ආණ්ඩුව දේශපාලන පලිගැනීම ආරම්භ කළ හැටි මහින්ද රාජපක්ෂ කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ආණ්ඩුව දේශපාලන පලිගැනීම ආරම්භ කළ හැටි මහින්ද රාජපක්ෂ කියයි

• ගොවියා ව්‍යවසායකයෙක් කරන බවට ගෝඨාභය සහතික වෙයි (විඩියෝ)

• මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම රාජ්‍ය දේපළ අවභාවිතාවක් නොවෙයි – අගමැති (විඩියෝ)

• සහරාන් සමග සාකච්ඡා පවත්වපු රාවුෆ් හකීම්…. (විඩියෝ)

• රාජ්‍ය සේවයම ඇල්පිටියට නොදෙවැනි අන්දමින් තැපැල් ඡන්දය ගෝඨාභය මහත්තයාට ලබා දෙන්න බලා ඉන්නවා (විඩියෝ)

• ජවිපෙට උතුර – දකුණ මාරුවෙලා රතු අලි පැටියා ‘සීනුව’ වෙනුවට ‘මාලිමාව’ ගෙනාපුහැටි (විඩියෝ)

• පොලීසියේ දීමනාවලට උදය විමල් විරුද්ධ වුනාද ? (විඩියෝ)

• සජිත්ගේ ගොන් කතා 19 ක් මෙන්න (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව දේශපාලන පලිගැනීම ආරම්භ කළ හැටි මහින්ද රාජපක්ෂ කියයි

(23.10.2019 – 22:37 +0530 – sinhala.adaderana.lk)

වර්තමාන ආණ්ඩුව බලයට පත්ව ජනතාවගෙන් වසර හතර හමාරක් පලි ගත් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (23) නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරිම සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කර තිබු රැස්විමක් අමතමිණ් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“කිහිප වතාවක් මම නාවල පිටියට ආවා. මේ නගරය ලස්සන කරන කොට මම කිව්වා දැන් නාවල පිටිය හැදුවා ඇති. නුවර අනෙක් නගර හදන්න කියලා කිව්වා. අද ඇවිත් වට පිට බැලුවේ එදා හදපුවාට අමතරව මොනවා හරි හදලාද කියලා.

එහෙම කිසිදෙයක් පේන්නේ නැහැ. මේ ප‍්‍රදේශයට නෙවෙයි. නුවරට මොනවද කලේ. මම අධීවේගී මාර්ගය හදන්න ආරම්භ කළා. 2018 දියි ඒ අධීවේගී මාර්ගය විවෘත කරන්න තිබුනේ.

අධීවේගය නතර කරලා මුල මැද අග නැහැ. කුරුණෑගල පැතතේ තැනින් තැන හදලා. මේ පළාතට තිබුණු අධීවේගී මාර්ගයත් උදුරා ගත්තා. නුවර ජනතාවට අධීවේගී මාර්ගය නැවතත් අපි ගේනවා.

මේ ආණ්ඩුව ඇවිත් මිනිස්සුන්ගෙන් වසර හතර හමාරක් පලි ගත්තා. දේශපාලන පලි ගත්තා. අපෙන් පලි ගත්තා. මහින්දානන්දට නඩු හයයි. තව එන්න තියෙනවා.

මේ ඉන්න හැමෝටම නඩු දාලා. ඉතිහාසයේ පළමු වතාවට මේ අය අධිකරණය භාවිතා කරන්න හදනවා. එෆ්. සී. අයි. ඩී එකට පැමිණිලි දාන්න පුලුවන් අගමැතිට විතරයි.

පොලීසියක් හදලා උසාවි අලුතින් හදලයි දේශපාලන පලිගැනීම ආරම්භ කලේ. මේ විදියට පොලීසි හදලා අධිකරණ හදලා, පලිගන්න හැදුවත් අපේ අධිකරණය තවම ස්වාධීනයි.

‘ගෝඨාභයට පුරවැසිකම නැහැ; ඒ නිසා තරඟ කරන්න බැහැ’ කියලා මැතිවරණයට ඉදිරිපත් වෙන එක වලක්වන්න හැදුවා. ඇමරිකාවට ගිහිල්ලත් ලසන්ත වික‍්‍රමතුංග ගැන කියලා නඩු දැම්මා. ඒකෙනුත් නිදහස්.”

+++++++++++++++++++++++++++++++++++

ගොවියා ව්‍යවසායකයෙක් කරන බවට ගෝඨාභය සහතික වෙයි

+++++++++++++++++++++++++++++++++++

සහරාන් සමග සාකච්ඡා පවත්වපු රාවුෆ් හකීම්….

විමල් වීරවංශ මහතා – 21.10.2019

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවයම ඇල්පිටියට නොදෙවැනි අන්දමින් තැපැල් ඡන්දය ගෝඨාභය මහත්තයාට ලබා දෙන්න බලා ඉන්නවා

විමල් වීරවංශ මහතා – 21.10.2019

+++++++++++++++++++++++++++++++++++

ජවිපෙට උතුර – දකුණ මාරුවෙලා රතු අලි පැටියා ‘සීනුව’ වෙනුවට ‘මාලිමාව’ ගෙනාපුහැටි

විමල් වීරවංශ මහතා – 22.10.2019

+++++++++++++++++++++++++++++++++++

පොලීසියේ දීමනාවලට උදය විමල් විරුද්ධ වුනාද ?

උදය ගම්මන්පිල මහතා – 23.10.2019

+++++++++++++++++++++++++++++++++++

සජිත්ගේ ගොන් කතා 19 ක් මෙන්න

උදය ගම්මන්පිල මහතා – 23.10.2019

***************************************

මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම රාජ්‍ය දේපළ අවභාවිතාවක් නොවෙයි – අගමැති

(23.10.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk)

ගුවන්තොටුපළ නිලධාරීන්ගේ අවසරය මත මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති කොමිසම හමුවේ අද (23) සාක්ෂි ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ වී ගබඩා කිරීමෙන් ගුවන්තොටුපළ ගබඩාවලට හෝ උපකරණවලට හානියක් වන්නේ නම් ඊට ඉඩ නොදී සිටීමට ගුවන්තොටුපළ නිලධාරීන්ට හැකියාව තිබූ බවයි.

2015 වර්ෂයේ යල කන්නයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.30 ට ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

එහිදී කොමිසම විමසු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2015 වසරේ යල කන්නයේදී වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

එම කමිටුවේ නිල සාමාජිකයින් නොවන, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරුන් ලෙස කටයුතු කළ පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන දෙදෙනා අදාළ කමිටු රැස්වීම්වලට සහභාගී වූයේ අගමැතිවරයාගේ උපදෙස් හෝ අවසර මතදැයි කොමිසම අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ එම උපදේශකවරුන් දෙදෙනාට තමා කමිටු රැස්වීම් සඳහා සහභාගී වන ලෙස උපදෙස් ලබානොදුන් නමුත් ඔවුන් කමිටුවේ ආරාධනය මත ඒ සඳහා සහභාගීවීම ගැටළුවක් නොවන බවයි.

ඒ අනුව කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා අව්‍යශ කටයුතු සූදානම් කරන ලෙසත් දන්වමින් අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතා එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතාට යොමු කළ ලිපියක් කොමිසම අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.

ඒ ලිපිය සම්බන්ධයෙන් කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අගමැතිවරයා පැවසුවේ තමා පෞද්ගලිකව කිසිදු අවස්ථාවක මත්තල ගුවන්තොටුපළ තුල වී ගබඩා කරන ලෙස උපදෙස් ලබානොදුන්නද ඒ සම්බන්ධයෙන් දැනුවත් වූ අවස්ථාවේ ඊට විරුද්ධත්වයක් පළ නොකළ බවයි.

ජාත්‍යන්තර ගුවන්තොටුපළක වී ගබඩා කිරීම එම ගුවන් තොටුපළේ කීර්තිනාමයට බරපතල හානියක් නොවන්නේදැයි කොමිසම විමසූ අවස්ථාවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිසිදු කීර්තිනාමයක් නොතිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා.

නමුත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ඉදිවූ ස්ථානයක වී ගබඩා කිරීම හරහා එවැනි කීර්තියක් ගොඩනැගීමට කිසිසේත්ම හැකියාවක් නොලැබෙන තත්වයක් නිර්මාණය නොවන්නේදැයි කොමිසමේ සභාපතිවරයා විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ කොමිසමේ කාර්යභාරය වන්නේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම නොවන බවයි.

කොමිසම දේශපාලන වාදයක් ආරම්භ කරන්නේ නම් තමා කොමිසමෙන් පිටව යන බවද අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පැවසූවා.

මේ අතර කමිටුව මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට තීරණය කළ අවස්ථාව වනවිටත් වී අලෙවි මණ්ඩලය සතු හම්බන්තොට ගබඩාවල වී මෙට්‍රික් ටොන් 8100 ක් ගබඩා කිරීම සඳහා ඉඩපහසුකම් තිබීයදී වී ගබඩා කිරීමට මත්තල ගුවන්තොටුපළ තෝරාගැනීම රාජ්‍ය දේපළ අවභාවිතාවක් නොවන්නේදැයි කොමිසම අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී ඔහු පැවසුවේ ගුවන්තොටුපළ අවසර මත එලෙස වී ගබඩා කිරීම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් නොවන බව තමන්ගේ ස්ථාවරය වන බවයි.

ගබඩාවලට යම් හානියක් වන්නේ නම් ගුවන්තොටුපළ වී ගබඩා කිරීමට ඉඩ නොදී සිටීමට බලධාරීන්ට හැකියාව තිබූ බව අගමැතිවරයා කොමිසම හමුවේ අවධාරණය කළේය.

එහිදී කොමිසම පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීමට අවසර දුන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන දනුම් දුන් නිසා බව ශ්‍රී ලන්කන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් මහතා කොමිසමට සාක්ෂි දෙමින් සඳහන් කළ බවයි.

අග්‍රමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් එවැනි ගනුදෙනුවක් සිදුව තිබුණද එය තමා විසින් ලබාදුන් උපදෙසක් නොවන බව අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

කොමිසම හමුවේ පැයක පමණ කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 11.40 ට පමණ කොමිසමෙන් පිටව ගියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *