දේශපාලන ප‍්‍රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..

(15.09.2017 – 10:00 +0530 – lankacnews.com)

ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප‍්‍රදේශයේ දැවැන්ත ප‍්‍රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප‍්‍රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ එජාප මන්ත‍්‍රිවරයෙකුගේ බිරිදක් වන නිරෝෂා ප‍්‍රියංගනී නමින් මෙම අරක්කු ගබඩාව ඉදිකරන බව එහිදී හෙලි විය ෴

***********************************

මන්නාරමේ ස්ථාන දෙකක ජේසු තුමන්ගේ පිළිරු කඩා බිද දමති..
(14.09.2017 – 17:30 +0530 – lankacnews.com)

මන්නාරමේ ස්ථාන දෙකකදී කිතුනු බැතිමතුන් ඉදිකල තිබූ ජේසුස්වහන්සේගේ පිළිම දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කොට ඇති බවට ප්‍රදේශවාසීන් කියාසිටිති.

මන්නාරම් යාපනය ප්‍රධාන මාර්ගයේ නායාත්තුවලි ප්‍රදේශයේ ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට මෙසේ හානි සිදු කොට තිබූ අතර මීට අමතරව මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් රෝමානු කතොලික පාසල් ඉදිරිපිට ඉදිකොට තිබූ ජේසුස් වහන්සේගේ පිළිරුවකට හානි කොට තිබුණි.

ජේසුස් වහන්සේගේ පිලුරුවලට මෙසේ හානි සිදු කළේ කවුරුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර අදාල පිරිස් සොයා මන්නාරම් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

*****************************************

බලන්නකෝ මේ අනතුර වෙන්න හේතුව ඔබ පුදුමයට පත් වෙයි
(gossiplankanews.com)


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *