මීළඟ ජනාධිපතිවරයාට භාරවෙන්නේ මුල සිටම ගොඩනැගිය යුතු රටක් – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(14.11.2019 – 06:39 +0530 – lankaleadnews.com)

මීළඟට පත්වන ජනාධිපතිවරයාට මුලසිට ගොඩනැංවිය යුතු රටක් භාරවන බව දේශය සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (13 වැනිදා) ‘යුතුකම සංවිධානය’ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මෙවර ජනාධිපතිවරණය තීරණාත්මක එකක් වනු ඇති බවත් ජනතාව ලබාදෙන ඡන්දය මත රටේ ඉදිරි අනාගතය තීරණය වනු ඇති බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් එහිදී වැඩිදුරටත් පැවසීය.

ඇතැම් අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පුරවා ඇත්තේ සුන්දර වචනවලින් පමණක් බවද උන්වහන්සේ සඳහන් කළේය.

“රටේ අනාගතය වෙනුවෙන් මහා පරිමාණ දේවල් කිරීම පසෙක දමා දැනට කඩා බිඳ වැටිච්ච ආර්ථිකය, සාමය, නීතිය, සහෝදරත්වය, යළි ගොඩනැගීමට මූලිකව ක්‍රියා කළ යුතුයි. මේ රට දැන් සුනාමියකට අහුවෙලා වගේ තියෙන්නේ. ඒ වගේම මේ වන විට දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන් දැඩි ආක්‍රමණයකට ලක්කරලා තිබෙනවා. කොටින්ම බටහිර බලවේග අපේ ජාතියේ ගෙල සිරකරගෙන අපිට ටොකු ඇණ ඇණ දක්කගෙන යන රටක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා ඒ බලවේගවලින් රට මුදා ගැනීම තමයි ඊළඟ නායකත්වයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. එම ප්‍රශ්නය විසඳීමේදී ඉතාම කල්පනාකාරීව, බුද්ධිමත්ව විසඳිය යුතු වෙනවා.”

***************************************

රට අනතුරේද ? MCC ගිවිසුමේ ඇත්ත තත්වය – ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක (09.11.2019) (මිනිත්තු 57)

***************************************

රැවටෙන්න එපා! පුතාණෝගේ ‘කමින් සූන් පච දෙක’ මෙන්න – විමල් වීරවංශ (12.11.2019)

+++++++++++++++++++++++++++++++++++

පුතාණෝගේ කල්මුණේ වේදිකාවෙන් ‘කොටි වීර ගීත’ – විමල් වීරවංශ (14.11.2019)

***************************************

“අපිව දැනුවත් කරන්න..නැතිනම් වටලලා අල්ලන්න පුළුවන්” – මහින්ද දේශප්‍රිය

(14.11.2019 – nethnews.lk)

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව දැන් ආරම්භ වී තිබෙන්නේ ජනාධිපතිවරණයේ නිහඬ කාලයයි.

මෙම නිහඬ කාලය තුළ ජනාධිපතිවරණය වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව තවදුරටත් ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ “හැබැයි අපි රැස්වීම් තියන්න බෑ කිව්වට.. දැන් ඉන්නවා නේ ඡන්ද පොළ නියෝජිතයෝ..ගණන් කිරීමේ නියෝජිතයෝ.. ඒගොල්ලන්ට මේ අපේක්ෂකයෝ උගන්වනවා නේ…කොහොමද ඡන්ද පොළේ මොනවද බලන්නේ කියලා.. ඒවා තියන්න පුළුවන් දොරවල් වහ ගත්ත ශාලාවල. හැබැයි ඒවා වුණත් අපිට දන්වන්න. නැතිනම් අපේ අය වටටලා අල්ලන්න පුළුවන්.. මොකද අද ඉඳලා අපේ අයටත් ටිකක් වැඩ අඩු නිසා.” යනුවෙනි.

කිසියම් අපේක්ෂකයෙකුට වාසි හෝ අවාසි වන පරිදි වක්‍රව සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු ද වළක්වාලීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ආගමික හෝ ක්‍රීඩා කටයුතු මුවාවෙන් සිදු කෙරෙන අපේක්ෂක ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ද වළක්වාලන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ ෴

***************************************

වේලාසනම පරදිති.. ප‍්‍රබල ඇමතිලා අමාත්‍යංශවලින් භාණ්ඩ, ලිපිගොනු අස්කරති..

(14.11.2019 – 14:10 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම අද (14) දිනයේ සිය අමාත්‍යංශ කාර්යාලවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව වාර්තාවෙයි.

ඊයේ (13) දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමත් සමඟ අද පෙරවරුවේ සිය අමාත්‍යාංශ වලට පැමිණ ඇති මෙම කීපදෙනා පුද්ගලික කාර්ය සහ තමන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය අස්පස් කරමින් සිටී.

ඇතැම් ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයන්ද පරිඝණක තුල ඇත්තේ දත්ත මකා දමනින් සිය බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටිති.

එළඹෙන 18 දා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යැයි පැතිරී යන තොරතුරු හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කර නව ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පහළොස් දෙනකුට (15) වැඩි පිරිසක් මේ වන විටත් එකඟතාවය පළ කර ඇති බවයි ෴

***************************************

ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන ස්වාධීන රූපවාහිනියට STF ආරක්ෂාව ඉල්ලයි

(14.11.2019 – 11:41 +0530 – lankaleadnews.com)

ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට දන්වා යවා ඇත.

මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධව එම ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පියවර ගෙන ඇත.

පසුගිය කාලය පුරා විපක්ෂ‌යේ ජනපති අපේක්ෂකයන් සදහා ‌‌දේශපාලන මඩ ප්‍රහාර සහ අසත්‍ය ‌තොරතුරු විකාශනය කිරීම සදහා රජය ‌මෙම මාධ්‍ය ආයතනය ‌යොදාගත් බවට සමාජ මතයක් පවතී ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *