‘පාස්කු බෝම්බ ගෝටාගේ වැඩක්’ කියන වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියළු විස්තර මෙන්න..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘පාස්කු බෝම්බ ගෝටාගේ වැඩක්’ කියන වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියළු විස්තර මෙන්න.. (විඩියෝ)

• ගෝඨාභයට එරෙහි එජාපයේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න.. (විඩියෝ)

• විරෝධයට එක්වූ රණවිරුවන් දෙදෙනක් UNPයේ මුදලට යටවෙලා – ඩෑන් ප්‍රියසාද් (විඩියෝ)

• අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් සියලු වාහනවල ඇති වැකි වහා ඉවත් කරන්න

• මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නඩු දාන්න යයි (ඔඩියෝ)

• ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කී අවමංගලයා යළිත් නා ගනී (විඩියෝ)

• නව සිංහල රාවයෙන් මංගලට චෝදනාවක් (විඩියෝ)

• ඡන්ද දිනයේ නිවාස අධිකාරියේ සභාපති රටින් පැනයෑමේ සූදානමක් ගැන හෙළිදරව්වක් (විඩියෝ)

• ජාතික ආරක්ෂාව ගැන වත්මන් ආණ්ඩුවට වගකීමක් නොමැති බව ගෝඨාභය කියයි (විඩියෝ)

• කාන්තාවන්ගේ මාසික ඔසප්වීම මහා ජාතික ප‍්‍රශ්ණයක්.. පුතාණෝ (පෑඩ් මෑන්) ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවාලු.. (29.10.2019) (විඩියෝ)

• සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

+++++++++++++++++++++++++++++++++++

‘පාස්කු බෝම්බ ගෝටාගේ වැඩක්’ කියන වීඩියෝව බත්තරමුල්ලේදී රූගත කර අවසන්.. සියළු විස්තර මෙන්න..

(29.10.2019 – 22:12 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“ඉතිහාසයේ දරුණුතම පරාජය පිළිබඳ ඉව වැටීමෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පැවරීමේ කූට සැලැස්මක් සකස් කර තිබෙනවා. එය ‘මහ හෙලිදරව්ව’ නමින් නම් කර ඇති පියවර පහක සැලැස්මක්. මෙය ඉතාම ලැජ්ජා සහගතයි. නමුත් ජාතියේ වාසනාවට මෙය සැලසුම් කිරීමට සම්බන්ධ කරගත් පුද්ගලයන් අතර හිටිය හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සු මේ පිළිබඳව අපට සම්පූර්ණ තොරතුරු හෙළි කළා.

පළමු අදියර වන්නේ බත්තරමුල්ලේ තුෂාර නමැති අයෙකුගේ නිවසේ දී තව්හිද් ජමාත් ත්‍රස්තවාදියෙකු කරන පාපොච්චාරණයක් ලෙස දැක්වෙන වීඩියෝවක් පටිගත කිරීමයි. මෙකී ත්‍රස්තවාදියා ලෙස පෙනී සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරණයේ දී ජාතික ආරක්ෂාව මුල් තැනට ගෙනැවිත් ගෝඨාභය මැතිතුමාට වාසි සහගත තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව පවසනවා. එය ගෝඨාභය මැතිතුමාගේ ඉල්ලීමට ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි විසින් කළ ප්‍රහාරයක් ලෙසයි එම පාපෝච්චාරණයේ දැක්වෙන්නේ. එහි දී ලාංකිකයින් දෙදෙනෙකුගේ නම් ප්‍රකාශ කරමින් ඔවුන් හරහා මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමග ගෝඨාභය මැතිතුමා ලඟින්ම සබඳතා පවත්වන බවටත් චෝදනා කරනවා. මේ වීඩියෝව දැනටමත් පටිගත කර අවසන්.

දෙවන අදියර වන්නේ එජාපයේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් අටදෙනෙකු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා පාස්කු ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සහ තුවාල වූ අයගේ වගකීම ගෝඨාභය මැතිතුමා බාර ගත යුතු බවටත් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස ගෝඨාභය මැතිතුමා වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් පැවසීමයි.

තෙවන අදියර වන්නේ නොවැම්බර් 3 වනදා ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉදිරිපිට ‘ගෝඨා අත්අඩංගුවට ගනු’ යනුවෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමයි.

සිව්වන අදියර වන්නේ කතෝලික පියතුමන්ලා මේ පිළිබඳ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටීමත් කතෝලික ප්‍රජාවේ ප්‍රභූන් විසින් අඛණ්ඩව අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලා සිටීමත්ය.

පස්වන අදියර වන්නේ ගෝඨාභය මැතිතුමාට ජාත්‍යන්තර ත්‍රස්තවාදින් සමග සබඳතා ඇති බව දැක්වෙන පදනම් විරහිත ලියැවිල්ලක් එජාපය විසින් ප්‍රසිද්ධ කිරීමයි.

‘මඩින් එපා – ගොඩින් එන්න’ කියා සජිත් ප්‍රේමදාස මැතිතුමා මෑතක දී කිව්වා. අපි නම් එතුමාට කවදාවත් මඩ ගැහුව්වේ නෑ. මේ වගේ බොරු කතා හැදුවේ නෑ. එල්ල කළ සෑම චෝදනාවක්ම සාක්ෂි සහිතවයි ඉදිරිපත් කලේ. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබේ දැවැන්ත පරාජය ඉදිරියේ ඔබේ වියරුව අපට තේරුම් ගන්නට පුළුවන්. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමනි ‘මඩින් එපා – ගොඩින් එන්න’ කියලායි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ.”

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨාභයට එරෙහි එජාපයේ දේශපාලන කුමන්ත්‍රණයක් ගැන පොහොට්ටුවෙන් හෙළිදරව්වක්

(29.10.2019 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය දරාගැනීමට නොහැකි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම ඇතුලු පිරිසක් නින්දිත දේශපාලන කුමන්ත්‍රණයක නිරතවීමට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට අද (29) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..

(30.10.2019 – 06:26 +0530 – lankacnews.com)

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ව්‍යාජ වීඩීයෝ පටයක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් පිළිබද ව තොරතුරු අනාවරණය වේ.

පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පටවා කතෝලික ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මෙ‍ම නිර්ලජ්ජිත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කතෝලික මන්ත්‍රීවරු චෝදනා කළහ.

ඔවුන් මෙහි දී අනාවරණය කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයක මෙම රෑ ගත කිරීම් මේ වන විට සිදු වන බවයි. ඒ සදහා අදාළ ප්‍රචාරක ආයතනයට රුපියල් කෝටි 08 ක මුදලක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරැ පෙන්වා දුන් හ.

මීගමුව කොච්චිකඩේ රෙනොවෙල් හෝටලයේ දී පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නිමල් ලාන්සා‚ සනත් නිශාන්ත‚ අරුන්දික ප්‍රනාන්දු‚ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ට්‍රෙවින් ප්‍රනාන්දු‚ හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත‚ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.

මෙ‍ම ව්‍යාජ විඩීයෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර පසුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් කැදවීමටත් දේවස්ථාන ජනතා උද්ඝෝෂණයක් සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයි මන්ත්‍රිවරු මෙහි දී පෙන්වා දුන් හ.

මෙම කුමන්ත්‍රණය පිටුපස මංගලසමරවීර‚ තුසිත හල්ලොළුව සහ දයාන් ජයතිලක ඇතුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් ‍සොයා ගැනීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‚ මෙයට විශේෂ ජනාධිපති කොමිසමක් ද පත් කර එහි අවසන් වාර්තා ද ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙවැනි කුමන්ත්‍රණයක් සිදු කරන්නේ එජාපය 16 වෙනිදා ලැබෙන නියත පරාජය හමුවේ වියරු වැටී සිටින නිසා බව ද පෙන්වා දුන්හ.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක් වූ අදහස් මෙසේ යි :

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා :

“එක්සත් ජාතික පක්ෂයට කතෝලික ඡන්ද ලක්ෂ 10 ක් වත් ලැබෙන්නේ නෑ. පරාද වන බව දන්න නිසා මේ වගේ කුමන්ත්‍රණ හරහා බලය ගන්නයි එක්සත් ජාතික පක්ෂය මාන බලන්නේ. පාස්කු ප්‍රහාර ගැන අනූ හත් පාරක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණා. CID එක TID එක හිටියා. පොලිසිය බුද්ධි අංශ හිටියා. ප්‍රහාරයෙන් පස්සේ තේරීම් කාරක සභාවක් පත් කරා. විශේෂ විමර්ශන කොමිසමකුත් පත් කරා. හැබැයි මේවයින් කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වග කිව යුත්තන් වසන් කිරීමයි.

අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා රැවටෙන්න එපා. ජනතාව ඉදිරියට යන්න බැරි එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ බොරු වපුරලා ජනතාව රවට්ටලා ඡන්ද ගන්නයි. මේ විඩීයෝ ව කරන්න බත්තරමුල්ල දැන්වීම් ආයතනයකට රුපියල් කෝටි 08 ක් ලබා දී තිබෙනවා. දැන් බත්තරමුල්ලේ මේ විඩීයෝ ව රූ ගත කරන බව අපි දන්නවා. මේ විඩීයෝව එළියට දාලා රට තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබද ව වැරදි මතයක් නිර්මාණය කරලා ඡන්ද මංකොල්ලයන්ට ආණ්ඩුව සැලසුම් කරනවා. කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා පල්ලි ඉස්සරහා මේ වගේ අය උද්ඝෝෂණය කරන්න ආවොත් හොද පාඩමක් උගන්වන්න කියලා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා :

“පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම මත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බව පෙන්වීම තමයි මේ ව්‍යාජ විඩීයෝව නිර්මාණය කිරීමේ අරමුණ. රටේ ජාතික ආරක්ෂාව බිද වැටී ඇති බව ජනතාව තුළට කා වද්දා ජනාධිපතිවරණයේ දී වාසියක් ලබා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. මේ විඩීයෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් ගෝඨාභය මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කිරිමටත් ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කතෝලික දේවස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කිරිමටත් සැලසුම් කර ඇති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

මේ වීඩීයෝවේ පෙනී සිටින පුද්ගලයින් පිළිබදවත් මේවා කරන අය ගැනත්‚ කරවන අය ගැනත් සියලු තොරතුරු අප සතුව තිබෙනවා. මේ අයට විරුද්ධ ව අපි නීතිමය පියවර ගන්න සියල්ල සූදානම් කරලයි තියෙන්නේ.

තේරීම් කාරක සභා පත් කර විශේෂ කොමිශන් සභා පත් කර විමර්ශන සිදු කරායින් පසු ආණ්ඩුව අලුතින් නටන්න හදන මේ නාඩගම මොකක් ද? මේ කරන්න හදන්නෙ මැතිවරණය ඉලක්ක කර ගත් උප්පරවැට්ටියක්. මේවාට රැවටෙන්න එපා කියලා අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා :

“මේක නින්දිත සැලසුමක්. මේ පිටුපස ඉන්නේ මංගල සමරවීර‚ තුසිත හල්ලොළුව‚ දයාන් ජයතිලක වගේ අය. මංගල හැමදාම කළේ මේ වගේ කුමන්ත්‍රණ. රිෂාඩ්ලා‚ හකීම්ලා බේර ගන්න ගහපු උප්පරවැට්ටියක් තමයි තේරීම් කාරක සභාව. ඡන්දය ඉලක්ක කරගෙන මේ වගේ තුච්ඡ වැඩ කරලා හිතාගෙන ඉන්නේ අපේ කතෝලික ජනතාව රවට්ටන්න. අපි මේ පිළිබද ව සාක්ෂි සහිතව කාදිනල් උන්නාන්සෙට පැමිණීලි කරනවා. ඒ වගේම මේවට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය :

“පාස්කු ප්‍රහාරයට ලක්වුණු කතෝලික ජනතාවට මේ ආණ්ඩුවෙන් සාධාරණය ඉෂ්ඨ වුණේ නෑ. පරීක්ෂණ ගැන සෑහිමකට පත් වෙන්න බෑ. තේරීම් කාරක සභා වාර්තාව පුස්සක්. මේ ආණ්ඩුවට තව දුරටත් මෙරට කතෝලික ජනතාව රවට්ටන්න අපි ඉඩ තියන්නේ නෑ.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ද මෙහි දි කථා කළේ ය.

+++++++++++++++++++++

***************************************

විරෝධයට එක්වූ රණවිරුවන් දෙදෙනක් UNPයේ මුදලට යටවෙලා – ඩෑන් ප්‍රියසාද්

(29.10.2019 – 20:38 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවති රණවිරු විරෝධතාවයට එක්ව සිටි විශ්‍රාමික මේජර් අසේල ධර්මසිරි හා කෝප්‍රල් තේජාන් යන අය මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මුදලට යට වී ඇති බව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා පවසනවා.

අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විවිධ වරප්‍රසාද ලබාදෙන බව පවසා තමන්ට ද ඔවුන් හා එක්වන ලෙස කළ ආරාධනාවක් පිළිබද ඩෑන් ප්‍රියසාද් මහතා තොරතුරු අනාවරණ කළා.

***************************************

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයෙන් සියලු වාහනවල ඇති වැකි වහා ඉවත් කරන්න

(29.10.2019 – nethnews.lk)

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර ඇති හෙයින් මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් හෝ පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සළකුණු, ඡායාරූප, ඇතුළු ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිළි ලැබී තිබෙනවා.

ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ වරදක් බවයි පෙන්වා දෙන්නේ.

(මේ පිළිබඳ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.)

+++++++++++++++++++++

***************************************

මැතිවරණ නීති උල්ලංඝණය කළ බව කියන සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නඩු දාන්න යයි

(29.10.2019 – nethnews.lk)

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව නඩු පැවරීමට පැෆරල් සංවිධානය සූදානම් වනවා.

ඊට අදාළ විමර්ශනවල ලිපි ගොනුද ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කළ බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

***************************************

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කී අවමංගලයා යළිත් නා ගනී

(29.10.2019 – 20:29 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

හිරු රූපවාහිනි නාලිකාව වර්ජනය කරන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී :

+++++++++++++++++++++++++++++++++++

නව සිංහල රාවයෙන් මංගලට චෝදනාවක්

(29.10.2019 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ වියදම් පියවා ගැනීම සඳහා සුරාබදු බලපත්‍ර කිහිපයක් ලබාදීමේ උත්සාහයක විෂය භාර අමාත්‍ය මංගල සමරවීර නිරත වන බව පවසමින් නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද සුරාබදු දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

තොරතුරු දැන ගැනීමේ පනත හරහා එම සුරාබදු බලපත්‍ර ලබාදීම පිළිබද තොරතුරු විමසීමට පැමිණි උන්වහන්සේ ඉන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

***************************************

ඡන්ද දිනයේ නිවාස අධිකාරියේ සභාපති රටින් පැනයෑමේ සූදානමක් ගැන හෙළිදරව්වක්

(29.10.2019 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ජනාධිපතිවරණය දිනයේ රටින් පලායාමේ උත්සහයක නිරතවන බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය අද (29) අනාවරණ කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානයේ සභාපති ධර්මශ්‍රී කාරියවසම් මහතා කියා සිටියේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ කටයුතු සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ වාහන යොදාගෙන ඇති බවයි.

***************************************

ජාතික ආරක්ෂාව ගැන වත්මන් ආණ්ඩුවට වගකීමක් නොමැති බව ගෝඨාභය කියයි

(29.10.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

තොරතුරු ලබා දී තිබියදී පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ආණ්ඩුව කටයුතු නොකළේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීමක් නොමැති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගල ප්‍රදේශයේ අද (29) පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, කන්තලේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගොවියා ශක්තිමත් කර රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාවට නංවන බවයි.

***************************************

කාන්තාවන්ගේ මාසික ඔසප්වීම මහා ජාතික ප‍්‍රශ්ණයක්.. පුතාණෝ (පෑඩ් මෑන්) ජනාධිපති වුනාම සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙනවාලු.. (29.10.2019)

+++++++++++++++++++++

+++++++++++++++++++++

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

(30.10.2019 – colombotoday.com)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තාවන්ට සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව සිරස මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන කැපිටල් මහරාජා ප්‍රධානි කිලී මහරජා වෙනුවෙන් ලබා දුන් පොරොන්දුවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.

‘ඊවා සනීපාරක්ෂක තුවා’ බෙදාහැරීම සිදුකරනු ලබන International Cosmetics (Pvt) Ltd සමාගමේ මව් සමගම The Capital Maharaja Organisation Limited බව ඒ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනා.

ඒ බව International Cosmetics (Pvt) Ltd සමාගමේ නිළ වෙබ් අඩවිය වන www.icl.lk වෙබ් අඩවියේද සඳහන් කර ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *