සජිත්ගේ නිවාස ජාවාරම !!!

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සජිත්ගේ නිවාස ජාවාරම !!!

• නිවැරදිගාය තෝරා ගැනීම සහ ජාතිකගාය දිනවීම

• දේශපාලන පිටියේ විනය හදන්න තරුණ දරුවෝ නායකයෙක් ඉල්ලනවා – විමල් වීරවංශ

• වසන්ත එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි

• මාධ්‍ය පාලනය මිත්‍යාවක් – මහින්ද දේශප්‍රිය

• අද දුටුගැමුණු කෙනෙකු අවශ්‍ය යුගයක් – එස්.බී. දිසානායක

• ගෝඨා සෘජු ප්‍රතිපත්තියක් ඇති නායකයෙක් – පූජ්‍ය අතුරලියේ රතන හිමි

+++++++++++++++++++++++++++++++++++

සජිත්ගේ නිවාස ජාවාරම !!!

(20.10.2019 – YouTube – IRAJ)

https://www.youtube.com/watch?v=OG3HD2zN_Ik

+++++++++++++++++++++

***************************************

නිවැරදිගාය තෝරා ගැනීම සහ ජාතිකගාය දිනවීම

(23.10.2019 – 00:11 +0530 – lankaleadnews.com)

එදා ජේ.වී.පී.ය සහ අද ජේවීපීය මැයෙන් දොස්තර වසන්ත බණ්ඩාර මහතා විසින් රූපවාහිණි සාකච්ඡාවකදී ජවීපයේ උපාය මාර්ග තේරීම පිළිබඳව ඉතා වැදගත් කරුණක් හෙළිකරන ලදී. එනම් කලින් කලට ඇතිවන ජනප්‍රියගාය තම පැවැත්ම උදෙසා කෙටිකාලීන ජයග්‍රහන වෙනුවෙන් ජ.වි.පෙ විසින් තෝරාගන්නා ආකාරය පිළිබඳව කරනලද පැහැදිළි කිරීමයි. අලුත් ජ.වි.පෙ කාඩරයින් වසන්ත බණ්ඩාරයන් ජේවීපී කාරයෙකියි නොදන්නා නමුදු එය සුප්‍රකට කුමාර් ගුණරත්නම් කෙනෙක් ජ.වි.පෙ නොසිටි බව පැවසූවන්ට ගැලපුනද වසන්ත බණ්ඩාරයන් යනු සෝමවංශ අමරසිංහා මෙන් 88/89 භීෂණ යුගයේදී රටින් පැන ගොස් ජීවිතය ගලවාගත්ගෙක් බව දන්නෝ දනිති. එබැවින් වසන්ත බණ්ඩාරයන් විසින් ජවිපය පිළිබඳව සිදුකළ ප්‍රකාශය අවතක්සේරු කළ නොහැක.

ජ.වි.ප යේ අවිච්ඡින්නව පැවත එන ගාය වනුයේ බෙදුම්වාදය හෙවත් සුලු ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතියට සහයෝගය දිමයි. එනම් ජවිපයේ මුල සිටම න්‍යෂ්ඨියේ ඇත්තේ බෙදුම්ගායයි. දිගුකාලීන බෙදුම්ගාය අරමුණ වෙනුවෙන් ජවීපයෙ කෙටිකාලීනව කඳවුර තේරීමේ කාර්යභාරය මැනවින් සිදුකර ඇති බවත් වත්මනේදීද එසේම කරන බවත් අනාගතයේදීද එසේ කරන බව පැහැදිළි වේ. මෙවර වෙනස වන්නේ එසේ ජනප්‍රියගාය වැලඳගැනීමේ කුප්‍රකට භූමිකාව ජ.වි.ප ය වැලඳගැනිමට පෙරම පරාජයවී ඇති බවයි. ඒ අඩුව පිරවීමට අදිසි ස්වාමීවරුන් විසින් පාවෙනගාය ඇති ඡන්දදායකයින් අරමුණුකොට සුපුරුදු ලෙස ඉත්තෙක් යොදා ඇති නමුදු ඔහුගේද අරමුණ වැරදි තෝරාගැනීම් හේතු කරගෙන ආරම්භයේදීම පරාජය වී ඇති බව පෙනේ. ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය බෙදුම්ගායෙන් නොපෙලුන නමුදු වත්මන් නායකත්වය බෙදුම්ගායෙන් උපරිමව පෙලනු ලබයි. ශ්‍රී.ල.නි.ප යේ බෙදුම්ගාය බලවත්ව තිබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට වන අතර මංගල සමරවීර එහි තවත් සහයෝගිකරුවෙක් විය. වත්මනේ පොහොට්ටුවේද බෙදුම්ගාය ඇති නටබුන් ඇති අතර පෙර මෙන් නොව මෙම බෙදුම්ගාය නටබුන් වලට වැඩි අගයක් නොපවතින බව පෙනෙන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා විසින් හින්දු පුවත්පතට උපරිම බලය බෙදීමක් ගැන පවසා ඇති නමුදු බැසිල් රාජපක්ෂ මහතා බෙදුම්ගායෙන් පෙලෙන්නෙකු නොවන බවට පැහැදිළි කරුණකි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා බැවින් ඔහුගේ භූමිකාවේ ඉතා වටිනා වැදගත් කමක් ගැබ්ව ඇත. එබැවින් ඔහුගෙන් සිදුවන කුමන තේරීමක් වුවද සෑම අංශයකටම තදින් දැනෙන බව පැහැදිළිය. ගිණි පෙල්ලෙන් බැට කැ මිනිසා කණාමැදිරියන්ටත් බියවන්නාසේ මෙවර ජනප්‍රියගාය වන ජාතිකගාය නියෝජනය කරන පාර්ශවය වන ජාතික සංවිධානවලට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පිළිබඳ කුකුසක් සහ අප්‍රසාදයක් ඇති වීම සාධාරණ නමුදු එය පොහොට්ටුව සමඟ ඇති ගනදෙනුව පලුදු කර ගැනීමට වර්ධනය කර ගැනීම දක්වා ඇද ගැනිම සුදුසු නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ සැබෑ බෙදුම්ගායකයින්ගේ අරමුණ මස්තකප්ප්‍රාතවීමයි. එයට ඉඩ දීමට ජාතිකගායින් ඉඩ සැලසිය යුතු නොවේ. ඒ වෙනුවට සැබෑ සතුරා දෙස සියලු ආයුධ එල්ල කිරීමට වඩා සුදුසු වේ. මේ අතර වඩා ඔදවැඩුණු ජාතිකගායන් විවේචනගායෙන් පෙලෙමින් ජාතිකගායින් වෙත ප්‍රහාර එල්ල කරන ආකාරයක් පෙනෙන අතර මෙවන් ප්‍රහාරයන්ද සතුරා අතට ආයුධ දීමක් බව පැහැදිලිවේ.

ඉහත කරුණු විග්‍රාහාත්මකව බැලිමෙන් උක්ත අඛ්‍යාත ගලපා බැලීම සිදු කල හැක. එදා සිට ජ.වි.ප යට තිබුණ ගායවන්නේ ජනප්‍රියගාය වැළඳ ගැනිමයි. කාලයෙන් කාලයට ඇතිවන ජනප්‍රිය ප්‍රවනතාවය තමුන් සතුකර ගැනීම හෙවත් සතුරාගේ ආයුධය ඩැහැගැනීම එහි දැකිය හැකි එකම ලක්ෂණය වේ. මෙම ජනප්‍රියගාය වැළඳ ගැනීම දෙයාකාර වේ. එනම් තම සැබෑ රූපානුකුලව ජනප්‍රියගාය ගැනිම සහ තම සැබෑ රූපය වසාගෙන අනෙකෙකුගේ ගායක් ඇඟලා ගැනීමයි. පලමු ආකාරය තම සැබෑ අරමුණ පිළිබඳව විග්‍රහයකි. දෙවැන්න තම දිගුකාලින අරමුණ වෙනුවෙන් ගන්නා කෙටි කාලීන ක්‍රියාමාර්ග වේ. මෙහිදි තම පැවැත්මට අභියෝගයක් විය හැකි කණ්ඩායමක් බිහිවීමට හැකියාව ඇති නම් එසේ අභියෝගයක් විය හැකි මාතෘකාවක් හෙවත් ජනප්‍රියගාය තම ග්‍රහණයට ගැනීම සිදු කරනු ලබයි. ජ.වි.ප ය එසේ ජනප්‍රියගාය ග්‍රහණය කරගැනීමෙන් බලාපොරොත්තු වන්නේ තමුන්ට එරෙහිව නැගිටිය හැකි කොටස් බිහිවීම වැළැක්වීම, තමන්ව ප්‍රතික්ෂේප වීමෙන් වලක්වා ගැනීම සහ තමන්ගේ ගොඩට කොටස් ඈඳා ගැනීම වේ.

ජේ.වී.පි ය ආරම්භයේදී විජේවීර පැමිණියේ එකල ජනප්‍රියගාය වූ චේගුවරාගාය සමගිනි. එය 71 දී සුප්‍රසිද්ධ රතගායෙන් සංසිඳුනි. ඊළඟට ස්වයංනිර්ණය සඳහා ඇති බෙදුම්ගායට තල්ලු වෙමින් ගොස් පලමු ජනපතිවරණයෙන් ලැබුණ කනේ පහරද සමඟින් ඒ ස්ථාවරයෙන් මිදීමට සුපුරුදු ජනප්‍රියගායට මාරුවීම සීරුවට සිදු කෙරිණි. එහිදී ලයනල් බෝපගේ වැනි උග්‍ර බෙදුම්ගායෙන් පෙලෙන්නන් ඉවත්වුන අතර විජේවීරට ඉන්දියානු ආක්‍රමණය ගැන කියවීම් ඇති වුණි. මේවන විට ඉන්දියානු විරෝධගායක් ක්‍රමයෙන් ඇති වෙමින් තිබුණ අතර එය ජනප්‍රිය වෙමින් පැවතුණි.

88/89 වනවිට ජේ.වී.පිය ‘මව්බිම නැත්නම් මරණය’ යන ජනප්‍රිය මතවාදයට මාරුවුනි. එම ජනප්‍රිය මතය හැසිරවීම කෙසේ අවභාවිතා කර ඇද්ද යන්න පසුවිපරම් කිරීම් වලින් බැලීමේදී ජ.වි.ප ය සුපුරුදු ලෙස ජනප්‍රිය මතවාද ‘හයිජැක්’ කර බලලුන්ලවා කොස් ඇට බෑවීමටකට උත්සහ දරා ඇති බවක් පැහැදිළි වේ. එනම් මව්බිම වෙනුවෙන් මරණය තෝරා ගත්තේ නම් ඔවුන් සටන් කල යුතුව තිබුණේ උතුරට සහ නැගෙනහිරට ගොස් බෙදුම්වාදී කොටියාට විරුද්ධවය. ඒ වෙනුවට ජ.වි.ප ය තෝරාගත්තේ මුව හමට තැලීමේ න්‍යායක් හෙවත් රට රකින්න උතුරට සහ නැගෙනහිරට ගොස්සිටි හමුදාවට පහරදීමයි. මේ පිළිබඳ කමල් ගුණරත්නයන්ගේ නන්දිඩාල් පොතේ සඳහන් කර ඇත. මෙහිදිද ජ.වි.ප ය කර ඇත්තේ ජනප්‍රියගාය අවභාවිතා කිරීමයි. වසන්ත බණ්ඩාරයන් පවසන පරිදි 2005 දී ජ.වි.පෙ නැවත ජනප්‍රිය මතයට තල්ලු වුණි. 2005 වන විට සිංහල උරුමයේ මතය ජනප්‍රිය වෙමින් පැවතුනි. එම ජනප්‍රිය මතයට බෝදිලිමෙකුට වැඩිය සූක්ෂම ලෙස ජ.වි.පෙට මාරුවිය හැකිවුණි. මතුපිටින් පෙනුනද බෙදුම්වාදීන්ට සහයෝගය දීම නිරන්තරව ජ.වි.පි යේ අරටුවේ පැවතුනි. එයින් අමරසිංහ ජේ.වී.පී ය හැරයාම ඒ අනුව සිදුවුණි.

වසන්ත බණ්ඩාරයන් පවසන පරිදි මහින්ද පැරදවීමට මහින්දව දින වුවද, 2009 වනවිට ජ.වි.පයේ සැබෑ මෙහෙයවන්නන් බෙදුම්වාදය රැකගැනීමට ජේ.වී.පී ය යොමු කරවන ලදී. එහිදී විමල් වීරවංශයන් ජ.වි.පයෙන් ඉවත් වුණි. බෙදුම්වාදීන්ට උදව් කරන අය න්‍යෂ්ඨියේම ම පවතින අතර ඔවුන් කලින් කල සුදු ඇඳගෙන පැමිණෙන කළු වංශිකයන් වේ. 2014 දී ජ.වි.පෙට උග්‍ර බෙදුම්වාදියෙක් වුණු රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය සමඟ දීග යෑමට සහ එම බැඳීම දිගටම පවත්වාගෙන යෑමට බලපාන්නේ මෙම බෙදුම්වාදයට ඇති අභ්‍යන්තරයේ දැඩිව පවතින අවිචින්ත බැඳීමයි.

බෙදුම්වාදයේ ස්වාමීන් 2014 වනවිට කොතෙක් බලවත්වීද යත් ජාතිකවාදී පිල කැබලිවලට කැඩීමට ඔවුන්ට හැකියාව ලැබුනි. ඒ අනුව කවදත් එජාප ලැදි මල්වතු පාර්ශ්වයේ නායක හිමියන් සහ ජාතිකගාය එදා සිටම තිබූ කෝට්ටේ නාග විහාරයේ සෝභිත හිමියන් පවා ග්‍රහණය කර ගැනීමට බෙදුම්ගායින් සමත්වි තිබුණි. මහින්ද රාජපක්ෂයින්ගේ ‘එකවුන්ට්’ එකට බැර කරමින් දූෂිතයින් කිහිප දෙනෙක් ක්‍රියා කිරීම සහ ඔවුන්ට නිසි දඬුවම් දීමට අපොහොසත් වීම රාජපක්ෂවරුන් හට දූෂණ චෝදනා එල්ල වන්නට හේතු විය. ස්ත්‍රී දූෂණයේ සිට ලැම්බෝගිනි මතින් හයිවේ ගසාකෑම් හරහා රතුපස්වල දක්වාම වූ සියලු ක්‍රියාකාරකම් මැඩලීම, දඬුවම් දීම හෝ ක්‍රියාකිරීමට උත්සහ නොකිරීම මෙම බෙදුම්ගායින්ගේ මනදොල සපුරා ගැනීමට කදිම තෝතැන්නක් විය. ලැම්බෝගිනි, බකිංහැම් පැලස් හෙලිකොප්ටර් සහ කාර් රේස් ලාංකික ජනයා පෙළෙන කුහකගායෙන් ප්‍රයෝජන ගැනීමට බෙදුම්ගායින් විසින් අටවන ලද කෙමනක් බව වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් අවසන්ව තිබුණි. අවසාන මොහොතේදී පවිටු දූෂිත අභිසරුලෝලී අවස්ථාවාදීයෙකු නොවූ උදය ගම්මන්පිල හට ජාතික හෙළ උරුමයෙන් ගැලවීමට හැකිවුණද (නො)හැදියාගායෙන් පෙලෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍රයන්ට අනුව ගම්මන්පිලයන් හට ඔහුගත් තීරණ වෙනුවෙන් වෘෂණ කෝෂ වලට කොට්ට තබාගෙන සිපිරිගෙයි ලගින්න පවා සිදුවිය.

මෙසේ 2015 වනවිට ජනප්‍රියගාය වූ ‘මහින්ද හොරා’ යන්න ජ.වි.පය සාර්ථකව භාවිතා කරන ලදී. ජ.වි.පෙට එජාපය සමඟ දීග කැමට කුමනම ආකාරයේවත් අවුලක් නොතිබිණි. එයට හේතුව වුණේ ජ.වි.පයේ අභ්‍යන්තරව ජනප්‍රිය බෙදුම්ගාය එජාපයට අවශ්‍ය ප්‍රමාණයටද වඩා ඉහළින් පැවතිමයි. කෙසේ වුවද මෙවර ජනප්‍රියගාය තේරිමේදි ඉතිහාසයේ පලමු වතාවට ජ.වි.පේ පරාදවී ඇත. එය ඔවුන්ගේ මෑත ඉතිහාසයේ අවභාවිතයෙන්ම සිදුවූවකි. හොරු ඇල්ලීමට පැමිණ නව හොරු බිහිකිරීමේ සිට නිර්ලජ්ජිත ලෙස හොරු රැක ගැනීමට ඉදිරිපත් වීමෙන් ජ.වි.පයේ ඓතිහාසික ජනප්‍රියගාය වැළඳගෙන ඉදිරියට ඒමේ අවස්ථාව අහිමිකරගෙන ඇත.

නමුත් බෙදුම්ගායේ ස්වාමිවරුන් යටත්වීමට සූදානම් නැත. ඒ සඳහා ඔවුන් මෙවර පැති කිහිපයකින් තම කටයුතු අරඹා ඇත. ගොන්ගායෙන් පෙලෙන සජිත් ප්‍රේමදාසයන් නින්දෙන් පිබිදුනාක් මෙන් තමාද නායකත්වය සහ භාරකාරත්වය දැරූ රජයේ දූෂිතකම් හොරකම් පාවාදීම් සහ විකිණීම් කිසිවකටත් තමා වග කිවයුතු නොවන සේ සෙප්පඩ විජ්ජාවක් පෙන්වමින් දුප්පත් නූගත් ජනතාව ඇදගැනීමට කටයුතු කරමින් සිටි. ඒ කෙසේ වුවද ලැබෙන නියත පරාජය හඳුනාගෙන ඇති බෙදුම්වාදී ස්වාමීන්ගේ කැමැත්ත මත ජ.වි.පය බේරාගනුවස් මෙවර ජනිපය වෙනම තරඟකරවිමට අනුමත කර ඇත. එසේම හමුදා නායකත්වයට සුදුසුකමක් නොතිබූ, රණවිරුවන් පාවාදෙද්දී ඒ පිළිබඳව කිසිවක් නොකෙරූ, නන්දිකඩාල් විජයග්‍රහණයෙන් වසර දහයකට පසු සිදු කෙරුණු ලෝකයේ ම්ලේඡ්චතම ත්‍රස්ථ ප්‍රහාරය පිලිබඳව 97 වතාවක් දැනුවත් වීම් කර තිබුණද එය වලකා ගැනීමට අපොහොසත් වීම පමණක් නොව එම ප්‍රහාරය පිලිබඳ මාධ්‍ය මඟින් දැන ගැනීමට පමණක් සමත් වූ බම්මන්නෙකු පාවෙනගාය ඇත්තවුන් බා ගැනීම සඳහා මෙවර ඉදිරිපත් කර ඇත. මෙවර ජේ.වි.පී ය මෙන් බෙදුම්ගායේ ස්වාමිවරුන්ද තරඟය ආරම්භයේදිම ඇනගත් බවක් දක්නට ඇත.

සාමාන්‍ය ජන වහරට අනුව ‘නයා යවනවා’ යැයි වාචාල මුකරියන් බේගල් ඇද බාන විට පැවසීම සුලභ උවද ඔවුන්ගේ රඟ දැක්වීමට අහුවන්නන් සුලභ නොවේ. එවන් දුර්ලභ වූ අවස්ථාවක් පසුගිය කාලයේදි සිදු විය. නමෙන්ම නාගයෙන් වූ නාගානන්දයන් බෙදුම්වාදයේ ස්වාමීන්ගේ සිට ජාත්‍යන්තරයද, උබුජගායෙන් පෙලෙන සිංහල ඩයස්පෝරාවද, පාවෙනගායෙන් පෙලෙන සම-හරක්ද වසඟ කර ගැනීමට සමත් විය. අවසානයේද් ඔහු දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් තියරියෙන් වේදිකාවෙන් බැසගිය අතර එයින් ගැහුන කනේ පහර ඉහත කී උබුජගායෙන් හා පාවෙනගායෙන් පෙලුන සමහරක්ගේ ඇස් ඇරවන්නට සමත් විය. නොඅනුමානව උබුජුගායන්ට සහ පාවෙනගායින්ට යම්කිසි දුරකට ජාතික ගායද තිබෙන බැවින් එවැන්නන් අසාර්ථක චරිතයක් වූ අත්භූත ලෙස පුම්බන ලද මහේෂ් සේනානායක ප්‍රතික්ෂේප කරන්නට ඇත. ලෝකයේ කුමන රටකවත්, ලංකාවේ හැර, එවන් අසාර්ථක හමුදාපතිවරයෙක් නොසිටින්නට ඇති අතර හමුදාපතිධූරයෙන් ඉවත්වුණ වහාම රට පාලනය කරන මුල් පුටුවටම තරඟ වදින්නට ඉදිරිපත් නොවනු ඇත.

ජාතිකගායින්ගේ මෙවර තවත් ජයග්‍රහණයක් වන්නේ 2014 දී ජාතික කඳවුර අතහැර බෙදුම්ගායින්ගේ කඳවුර සමඟ සිටගත් සමහර ජාතිකගායෙන් පෙලෙන්නන් කොන්දේසි විරහිතව නැවතත් ජාතිකගායින් සොයා පැමිණීමයි. රතන හිමියන්ගේ ආපසු වැඩීම, එජාප ලැදි මල්වත්ත පාර්ෂවයද එජාපයෙන් දුරස්ව ජාතිකගාය පැත්තට නැඹුරු වීම, අස්ගිරි පාර්ශවයෙන් සහ අනෙකුත් පාර්ශව වලින් නිබඳ ආශිර්වාදයද, වික්‍රමසිංහලාගේ නින්දගමක් හෝ බූදලයක් ලෙස සැලකූ කැළණිය විහාරයෙන් රනිල් වික්‍රමසිංහයන් නෙරපා දැමීමද, එජාප බලකණුවක් වූ ගංගාරාමයෙන්ද එවැනි ඉරණමක් අත්වීම පමනක් නොව කෝට්ටේ නාග විහාරය නැවත වරක් බෙදුම්ගායින් හඳුනාගෙන ඔවුන්ගෙන් ඉවත්ව ජාතික කඳවුර තුලට ගොනුවි ඇත. බෙල්ලන්විල, පැපිලියාන, හෝකන්දර ආදි සියලු විහාරයන් ආශ්‍රිතව නැවතත් ජාතිකගාය එක ගොඩකට ගොනුකරමින් ජ.වි.පෙ ආදී බලල් අත් වලට ජාතිකගාය නැමැති ප්‍රභල අවිය අත්පත්කර ගැනිමට තිබූ ඉඩකඩ අහුරා ඇත.

මේ අතර අතිජාතිකගායි කඳවුරකින් ජාතිවාදින්ට චෝදනා එල්ලවන බවක්ද පෙනෙන්නට ඇත. ඔවුන් උග්‍ර සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙනි සිටින අතර ලංකාවේ රාජ්‍යත්වය අහිමි වූ දා පැවතියාවු ක්‍රමයට ප්‍රාණය දීම ඔවුන්ගේ අභිප්‍රාය බව ප්‍රකාශ කරන්න යෙදුණි. ගාය යනුවෙන් යෙදීමෙන් අපහාස මුඛයට වැටීම සිදුවන බැවින් එවන් පටබැඳිමක් නොකරන අතර අතිජාතිකගායීන් යනුවෙන් ඔවුන්ව හඳුන්වමු. මෙම උග්‍රජාතිගායින් ජාතික පිලෙහි සිටියද අදිසි වේගය හේතු කර ගෙන හදිසි අනතුරු කර ගැනීමට ඉඩ ඇත. එබැවින් සංයමයෙන් යුක්තව ඉදිරි සති කිහිපය ක්‍රියාත්මකවීම වැදගත්වනු ඇත.

මේනයින් බලන කල මෙවර ජාතිකගායින්ගේ ආයුධය ජාතිකගායීන් අතම පවතින අතර එය පළමුවරට උගුරට හොරා බෙහෙත් කන ජ.වි.පෙට අත්පත්කර ගැනීමට නොහැකිවිය. එසේම ජාතික වෙසින් එන ප්‍රතිරූපකයන්වද හඳුනාගෙන ඇත. බෙදා ඉල්ලන දෙමල ජාතික සංවිධාන සමඟද, රටම ඉල්ලන ආගමික ත්‍රස්ථවාදීන් පෝෂණය කරන පක්ෂ සමඟ කුප්‍රකටව ගිවිසුම්ගතව එන එජාපය පිළිබඳව පැහැදිලි කියවිමක් තිබෙන බැවින් එජාපයට ජාතිකවාදී කිසිවෙක් ඡන්දය නොදෙනු ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාව තුලින් ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප වීමට විවෘත අවකාශයක් ඇතිවී ඇත. ඔවුන්ද ජාතිකත්ව පෙරමුණ සමඟ වෙන කවරදාවත් නොවූ ලෙස ගොනුවෙමින් පවති. මුස්ලිම් අන්තවාදී පක්ෂ සහ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ඉදිරියට පැමිණෙමින් ඇත.

– යසස් ධර්මදාස

***************************************

දේශපාලන පිටියේ විනය හදන්න තරුණ දරුවෝ නායකයෙක් ඉල්ලනවා – විමල් වීරවංශ

(23.10.2019 – 14:13 +0530 – lankaleadnews.com)

වර්තමානයේ දේශපාලනය දෙස තරුණ තරුණියන් බලන්නේ අපුලෙන් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එතරම්ම වර්තමනයේදී දේශපාලනය අයහපත් තත්ත්වයට පත්ව ඇති බවත් දේශපාලඥයෙකු දෙස තරුණ පිරිස බලන්නේ හොරෙකු හො වැරදිකරුවෙකු ලෙස බවද ඒ මහතා පෙන්වා දෙයි.

එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා තරුණ්‍ය නිවැදි පාලකයෙක් ඉල්ලා සිටින බවත් ඒ සඳහා නිවැරදීම නායකයා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වබ පැවසුවේ කඩුවෙල පැවති ජන රැළියකට එක් වෙමින්.

යම් පුද්ගලයෙක් වරදක් කළේ නම් ඔහුගේ තරාතිරම නොබලා පක්ෂ භේදයකින් තොරව එම වරදට දඬුවම් ලබා දීය හැකි එකම නායකයාද ගෝඨාභය රාජපක්ෂ මහතා බව මන්ත්‍රීවරයා පවසයි.

මව් පොළව ඉල්ල නායකයාද ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු ප්‍රකාශ කළේය.

අන්තවාදි පිරිසකගේ සහය අවසන් දින කිහිපයයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ලැනීමට සුදානමින් සිටින බවට ඇතැම් පිරිස බොරු ප්‍රචාරයන් කරමින් සිටින බවත් එවැනි ප්‍රචාර වලට නොවැරටෙන ලෙසටත් මන්ත්‍රීවරයා ජනතාවට දනුම් දෙයි.

කිසිදු අවස්තාවක කිසිඳු ප්‍රයෝජනයක් සඳහා අන්තවාදීන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා නොගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදි ප්‍රකාශ කළේය ෴

***************************************

වසන්ත එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි

(23.10.2019 – 17:20 +0530 – sinhala.adaderana.lk)

තමා එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් ඉවත්විමේ ලිපිය සිය පක්ෂ මහලේකම්වරයා වෙත යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මහතා පවසයි.

අද (23) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කැම්පේන් එක ආරම්භ කළ අවස්ථාවේ බොහෝ සතුටු වු බවත් පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාසට දැඩිව විරුද්ධ කණ්ඩායමක් ඔහුව යම් උගුලකට තල්ලු කළා දැයි සැකයක් ඇති වු බවත් පැවසීය.

හංසයා කාට ද අයිති කියලා බැලීමේ දී මේ බව වැටහෙන බවත් කියා සිටි ඒ මහතා, එනිසා තමා මෙම තීරණය ගනු ලැබු බවත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමා තවමත් මිත්‍රතා ඇති බවත් තමාට එතැනට යෑමට ලොකු අමාරුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා නොදීපු අවස්ථාවේ තමා ශ්‍රී ලංකා එකෙන් ඡන්දයට ඉදිරිපත් වු බවත් කියා සිටි මන්ත්‍රිවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කථා බොහෝමයක් අසා නොමැති බවත් කියා සිටියේය.

***************************************

මාධ්‍ය පාලනය මිත්‍යාවක් – මහින්ද දේශප්‍රිය

(23.10.2019 – 17:11 +0530 – sinhala.adaderana.lk)

මාධ්‍ය පාලනය යනු මිත්‍යාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු වේ බව පැවසුවේ අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ලෝකයේ කිසිම රටක ජන මාධ්‍ය පාලය කර නොමැති බවත් එය සිදු කළ හැක්කේ යකඩ සපත්තු පැලද සිටින අයුධ අතැති පුද්ගලයන්ට බවට ඒ මහතා පැවසීය.

නමුත් මාධ්‍යවල එකඟතාවයක් ඇතිව මාධ්‍ය සදාචාරයක් ඇති කළ හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

මාධ්‍ය උපමානවලට අනුගතව කටයුතු නොකරන රාජ්‍ය මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානින්ට සහ එම නිලධාරින්ට මැතිවරණ කොමිෂන් සභාවේ විදිවිධාන වලට අනුගතවී කටයුතු නොකිරීම මත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුව නීතිමය පියවර ගෙන දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසට දන්වා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවද ඒ මහතා එම මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.

නමුත් පෞද්ගලික මාධ්‍ය සඳහා එලෙස කටයුතු කල නොහැකි බැවින් සෑම අපේක්ෂකයෙකුටම යම් කාලයක් ලබා දෙන ලෙස සෑම පෞද්ගලික මාධ්‍යකටම දන්වා සිටින බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම දේශපාලඥයින් නැතිනම් මැතිවරණ කොමිසමටද කිරිමට දෙයක් නොමැති බවද ඒ මහතා එහිදි හස්‍ය උපදවමින් ප්‍රකාශ කළේය.

පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වුවහොත් “උගේ ගෙදරින් ගෙනල්ලද ඒක” යනුවෙන් ඇතැම් පිරිස් විමසන බවද ඒ මහතා පවසයි.

මෙවැනි ගැටළු සඳහා සිවිල් සමාජ සංගම් මැදිහත් විය යුතු වුවත් ඔවුන්ද දේශපාලනීකරණය වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමට බල පා ඇති තවත් ප්‍රබල ගැටළු තිබේන බවයි.

ඡන්ද පත්‍රිකාවේ දිග වැඩීම නිසා ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරු එය නිවැරදි කාලය තුල ගනන් කිරීමට සහ ඡන්ද පෙට්ටි ප්‍රමාණවත් නොවීම මෙන්ම ප්‍රවාහන ගැටළු රැසක් පවතින බවද ඒ මහතා ඒහිදි පෙන්වා දුන්නේය.

‘සියළුම අපේක්ෂකයන්ට එකාකාරිව සැලකිය යුතුයි’ යනුවෙන් එළඹෙන මැතිවරණයේදි යම් වගන්තියක් ඇතුලත් කිරීමටවත් සිදුවේයැයි ඒ මහතා පැවසීය.

***************************************

අද දුටුගැමුණු කෙනෙකු අවශ්‍ය යුගයක් – එස්.බී. දිසානායක

(23.10.2019 – 16:56 +0530 – sinhala.adaderana.lk)

වේදනාවෙන් ඉන්න සියලු දෙනා වෙනුවෙන් දැක්මක් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

අද (23) මහනුවර, තලාතුඔය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

2005 නොවැම්බර් 19 අඳුරු යුගය අවසන් කරමින් විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බවත් පැවසු ඒ මහතා, ඒ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර ගිවිසුමකින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ට ලියා දී සිටි බවත් පැවසීය.

2002 ලෝකයේ බලවත්ම ත්‍රස්තවාදය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය එක්සත් ජාතින් විසින් හඳුන්වා දෙන ලැබු බවත්, ප්‍රභාකරන්ට බාර දී තිබු රට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිදහස් කර ගත් බවත් කියා සිටියේය.

එපමණක් නොව උතුරු විමුක්ති සටනේ දසමහ යෝධයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් කියා සිටි මන්ත්‍රිවරයා, රාජපක්ෂ යුගය කිසිදා දෙමාපියන්ට අමතක නොවන බවද පැවසීය.

යුද ජයග්‍රහණයෙන් පසුව ගෝඨාභය මහතාට නාගරික සංවර්ධන අධිකාරිය බාර දුන් බවත්, පසුව කොළඹ නගරය දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වෙන නගරය බවට පත් වු බවත් කියා සිටියේය.

ත්‍රස්තවාදීන් සෑම තැනකම සිටින බවත් පැවසු දිසානායක මහතා, අවස්ථාවක් ලද විගස ඔවුන් රට තුළට පැමිණීමට බලා සිටින බවත් පැවසීය.

අද රටට අවශ්‍යව ඇත්තේ දුටුගැමුණු කෙනෙක් නැතිනම් රාජපක්ෂ කෙනෙක් යනුවෙන් ද කියා සිටියේය.

අද වන විට රට අනාරක්ෂිත බවත් දුටුගැමුණු යුගයක් මේ වන විට අවශ්‍ය වී ඇතැයි ද පැවසුමන්ත්‍රීවරයා, ප්‍රගතිශීලි ජනතාව හා මහා සංඝරතනය සමඟ මේ රට භාර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී ඇරයුම් කර සිටියේය.

***************************************

ගෝඨා සෘජු ප්‍රතිපත්තියක් ඇති නායකයෙක් – පූජ්‍ය අතුරලියේ රතන හිමි

(23.10.2019 – 13:18 +0530 – sinhala.adaderana.lk)

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජු ප්‍රතිපත්තියක් ඇති රටට අළුත් නායකයෙක් බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

කඩුවෙල පැවති ජන රැළියකට එක් වෙමින් රතන හිමියන් මේ බව සඳහන් කළේය.

රතන හිමිය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ අන්තවාදයට හිස නොනමා මුළු රටම ආරක්ෂා කිරීමට හැකි එකම නායකයා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජය වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ඉදිරියේදී ගෙයින් ගෙට ගොස් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *