සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘බුදුදහමට ප‍්‍රමුඛස්ථානය’ ඉවතට..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘බුදුදහමට ප‍්‍රමුඛස්ථානය’ ඉවතට..

• ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිසර ප‍්‍රතිපත්තිය පිළිබදව ඒ මහතා නියෝජනය කරමින් උදය ගම්මන්පිල මහතා කළ කතාව 2019.11.05

• නව තාක්ෂණය ඔස්සේ රට සංවර්ධනය කරන බව ගෝඨාභය කියයි

• තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

• උතුරේ ජනහද දිනු කර්නල් රත්නප්‍රියගේ සහය ගෝඨාභයට

• බියෙන් සහ සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනගන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

• ශ්‍රීලනිපය හා පොහොට්ටුව එක්ව ගෝඨාට අතිවිශිෂ්ට ජයක් ගේනවා – මහින්ද රාජපක්ෂ

• සහරාන්ගේ බිරිඳ යොදවා ගෝඨාභයට ගහන්න යන මඩක් ගැන අනාවරණයක්

• 80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

• ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ අවමංගලයාට අභියෝගයක් !

+++++++++++++++++++++++++++++++++++

සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ‘බුදුදහමට ප‍්‍රමුඛස්ථානය’ ඉවතට..

(08.11.2019 – 06:21 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කලේය.

‘බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම පිළිබඳ ගෝඨාභය මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිම සඳහනක් නෑ’ කියා පා ච රණවක ඇමතිතුමා ලොකු ගෝරනාඩුවක් කළා. එතුමාට සොයා ගන්න බැරි වුණාට එක තැනක නොවේ දෙතැනකම ඒ බව සඳහන් කර තිබෙන බව මම පෙන්වා දුන්නා. නව ව්‍යවස්ථාව පිළිබඳ කතා කරන 9 වන පිටුවේත් ආගම පිළිබඳ කතා කරන 71 වන පිටුවේත් ඒ බව සඳහන් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියන්න දායක වෙච්ච පුද්ගලයෙකු විදිහට පිටු අංක සහිතවම මම එය ඉදිරිපත් කළා.

ඔන්න මගේ යුතුකම ඉටු කරලා එතුමාට උදව්වක් කරලා මමත් එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු පා ච රණවක ඇමතිතුමනි, බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව සජිත් මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙන්නේ කොහේද කියා අපට පෙන්වා දෙන්න. මට ලැබුණු ආරංචි වලට අනුව පාච රණවක ඇමැතිතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නට දායක වෙලා තියෙනවා. ජනතාව නොවැම්බර් 16 දින තීන්දුවක් ගන්න නිසා ඊට පෙර ඒක පෙන්නුවොත් හොඳයි නේද ඇමතිතුමෝ? කියලා අපි පා ච රණවක ඇමතිතුමාගෙන් අහනවා.

ගෝඨාභය මැතිතුමාගේ ප්‍රකාශනයේ සඳහන් වුවත් නැතත් සජිත් මැතිතුමාගේ ප්‍රකාශනයේ එය සඳහන් වීම හරිම වැදගත්. එතුමා ඉන්න ආණ්ඩුව තමයි බුදු දහමට ප්‍රමුඛස්ථානය ඉවත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කලේ. එතුමාට සහය දක්වන සුමන්තිරන් මන්ත්‍රිතුමා තමයි බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තවේදී දිගින් දිගටම ප්‍රකාශ කලේ. අන්න ඒ නිසා අන් අයට වඩා සජිත් මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය තිබිය යුතුමයි. මෙරට ජීවත්වන 70% වන බෞද්ධයන් පමණක් නොව කාදිනල් තුමන් ප්‍රමුඛ අන්‍යාගමිකයන් සාතිශය බහුතරයක් බුදුදහමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බවට ස්ථාවරයේ ඉන්නවා. එය සඳහන් නොවීම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තිබෙන මාරාන්තික වරදක් විදියට අපි දකිනවා.

ඒ විතරක් නොව්. සිංහලෙන් තිබෙන ‘ඒකීය රාජ්‍යය’ ඉංග්‍රිසි පිටපතේ නෑ. ඉංග්‍රීසි පිටපතේ ඒ වෙනුවට පාවිච්චි කර ඇති වචනය unity කියන පදයයි. මෙහි 16 වැනි පිටුවේ සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. ‘ජනතාවට බලය – අපගේ මව්බිමේ ඒකීයත්වය භෞමික අඛණ්ඩතාව ස්වෛරිභාවය සහ දේශපාලන ස්වාධීනත්වය අප විසින් ආරක්ෂා කරන්නෙමු’ මෙහි සිංහලත් වැරදි. ‘සිංහල දන්න එක මනුස්සයෙක්වත් ප්‍රතිපත්ති ප්‍රකාශය ලියද්දි ඉඳලා නැහැ’ කියන එක ඒකෙන් පේනවා. අපි දැන් ඉංග්‍රීසි එකට යමු. ඒකෙ ඉංග්‍රීසි නම් හරි. ඒගොල්ලන්ගෙ මව් භාෂාව නම් හරියට ලියලා තියෙනවා. “We will protect the unity, territotial integrity, sovereignty and political Independence of our motherland.” අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වල ලෝකයේ අන් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ‘ඒකීය රාජ්‍ය’ හැඳින්වීමට පාවිච්චි කරනුයේ unitary යන ඉංග්‍රීසි වචනයයි. Unity කියන පදයෙන් අදහස් වෙන්නේ ‘සමගිය’ නැතිනම් ‘එක්සත් කම’ මිස ‘ඒකීය රාජ්‍යය’ නොවේ. විග්නේශ්වරන් මැතිතුමා කියන විධියට දෙමළෙන් තිබෙන්නේ ඊටත් වෙනස් අරුතක් දෙන පදයක්. ඒ නිසා සිංහල සහ දෙමළ ජනතාවට කතා දෙකක් කියලා ජාත්‍යන්තර ප්‍රජාවට තවත් කතාවක් කියන හැමෝම රැවටීමේ කූට අරමුණෙන් ඉදිරිපත් කරපු තක්කඩි ප්‍රතිපත්ති ප්‍රකාශයක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ. එනිසා මේ රටේ සිංහල දෙමළ භාෂා දෙකම කියවන ජනතාව ‘අප රවට්ටන්නට බෑ’ යි කියන පණිවුඩය නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ එතුමා පිටුපසින් සිටින කල්ලි කණ්ඩායම් වලට ලබා දිය යුතුයි කියලා මේ රටේ ජනතාවට යෝජනා කරනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

08-11-2019

***************************************

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිසර ප‍්‍රතිපත්තිය පිළිබදව ඒ මහතා නියෝජනය කරමින් උදය ගම්මන්පිල මහතා කළ කතාව 2019.11.05

***************************************

නව තාක්ෂණය ඔස්සේ රට සංවර්ධනය කරන බව ගෝඨාභය කියයි

(08.11.2019 – 07:44 +0530 – hirunews.lk/sinhala)

බුද්ධිමත් තරුණ පිරිස හා එක්ව නව තාක්ෂණය ඔස්සේ රට සංවර්ධනය කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ තවත් ජනහමුවක් රත්නපුර නගරයේදී ඊයේ (07) පැවති අතර, එහිදී ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

***************************************

තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

(08.11.2019 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (07) දිනයෙන් අවසන් වුණා.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය දින 05 ක්.

ඒ අනුව තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු 16 වැනිදා පස්වරු පහෙන් පසු සිදුකරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළව ගෙයින් ගෙට ගොස් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමේදී පුද්ගලයින් 11 දෙනෙකුට වඩා ගමන් කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

එමෙන්ම, නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහාද දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි තාවකාලිකව කම්කරුවන් 1661 ක් යෙදවීමටද කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

***************************************

උතුරේ ජනහද දිනු කර්නල් රත්නප්‍රියගේ සහය ගෝඨාභයට

(07.11.2019 – 21:03 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සදහා කැපවන බව සිවිල් ආරක්ෂක බලකායේ හිටපු උතුරු පළාත් ඒකාබද්ධ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කල විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසනවා.

යාපනය, කිලිනොච්චිය, විශ්වමඩු සිවිල් ආරක්ෂක බලකායේ ඒකාබද්ධ නිලධාරියා ලෙස කටයුතු කල ලුතිනල් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත ස්ථාන මාරුවක් ලබා පිටව ගියේ දිනයේ සිදු වූ සිදුවීම් පෙළ, සැබෑ සංහිදියාව පිලිබදව කතාකරන කිසිවෙකුටත් අමතක කල නොහැක්කක්.

අද නැවතත් තම යුතුකම ඉටු කරන්නට විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා තීරණය කර තිබෙනවා.

ඔහු ඒ බව දැනුම් දුන්නේ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

බියෙන් සහ සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් ගොඩනගන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(07.11.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

රටේ සෑම ජන කොට්ඨාශයකටම බියෙන් සහ සැකයෙන් තොරව ජිවත් විය හැකි වාතාවරණයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

බේරුවල ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජන හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ තවත් ජනහමුවක් අද (07) කෑගල්ල නගරයේදී පැවැත්වුණා.

එහිදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට උණුසුම් පිළිගැනීමක්ද හිමිවුණා.

***************************************

ශ්‍රීලනිපය හා පොහොට්ටුව එක්ව ගෝඨාට අතිවිශිෂ්ට ජයක් ගේනවා – මහින්ද රාජපක්ෂ

(08.11.2019 – 13:35 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක්වීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂියින් පිරිසක් සමග කෑගල්ලේ පැවති හමුවකදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ කෑගල්ලේ පිහිටි නිවසේ පැවති ජනහමුවකට ඊයේ (07) එක්විය.

මෙහිදී අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ දිනවල බොහෝ සතුටින් සිටින බවයි.

පක්ෂ නායකයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඇති කළ මෙම එකතුවට තමන්ගේ ස්තූතිය පිරිනමන බවද පැවසු ඒ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කළ හැකි සියලු දේ කරන බවත් පැවසීය.

ඒ අනුව කෑගල්ල වැඩි ඡන්ද 150,000 කින් ගෝඨාභය මහතාට ජයග්‍රහණය ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂය එක් පෙරමුණකට පැමිණ ඇති බවයි.

“අපි නිවුන් සහෝදරයෝ වගේ” යනුවෙන් පැවසු විපක්ෂ නායකවරයා, ගිය මැතිවරණයෙන් පිහිටවු ආණ්ඩුවේ ජනපති තමන්ට විපක්ෂයේ බලය දුන් බවත් කියා සිටියේය.

“විපක්ෂයේ ඉඳන් අපි පක්ෂයක් හැදුවා” යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රාදේශීය සභාව ආසන 71% කින් ජයග්‍රහණය කළ බවත් පැවසීය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව ඇල්පිටියට වෙන්ව තරග කළ බවත් එහිදී ප්‍රතිඵල දෙකම එකතු කළ විට සියයට හැත්තෑ ගණනින් ජයග්‍රහණය කර ඇතැයි ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රීලනිප ය හා පොහොට්ටුව එකතුව කරන සටනින් අතිවිශිෂ්ඨ ජයක් ලබන බවත් කියා සිටියේය.

***************************************

සහරාන්ගේ බිරිඳ යොදවා ගෝඨාභයට ගහන්න යන මඩක් ගැන අනාවරණයක්

(08.11.2019 – nethnews.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 60% කට වඩා ඉහල ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ (07) නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා :

“සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60‍% කට වඩා ඉහල ප්‍රතිශතයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතල පරාජයකට පත් වෙමින් සිටිනවා.

ඒ නිසා, එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය මහතා ඉලක්ක කර මඩ ප්‍රහාරයන් සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා. එජාපය පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල් වුනු ත්‍රස්ත නායක සහරාන්ගේ බිරිදගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් කියන්න උත්සහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා.”

***************************************

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

(08.11.2019 – colombotoday.com)

නැගෙනහිර, උතුර පළාත හැරුනහම 80% කින් සිංහල බලය පෙන්වීම සඳහා කටයුතු කරන ලෙස සියලුම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මෙත්තාරාම හිමි සඳහන් කර සිටිනවා.

ගුරුකන්ද සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුවට සහබාගිවිම සඳහා අභියාචනාධිකරණයට වැඩම කෙරූ අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියහ.

මෙහිදී උන්වහන්සේ දැක්වූ අදහස් :

***************************************

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ අවමංගලයාට අභියෝගයක් !

(07.11.2019 – colombotoday.com ඇසුරෙන්)

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ නරක පෙන්වා ඇති බවත් දැන් මංගල සමරවිර මහතාට දේශපාලනයෙන් ඉවත්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් විරවංශ මහතා පැවසිය.

මාතර, දෙණිපිටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.

එහිදි වැඩිදුරටත් අදහස් පළකල ඒ මහතා ,

“මේ මාතරින් බිහිවුණ ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගල සමරවිර මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ගැන සුදුහුණු ගානවා. තමුන්නාන්සෙලා දන්නවා ගිය සතියේ පාර්ලිමේන්තුවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කරා. ඒ අත්සන් කරාම මේ තියෙන මගේ රටේ ති‍්‍රකුණාමලයේ ඉදන් කොළඹ වරාය දක්වා ස්පෙෂල් ඉකොනිමික් කොරිඩෝ එකක් හැදෙනවා. කිලෝමිටර් 200 ක් දිග කිලෝමිටර් 15 ක් පළල පටියක් රට මැද්දෙ හැදෙනවා. ඉඩම් ලක්ෂ 12 ක් මේකට ආවරණය වෙනවා. වනබිම්, පුරාවිද්‍යා බිම් නගර, රජමහා විහාර, සීගිරිය, දඹුල්ල මේකට අයිති වෙනවා. දිස්ති‍්‍රක්ක 6 ක් හරහා මේක කොළඹ වරායට එනවා. මේක ඇතුලේ බලපවත්වෙන්නෙ ඇමරිකන්කාරයගේ නීතිය. මෙතන ඉඩම් අක්කර 12 යි. ඊට අමතරව තව ඉඩම් ගන්නවා ඔක්කොම ඉඩම් වලින් 18.2% ක් ඇමරිකන්කාරයා අත්පත් කරගන්නවා. අත්පත් කරගන්න දැනට තියෙන බාධා නිසා ඉඩම් නීතිය වෙනස් කරනවා. බලපත‍්‍ර ඉඩමට සින්නක්කර ඔප්පු දෙනවා එතකොට පවරන්න ලේසියි

අපේ ඉඩම් වලින් 18.2% ක් කියන්නේ අක්කර විසිනම ලක්ෂ හැටපන්දාස් දෙසිය හැටහතරයි. අපිට හම්බ වෙනවා ප‍්‍රදානයක් ඩොලර් මිලියන 480 ක. ඒක රුපියල් වලට හරවලා අක්කර ගාණින් බෙදුවම එක අක්කරයක වටිනාකම රු .විසිනමදාස් එකසිය තිස්හතයි. පර්චස් 1 ක වටිනාකම රු. 180 යි. මගේ මුතුන් මිත්තෝ රැක්ක රට, විරයන් මිහිදන් කරපු රට, මේ රට තමයි ඇමරිකන්කාරයට අද පාවා දිලා තියෙන්නේ. පිංසිරි සමරවිර කිව්වා මේ ගිවිසුමේ වරදක් තියෙනම් පෙන්වා දෙන්න දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා. ඔන්න පෙන්වලා දුන්නා. දැන් එතුමට දේශපාලනයෙන් චුත වෙන්න පුළුවන්” යැයි විරවංශ මහතා තවදුරටත් පැවසිය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *