යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදෙන වගන්තිය මෙන්න… – උදය ගම්මන්පිල මහතා

(04.11.2017 – 06:14 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය :

‘‘ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දිගින් දිගටම කියන කාරණයක් තමයි – විශේෂයෙන්ම මා මිත්‍ර ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්ත මැතිතුමන් දිගින් දිගටම කියන කාරණයක් තමයි – ‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදනවා කියලා බොරු ප්‍රචාර කරන්න එපා; බෙදුම්වාදය පිළිබඳ බියක් ඇති කර ගන්න එපා; බෙදුම්වාදයට එරෙහි සවිමත් විධිවිධාන මේ ව්‍යවස්ථාවේ තිබෙනවා’ කියන එක. මේක වංචාවක්; පට්ටපල් බොරුවක්. ඇත්ත තමයි, බෙදුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධානත් යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කරලා බෙදුම්වාදීන්ගේ බිය පහ කරලා.

යෝජිත ව්‍යවස්ථාවේ වගන්තිය එන්නේ මෙහෙමයි :

‘ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රී ලංකාවේ පලාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසිම පලාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුය.’ සරලව කියනවනම් පළාත් සභාවකට හෝ වෙනත් ආණ්ඩුවේ ආයතනයකට බෙදුම්වාදීව කටයුතු කරන්න බෑ කියන එකයි.

මේ වගන්තියෙන් කියන්නේ පළාත් සභා හෝ අධිකාරියට වෙනම රාජ්‍යයක් පිළිබඳ කටයුතු කරන්න බෑ කියලා විතරයි. අනික් පැත්තෙන් එහෙම කටයුතු කළා කියලා කිසිම දඩුවමක් දෙන්නෙත් නෑ. කටයුතු නොකළ යුතුය කියලා කියනවා. නමුත් කටයුතු කලොත් මොකද වෙන්නේ ? කටයුතු කලොත් මොකද වෙන්නේ කියලා කිසිම දෙයක් කියලා නෑ. ඒ විතරක් නෙමෙයි පළාත්සභා වගේ ආයතනයකට කටයුතු කරන්නත් බෑ; දඩුවම් දෙන්නත් බෑ. අධිකාරියක් කියන්නෙත් ආණ්ඩුවේ ආයතනයක්. දඩුවම් දෙන්න බෑ.

ඒ අනුව මේ යෝජිත ව්‍යවස්ථාවේ කොටි සංවිධානය වැනි සංවිධානයටත් තනි පුද්ගලයින්ටත් රට බෙදන්න කටයුතු කරන්න තහනමක් නෑ. අනිත් පැත්තෙන් රට බෙදන්න කටයුතු කළා කියලා කිසිම දඬුවමක් යෝජනා කරන්නෙත් නෑ. නමුත් පවතින ව්‍යවස්ථාවේ 157අ වගන්තිය අනුව බෙදුම්වාදයට සෘජුව හෝ වක්‍රව සහය දෙන තැනැත්තන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරන්න පුළුවන්. එහිදී ආයතනයක් විදිහට විතරක් නෙමෙයි පුද්ගලයෙකු විදිහට හරි බෙදුම්වාදීව කටයුතු කරනවනම් දඩුවම් කරන්න පුළුවන්. වැරදිකරු වුණොත් සියළුම දේපල රාජසන්තක කරලා ප්‍රජා අයිතියත් අහිමි කරනවා. මේ නිසා යම් පුද්ගලයෙක් කොටි සංවිධානයට වැඩ කරනවා ඔහුගේ බිරිද දන්නවනම් ඇය උනත් සැමියට කියනවා අපිට උන්හිටි තැනුත් නැති කරන වැඩක් මේක කියලා. ඒ නිසා ඕක නවත්තන්න කියලා. එවැනි පෙළඹවීමක් සිදු කරනවා වත්මන් ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන වලින්. මේ කිසිවක් නව ව්‍යවස්ථාවේ නෑ. ඒ නිසා කොටි සංවිධානයට කිසිම ප්‍රශ්නයක් නෑ. පුද්ගලිකව බෙදුම්වාදියට පක්ෂව කටයුතු කරන විග්නේශ්වරම්ටත් කිසිම කිසිම ප්‍රශ්නයක් නැ. පලාත් සහාව විදිහට හා අධිකාරියක් නොඑසේනම් රාජ්‍ය ආයතනයක් විදිහට විතරයි බෙදුම්වාදය කරන්න බැරි.

අපි බෙදුම්වාදයට එරෙහිව නව විධිවිධාන දැම්මා කියලා බොහොම ආඩම්බරයෙන් කියන්නේ තිබෙන විධිවිධානත් ඉවත් කරලා. කොහොමද බෙදුම්වාදීන්ට දී තිබෙන තෑග්ග ? මේ ව්‍යවස්ථාව බෙදුම්වාදින් විසින් බෙදුම්වාදින් වෙනුවෙන් හදන බෙදුම්වාදි ව්‍යවස්ථාවක් කියන එකට මීටත් වඩා හොඳ නිදසුනක් ඕනෑ ද?

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++

පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඒකීය රාජ්‍ය ගැන පහදයි
(03.11.2017 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රටේ පැවැත්ම වෙනුවෙන් එහි ඒකීයභාවය අත්‍යවශ්‍ය බව කැළණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කිරිබත්ගොඩ – මාබිම – තායි – ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

‘‘කසාය හදල වෙද මහත්තයාගේ ගෝලබාලයෝ එකතුවෙලා හැදුව මුට්ටියක්. ඒ මුට්ටිය හදන්න සමහරු පස් කැපුවා. සමහරු මුට්ටිය හැදුවා. සමහරු මුට්ටිය පිච්චුවා. වෙද මහත්තයා මේ මුට්ටියට කසාය දැම්මා. ඇත්තටම වටින්නෙ කසාය ද මුට්ටිය ද. මුට්ටිය හරියට ජාතිය වගෙයි. කසාය හරියට ආගම වගෙයි. ලංකාව විතරයි ථේරවාදී බුද්ධාගම මේ විදිහට රකින්න තියෙන්නේ. ලංකාවේ ඉන්න ඕක්කොම රකින්නෙ නැහැ බුද්ධාගම රකින්නේ සිංහලයෝ විතරයි. සිංහලොත් රකින්නෙ නැහැ ඔක්කොම බුද්ධාගම රකින්නෙ සිංහල බෞද්ධයෝ විතරයි. සිංහල බෞද්ධයොත් රකින්නෙ නැහැ බුද්ධාගම මක්නිසාද යත් හාමුදුරුවරුත් ඔක්කොම රකින්නෙ නැති නිසා. අපි කියන්නේ ම රට රකින්න ඕනා. රට රැකෙන්න ඕනා. රට කෑලි 9 කට කැඩුනොත් මුට්ටිය බිඳුනා හා සමාන තමයි කෑලි 9 ට. මුට්ටිය බිදුනොත් ඉතිරි වෙන්නේ නැහැ කසාය. සම්බුද්ධ ශාසනය ආරක්ෂා විය යුතුයි. මෙම සංස්කෘතික කාරණා සහ ආගමික කාරණා රැකෙන්න නම් බුද්ධාගම රැකිය යුතුයි. බුද්ධාගම රැකෙන්න ජාතිය රැකිය යුතුයි. ජාතිය රැකෙන්නේ ඒකාබද්ධ රටක් ඉතිරි විය යුතුයි.’’

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙවැන්නක් :

‘‘දරුවෝ ඉතාම ශික්ෂණකාරි විදිහට ඉදිරිය වෙනුවෙන් හදාගන්න ඕනා. එහෙම හදාගන්න ඕන පරිසරය අපිට අතීතයේ ඉදලම තියෙනවා. අපේ අතීත ආපු පරිසරය බෞද්ධාගම, සිංහල ජාතිය , සංස්කෘතිය මේවාගෙන් තොර රටේ අනන්‍යතාවක් අපිට නැහැ. බෞද්ධාගම සිංහල ජාතික අනන්‍යතාවය කියන එකට පැහැදිලි අරුතක් ඇතිවුණේ ඇති කෙරුවේ ඇති කරන්නේ ඉදිරියටත් ඇති කරන්නේ මෙන්න මේ කහපාට චීවරය. මේ කහ චීවරය නැති දවසකට අපිට රටක් නැහැ. ජාතිකයක් නැහැ. පැවැත්මක් නැහැ. ඒක තේරුම් ගත යුතු පිරිස බොහෝයි.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *