ගීතා ලබාගත් වැටුප් – දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු

(03.11.2017 – 16:16 +0530 – lankadeepa.lk)

ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ලබාගෙන තිබෙන මන්ත්‍රී වැටුප හා ඊට අමතරව ගෙවල් කුලී දිමනාව,දුරකථන දීමනාව, කාර්යාල දීමනාව ආදී වශයෙන් රුපියල් මිලියන ගණනාවක් නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවනු ඇතැයි ද පැවසේ.

ගීතා කුමාරසිංහ මහත්මියගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නිතිපතිවරයා මාර්ගයෙන් කටයුතු සැලසිය යුතු බවද ඇයගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තින්දුවේ සඳහන් කර ඇත ෴

*************************************

බස් -ත්‍රිරෝද රිය ගැටුමෙන් ත්‍රිරෝද රිය ගිනිගනී
(03.11.2017 – 18:09 +0530 – lankadeepa.lk)

දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල පුවක්පිටිය ප‍්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථයක් හා පෞද්ගලික මගි ප‍්‍රවාහන බස් රථයක් අද (3) මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු රිය අනතුරකින් ති‍්‍රරෝද රථය මහ මග පෙරලි ගිණි ගෙන විනාශ වි ඇතැයි ගලේවෙල පොලිසය කියයි.

අනතුරින් ති‍්‍රරෝද රථයේ රියදුරු තුවාල ලබා රොහල් ගත කර ඇති අතර ති‍්‍රරෝද රථය මුලිමනින්ම ගිනිගෙන විනාශ වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ගලේවෙල පොලිසය පවසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *