හිරු සී.අයි.ඒ. : තරුණයන් 53 ක් රැවටූ ජපන් රැකියා ජාවාරම

(03.11.2017 – 21:43 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ, ජපන් රැකියා ලබාදෙන බව පවසා අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශ ආශ්‍රිතව සිදුව ඇති රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් පිළිබදවයි.

මෙම ජාවාරමට පොළොන්නරුව ප්‍රදේශයෙන් තරුණයන් සම්බන්ධ කර ඇත්තේ එවක, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ සේවයකල සරත්චන්ද්‍ර නම් මෙම කාර්යාල කාර්ය සහයකවරයායි.

මොහු ජපන් යෑමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස්, අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ගුණවර්ධන නමින් පෙනී සිට ඇති මෙම පුද්ගලයාට හදුන්වා දී තිබෙනවා.

විටින් විට විවිධ හේතු කියමින් ඔහු විදෙස් රැකියා ලබාදීම සදහා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් තරුණයන් 53 දෙනෙකුගෙන් මුදල් ලබාගෙන තිබුණා.

මෙලෙස පොලොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශයේ තරුණයන් රවටා රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වංචාකර ඇති මොහු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

ඔහු පළායාමත් සමග මුදල් අහිමි වී අසරණ වු තරුණයන් විසදුමක් සොයා පැමිණෙන්නේ, ජපන් රැකියා ලබාදීමේ මැදිහත්කරු ලෙස කටයුතු කළ සරත්චන්ද්‍ර නම් පුද්ගලයා වෙතයි.

මෙම ජාවාරමේ ප්‍රධානියා තිරප්පනේ පුද්ගලයෙකු බැවින් වංචාවට හසුවු බොහෝ තරුණයන් පැමිණිලි කිරීමට යන්නේ තිරප්පනේ පොලිසිය වෙතයි.

එහෙත් එහි නිලධාරීන් පවසන්නේ පැමිණිලි සිදුකළ යුත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි සරත්චන්ද්‍ර නම් පුද්ගලයාට එරෙහිව බවයි.

පොලිස් වසම් දෙකකට අයත් පුද්ගලයන් මෙම වංචාව සිදුකර ඇති බැවින් මෙම තරුණයින් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි.

මොවුන්ට සාධාරණය ඉටුවන්නේ කවදාද..?

හිරු සී.අයි.ඒ. අවධානයෙන්….

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *