මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා දක්වා අත්හිටුවයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා දක්වා අත්හිටුවයි

• සිසුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයෙකු ගැන විමර්ශන අරඹයි

• අතුරුදන් පාසැල් දැරියක් සොයා දැරණියගල මෙහෙයුමක්

• යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව – 16.10.2019 (විඩියෝ)

• ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර – කඩවත මහා රැළිය – 13.10.2019 (විඩියෝ)

• වෘත්තීය දේශකවරුන්ගේ හමුව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – 13.10.2019 (විඩියෝ)

• සජිත් ප්‍රේමදාස රාජ්‍ය මුදල් අවභාවිතා කර ‘දූෂණය’ නැමැති වරද කළ බව ඔප්පු වී අවසන් – විමල් වීරවංශ (16.10.2019) (විඩියෝ)

• නුවරඑලියෙන් සජිත් ලක්‍ෂ දෙකහමාරකින් පරද්දනවා.. – CWC

• රටට ආදරය කරන නායකයෙකු පත්කර ගන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා දක්වා අත්හිටුවයි

(16.10.2019 – 13:54 +0530 – lankadeepa.lk)

පොතුවිල් මුහුදු මහා විහාර භූමිය තුළ සිදුකරන අනවසර ඉදිකිරිම් නැවැත්වීමට අද (16) දක්වා පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය ලබන 30 වැනි දා තෙක් දීර්ඝ කිරිමට පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එච් මොහොමඩ් මහතා නියෝග කළේය.

මුහුදු මහා විහාර භූමියේ සිදුකර අනවසර ඉදිරිකිරිම් නවත්වන්නැයි පසුගිය 2 වැනිදා අධිකරණ තීන්දුව ලබාදී තිබිණි.

ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව 30 වැනිදා දක්වා දිර්ඝ කළේය.

අම්පාර කොට්ඨාස බාර පොලිස් අධිකාරි අතුල මාරපාන මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙසේ පැවසීය :

“මුහුදු මහා විහාරය ඉඩම් පිළිබඳව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තියෙනවා. එම ගැසට් නිවේදනය අනුව මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා රක්ෂිතයට අක්කර 30 ක භුමි භාගයක් ‍වෙන්කර තියෙනවා. පසු කාලයේ දී මෙම ඉඩම් තුළ විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශන ඔප්පු සකස් මෙම ඉඩම සංවර්ධනය කර තිබෙනවා. මෙයට අමතරව තවත් ඉඩම් කට්ටි 41 කට ඔප්පු ලබාදී තිබෙනවා.”

“පුරාවිද්‍යා ආඥා පනත යටතේ එම ඉඩම් කිසිවක් බෙදන්න බැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විමසීමක් නොකර මෙම ඔප්පු ලබාදීම සිදුකර තිබෙනවා. ඉදිරියේ දී මෙම ඉඩම් මැනීම් කටයුතු සිදුකිරිමට කටයුතු කරනවා. එතෙක් මෙම ඉඩමට ලබාදී තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා.”

පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහණ කාරියවසම් මහතා මෙසේ කීය :

“අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ දී මුහුදු මහා විහාරයේ ඉඩම් පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. මෙම ඉඩම් සම්බන්ධව සිතියම් දෙකක් පවතිනවා. ඒ අනුව අපි නීතිපතිතුමාගෙන් විමසීමක් කරා මෙයින් ක්‍රියාත්මක කළ යුතු සිතියම පිළිබඳව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන්නා. ඒ අනුව අපි අද අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව තහනම් නියෝගය තවත් දවස් 14 කට දීර්ඝ කරා අධිකරණයෙන් මැනුම් නියෝගයක් මගින් නිරාකරණ තෙක් එතෙක් කාටවත් ඇතුළු වෙන්න එපා කිව්වා කිසිම ඉදිකිරිමක් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.”

***************************************

සිසුවෙකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයෙකු ගැන විමර්ශන අරඹයි

(16.10.2019 – 10:57 +0530 – sinhala.adaderana.lk)

ප්‍රාථමික අංශයේ සිසුවෙකුට අමානුෂික ලෙස ගුරුවරයෙකු විසින් පහර දීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රාථමික අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර ඇත.

ආර්.දර්ශන නැමති එම සිසුවාට ඉකුත් 11 දින එම විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාගේ පිටකොන්දට , දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දි ඇති අතර පහර දිමෙන් තුවාල ලැබු සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ටද ඒ පිළිබදව නොකියා පාසල් නොගොස් අසනිප තත්ත්වයෙන් නිවසේ රැඳී සිට ඇත.

මේ පිළිබඳව සැක සිතු එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසිමේදි සොහොයුරා ඇද සිටි කමිසය ගලවා විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බවත් පවසා ඇත.

හැටන් ඩන්බාර් විදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුලී වැඩ කරමින් තම දරුවන් රැක බලා ගන්නා අතර, පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවින් සිටි සිසුවාගේ පියා විසින් ඊයේ (15) රාත්‍රි දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලීසිය වෙත මේ පිළිබදව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ සිසුවාට පහර දිම නිසා ශරිරයේ ස්ථාන 8 ක පමණ තැලීම් සහ තුවාල සිදු වි ඇති බවයි.

මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියෙකුගෙන් කළ විමසුමකට අනුව එම ගුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදිම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවයි.

ඉකුත් සිකුරාදා (11) එවැනිම සොරකමක් සිදු කිරීම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාට අවවාද කර වේ වැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවත් ගුරුවරිය පැවසු බව අප වාර්තාකරු පවසයි ෴

***************************************

අතුරුදන් පාසැල් දැරියක් සොයා දැරණියගල මෙහෙයුමක්

(16.10.2019 – 12:40 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල – ඉළුක්තැන්න වත්ත – උඩයන්කන්ද ප්‍රදේශයේ දින 8 ක සිට අතුරුදන්ව සිටින 14 හැවිරිදි පාසල් දැරියක් සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

දැරණියගල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගම්වාසීන්ගේ ද සහය ඇතිව මෙම දැරිය සෙවීමේ කටයුතු සිදුකරන බවයි.

දැරණියගල කදිරේෂන් මහා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය පාසැලේ පැවැත්වූ දේව පූජාවකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අතුරුදන්ව ඇති බවට දෙමාපියන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණේ පසුගිය 08 වනදායි.

අනතුරුව පොලිසිය දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොදවා ප්‍රදේශයෙන් සීතාවක ගඟට ගලා බසින ඇල මාර්ගයක් ද පරික්ෂාවට ලක් කර තිබෙනවා.

ඊට අමතරව පොලිස් නිල සුනඛයන්ද යොදවා ප්‍රදේශය පරීක්ෂා කළ නමුත් දැරිය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී ජාතික ගීය ගායනයක් නෑ

(16.10.2019 – colombotoday.com)

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17 දා) ජනපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා සෘජුවම පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ ෴

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව – 16.10.2019

https://www.facebook.com/slppmediacentre/videos/537224540388619/

***************************************

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහර – කඩවත මහා රැළිය – 13.10.2019

https://www.facebook.com/slppmediacentre/videos/520675325331772/

***************************************

වෘත්තීය දේශකවරුන්ගේ හමුව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා – 13.10.2019

https://www.facebook.com/slppmediacentre/videos/519847982182451/

***************************************

සජිත් ප්‍රේමදාස රාජ්‍ය මුදල් අවභාවිතා කර ‘දූෂණය’ නැමැති වරද කළ බව ඔප්පු වී අවසන් – විමල් වීරවංශ (16.10.2019)

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

නුවරඑලියෙන් සජිත් ලක්‍ෂ දෙකහමාරකින් පරද්දනවා.. – CWC

(16.10.2019 – 17:30 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයේදි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක අන්ත පරාජයක් ලබන බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (15) හැටන් නගරයේ මාධ්‍යය හමුවක් පවත්වමින් පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් මහතා සහ පි.සත්‍යවේල් යන මහතුන් මාධ්‍යය හමුව කැදවමින් වැඩි දුරටත් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් , ලංකා කම්කරු කොන්ගස්‍රයේ සමාජිකයින් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් එක් ව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට වැඩි ඡන්ද දෙලක්ෂ පනස් දහසකින් දිනවිමට කටයුතු කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ රජය වතුකරයේ ජනතාව මුලා කල බවත්, වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු. පනහක වැටුප ලබා නොදුන් බවත්, තම පක්ෂයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා ඉන්දියානු රජය සමග සාකච්ඡා කර ලබා ගත් නිවාස යෝජනා ක්‍රමය පමණක් වතුකරයේ ජනතාව වෙනුවෙන් ලබා දි ඇති බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ විසින් ඉදිරිපත්කල ඉල්ලිම් 32 කට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයන් දෙදෙනාම එකගතාවය පල කලත්, වතුකරයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉල්ලු නිසා තම පක්ෂයේ විධායක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදි සහයෝගය දැක් විමට එකමතිකව තිරණය කල බවයි මාධ්‍යය හමුවේ කරුණු දක්වමින් ලංකා කම්කරු කොන්ගස්‍රයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන කනපති කනගරාජ් , පි.සත්‍යවේල් මහතුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

***************************************

රටට ආදරය කරන නායකයෙකු පත්කර ගන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(16.10.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

රටට ආදරය කරන නායකයෙකු පත්කර ගැනීමට ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

එහිදි අදහස් දැක්වු උන්වහන්සේ පැවසුවේ දේශපාලන නායකයින් සමඟ රහසිගත සාකච්ඡා නොපවත්වන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සියළු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.

‘යුතුකම සංවිධානය’ අද (16) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකටඑක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පල කළේය.

උතුරේ දේශපාලන පක්ෂ 05 ක් ජනාධිපති අපෙක්ෂකයන්ගේන කළ ඉල්ලීම් 10 ක් සම්බන්ධයේද අදහස් දැක්වීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *