“වෛද්‍ය පරීක්ෂණයක් කරලා ආයේ ළමයව ගෙනත් දෙන්න” – පොලොන්නරුවේ දැරියකටත් පාසල තහනම් වෙයි

(04.11.2017 – webgossip.lk)

පාසල් තුළ දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල්නම් එතරම් සුලු දේවල් නෙවෙයි.

පසුගිය දිනක දැරියක් බඩගනින්නට වමනය කළ නිසා ඒ දැරියව ගැබිණියක් යැයි හංවඩු ගසා පාසල් තහනම් කළ පුවතක් ද අපි ඔබට වාර්තා කළා.

අපි මේ කියන්න යන්නේ ඒ වගේම තවත් කතාවක්.

පාසල තුළ අසභ්‍ය ලෙස හැසිරුණු බව පවසා පොලොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දැරියකට සති දෙකක පන්ති තහනමක් ලබදීමට එම විදුහලේ විදුහල්පතිවරයා කටයුතු කර තිබෙනවා. කොහොමවුනත් මෙම ශිෂ්‍යාව විදුහල්පතිවරයා විසින් කළ මෙමම චෝදනාව සහ ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය පවසා ඇත්තේ පසුගිය මස 19 වනදා පාසල් වේලාවෙන් පසුව පැවති අමතර නැටුම් පංතියකට සහභාගී වීම සඳහා ඇය පාසල තුළ රැඳී සිටි බවයි.

පසුගිය මස ඉකුත් 23 වෙනිදා මෙම විදුහල්පතිවරයා සිසුවිය සහ ඇගේ පියාව පාසලට කැඳවා ඇයට එරෙහිව ඇති චෝදනාවක් පිළිබඳව අසා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය පැවසුවේ මෙවන් කතාවක්. “වෙන ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ස්කෝලේ ඉදල තියෙනවා. ඒකට ලොකු සර් කියන්නේ මම හිටියා කියලා ස්කෝලේ. මගෙන් විස්තර ඇහුවා.19 වෙනිදා කොහේද හිටියේ. ? මම කිව්වා නැටුම් පන්තියේ හිටියේ කියලා.තාත්තට කතා කරල කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණයක් කරලා ස්කෝලෙට ළමයව ගෙනත් දෙන්න. එතකොට භාර ගන්නම් කියලා.”

ශිෂ්‍යාවගේ මව්පියන් කියාසිටින්නේ තම දියණිය එලෙස හැසිරී නොමැති බැවින් වෛද්‍ය පරීක්ෂණයක් සිදු නොකල බවයි.

කොහොමවුනත් මෙම විදුහල්පතිවරයා පැසල තුල විනය පරීක්ෂණයක් පවත්වා ඇයට සති දෙකක පන්ති තහනමක් පනවා තිබෙනවා.

මේ සිදුවීමත් සමග දැරිය සහ පවුලේ සියලු දෙනා පසුවන්නේ දැඩි අපහසුතාවයකින් බවයි දැරියගේ මව පවසා සිටියේ. “පාරේ බැහැලා යන්න බැහැ. අපිටවත් ළමයටවත්.මිනිස්සු හිනාවෙනවා. ලබන මාසේ විභාගය. ළමයට ඒ මානසිකත්වයෙන් පාඩම් කරන්නත් බැහැ. හොඳට ඉගෙනගෙන ආවා ඒ සේරම ප්‍රේම සම්බන්ධ ලියුමක් හම්බවුණා කියලා නැති කළා ලොකු සර්.”

සිසුවියගේ මව මෙම චෝදනාව ගැන විදුහල්පතිවරයාගෙන් ඇසුවාම ඔහු පවසන්නේ විනය පරීක්ෂණයේදී ඇය සතුව තිබී ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව ලිපියක් හමුවීම නිසා මෙම තීරණය ගත් බවයි. ශිෂ්‍යාව මේ සම්බන්ධයෙන් පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයටද ලිඛිත පැමිණිල්ලක්ද කර තිබෙනවා.

කෙසේවෙතත් මෙවන් සිද්ධීන් දිගින් දිගටම අසන්නට දකින්නට ලැබීම කණගාටුවට කරුණකි. වරදක් කළ විට පාසලෙන් දඬුවම් කළ යුතුයි. එහෙත් මෙවැනි දඬුවම් ක්‍රම කිසිසේත්ම කිසිදු කෙනෙක් අනුමත කරන්නේ නැත. වෛද්‍ය පරීක්ෂණයක්වත් නොමැතිව ලිපියක් පමණක් තිබූ පමණින් අදාළ දැරියට මෙවන් දඬුවමක් ලබාදීම කෙතරම් සාධාරණද? පාසල්වල වගකිවයුතු පාර්ශවයන් මෙවැනි වගකීම් විරහිත තීරණ ගැනීමෙන් සිදුවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය අතරමග කඩාවැටීමක් පමණක් නේද? තීරණය ඔබ සතුයි ෴

++++++++++++++++++++++++++++++++

*******************************************

පියා පැදවූ වෑන් රථයට දැරියක් යටවෙද්දී පුතා පැදවූ කැබ් රථයට මව යටවී අවසන් ගමන් යයි
(04.11.2017 – webgossip.lk)

පියා පැදවූ වෑන් රථයට යටවී කුඩා දැරියක් මියගිය පුවතක් ඊයේ (03) දිනයේ වාර්තා වුණා. වීරකැටිය – අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්‍රම නැමති අවුරුදු තුන හමාරක දැරියක් තමයි ඒ සිද්ධියෙන් මියගියේ.

අදත් මෙවැනිම පුවතක් වාර්තා වුණා. ඒ පුතා පැදවූ කැබ් රථයට මව යටවී අවසන් ගමන් ගිය පුවතක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ කිවුල්දෙණිය පහළ ලෙනගල ප්‍රදේශයෙන්.

කැබ් රථයක් පැදවීමට පුහුණුවීමට ගිය පුතෙක් අතින් වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් තමයි මේ.

පටු මාර්ගය ඔස්සේ නිවස දෙසට කැබ් රථය ගන්නකොට මේ අම්මා කැබ් රථය ඉදිරියට පැමිණ ඉදිරියට ගන්නා ලෙස කියා තිබෙනවා.

එම අවස්ථාවේ වැරදීමකින් තිරංග වෙනුවට පෑගිලා තියෙන්නේ ඇක්සිලේටරය. ඒ අවස්ථාවේ අම්මාවත් යට කරන් තමයි කැබ් එක ඉස්සරහට ගිහින් තියෙන්නේ.

තාත්තාත් නැති පවුලේ ජීවත්වෙලා තියෙන්නේ මේ අම්මයි පුතයි විතරයි. කැබ් එකත් අරන් සතියයිලු.

අම්මාව හැප්පුණු ගමන් ත්‍රීවිලරයකින් කරවනඇල්ල රෝහලට රැගෙන ගොස් තිබුණත් ඒ අම්මාගේ ජීවිතේ බේරගන්න නම් බැරිවෙලා තියෙනවා.

56 වන වියේ පසුවූ කේ.එම්. රංජනී නම් කාන්තාවක් තමයි මෙලෙස මියගිහින් තියෙන්නේ.

කෙසේවෙතත් මේ පුතාට රියදුරු බලපත්‍රයකුත් නෑ කියලා තමයි අපට වාර්තා වුණේ ෴

+++++++++++++++++++++++++++++++

*****************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *