent red indians and all other native americans of that land

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *