සමස්ත ඡන්ද ප්‍රතිඵලය 18 වැනිදා රාත්‍රියට පෙර – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

(15.11.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk)

මෙවර පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට (16) රාත්‍රී 10 ත් 12 ත් අතර කාලයේදී ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය 18 වැනිදා රාත්‍රියට පෙර ලබාදීමට හැකිවනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා :

“අනවශ්‍ය ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වුවහොත් එම ප්‍රදේශයේ ඡන්ද විමසීම ශුන්‍ය කරනවා. ප්‍රතිඵල නිකුත් කිරීමත් අත්හිටුවන්න පුළුවන්. නීතියට අනුව හැසිරෙන්න. මෙය ඉතා තදබල අවවාදයක්.

ඡන්ද පොළේ සිට මීටර 500 ක් ආසන්නයේ රංචු ගැසී ඉන්න බැහැ. ඡන්දපොළ අවට අත්පත්‍රිකා බෙදීමත් තහනම්. කිසිදු අයෙකුට සමාවක් නැහැ. සමාජ මාධ්‍ය තහනම් කරන්නත් ඉල්ලීමක් තිබුණා. සියයට 25 ක් වගේ තමයි නරක ලෙස භාවිත කරන්නෙ. සමාජ ජාලවලට ලැබෙන අවසන් අවස්ථාව. දැනට තහනම් නොකළත් තහනම් කරන්න පුළුවන්.”

ප්‍රශ්නය : ඔබතුමා අසනීපෙන් ඉන්නවා කියලා?

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා : මම අසනීපෙන් කියලා ප්‍රචාරයකුත් යවලා. ඒ නිසා ඡන්ද ප්‍රතිඵල නැහැලු. මම වෙනදටත් වඩා හොඳින් ඉන්නවා.

ප්‍රශ්නය : ප්‍රතිඵල එන්න පරක්කු වෙනවාද?

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා : පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට (16) රාත්‍රී 10 ත් 12 ත් අතර. බොහෝවිට එය රත්නපුර වියහැකියි. නමුත් ඡන්ද පත්‍රිකා දීර්ඝ නිසා රාත්‍රී 12:30 පහුවෙන්නත් පුළුවන්. 18 වැනිදා පෙරවරු 08:00 වෙනකොට ප්‍රතිඵලවලින් 80% ක් 90%ක් දෙන්න පුළුවන් වේවි. හෙට (16) හවස 06:00 සිට ආරම්භ වෙන්න පුළුවන්. 18 වැනිදා රෑ කෑමට කලින් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලැබෙයි.

***************************************

ලොව පුමුඛ පෙළේ තාක්ෂණය මුසු වූ ‘අද දෙරණ’ මැතිවරණ විකාශය

(15.11.2019 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසුමේ ආරම්භයේ සිට අවසන් ප්‍රතිඵලය දක්වා, සියලු තොරතුරු නිවැරදිව ප්‍රථමයෙන් ගෙන ඒමට ‘දෙරණ මාධ්‍ය ජාලය’ මේ වන විට සියල්ල සූදානම් කර තිබේ.

මොහොතින් මොහොත වෙනස් වන ජනාධිපතිවරණයේ උණුසුම, ටෙලිවිෂනයේ නව තාක්ෂණික අත්දැකිමක්ද සමගින් SRI LANKA DECIDES විශේෂ මැතිවරණ විකාශය ඔස්සේ ප්‍රේක්ෂක ඔබට විඳගත හැකියි.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා පවත්වන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට (16) උදෑසන 07 ට ආරම්භ වන මොහොතේ සිට මෙරට ජනයාගේ විශ්වසනීයම ප්‍රවෘත්තී සන්නාමය වූ ‘අද දෙරණ’ විශේෂ මැතිවරණ විකාශයක් ඔස්සේ එහි සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට විශේෂ ක්‍රියාන්විතයක් දියත් කර තිබේ.

ඒ අනුව හෙට (16) පෙරවරු 06:30 ට දෙරණ අරුණ වැඩසටහනින් ආරම්භ වන මැතිවරණ ආවරණය උදෑසන 08 ට ‘ටීවී දෙරණ’ සහ ‘අද දෙරණ 24’ නාලිකා ඔස්සේ විකාශය ඇරඹෙන SRI LANKA DECIDES විශේෂ මැතිවරණ සජීවී වැඩසටහන ඔස්සේ අඛණ්ඩව දිනය පුරා ඔබවෙත ගෙන ඒමට අද දෙරණ සූදානම්.

දිවයින පුරා විසිර සිටින විශ්වසනීයම සහ වේගවත්ම ප්‍රාදේශීය මාධ්‍යවේදී ජාලය සහ රටේ සියලු දිස්ත්‍රික්වල ස්ථානගත කර සිටින ‘අද දෙරණ’ නිශ්පාදන කණ්ඩායම් ඔබගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඡන්ද වීමසීමේ දර්ශන ඇතුළු සියලු දත්ත සහ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටියි.

ඡන්ද වීමසීමේ කටයුතු අවසන් වීමෙන් පසු ඉදිරි වසර 05 සඳහා රටේ නායකත්වය තීරණය කරමින් ලබාදුන් තීරණාත්මක ජනතා තීන්දුව විශ්ලේෂණාත්මකව ඔබට අණාවරණය කරන SRI LANKA DECIDES ELECTION NIGHT LIVE සජීවී විකාශය රාත්‍රී 06:55 ප්‍රධාන ප්‍රවෘත්තී ප්‍රකාශය සමගින් විකාශය ආරම්භ කරයි.

ඒ අනුව ප්‍රථිපල නිකුත් වීම ආරම්භ වූ මොහොතේ සිට අප වෙත ලැබෙන තහවුරු කරන ලද සෑම නිල ඡන්ද ප්‍රතිපලයක්ම එසැනින්, නිරවුල්ව ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

දකුණු ආසියාවේ විශාලතම ප්‍රවෘත්තී මැදිරියේ සිට අති නවීනතම තාක්ෂණික උපාංග සහ ග්‍රාෆික සජීවීකරණ උපාංග උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින් මින් පෙර අත්නොවිඳි අංග සම්පූර්ණ ජාත්‍යන්තර ප්‍රමිතියේ ටෙලිවිෂන් අත්දැකීමක් ඔබගේ ටෙලිවිෂන් තිරය මත දිගහැරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන්.

ඒ සඳහා විදෙස් විශේෂඥ කණ්ඩායම් රැසක තාක්ෂණික සහායද හිමිවුණි.

අතර ඩයලොග් ටීවී සහ PEO TV වැනල් අංක 14 ඔස්සේ සම්ප්‍රේෂණය වන අද දෙරණ 24 ප්‍රවෘත්තී නාලිකාව ඔස්සේ සහ ටීවී දෙරණ ඔස්සේ මැතිවරණ ප්‍රථිපල විකාශයේ විප්ලවීය අත්දැකීම විඳගැනීමට අද දෙරණ ප්‍රේක්ෂක ඔබට ඇරයුම් කරයි.

ටෙලිවිෂනයෙන් පමණක් නොනැවතී FM දෙරණ, www.adaderana.lk වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම අද දෙරණ කෙටි පණිවිඩ සේවාව ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම සෑම ජංගම දුරකතන ජාලයකටම නිල ඡන්ද ප්‍රථිපල යොමු කිරීමට ‘අද දෙරණ’ මෙවරත් සූදානම්.

***************************************

ඡන්ද කටේ දී ලෙඩ වූ නිලධාරීන්

(15.11.2019 – 18:55 +0530 – sinhala.adaderana.lk)

කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන් 67 දෙනෙකු අද (15) උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු රෝගී වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරියේ නිරත නිලධාරීන් කිහිප දෙනෙකුද මෙලෙසම උදෑසන ආහාර විෂ වීමෙන් රෝහල් ගත කෙරුණි.

මෙවර ජනාධිපතිවරණයට අදාළව කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ දිස්ත්‍රික්ක් ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද භාවිතයට ගැනෙයි.

එහි රාජකාරි සඳහා යොදවා ඇති නිලධාරීන් ගණන 8000 කි.

ඔවුන්ගෙන් පිරිසකට අද (15) උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු උදර වේදනාව, ක්ලාන්තය හා වමනය යන රෝගී තත්වයන් මතුව තිබුණි.

වහාම ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

එම රෝගීන් කඩිනමින් රෝහලට ඇතුළත් කර ගැනීම සඳහා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සූදානම්ව සිටියේය.

රෝහල්ගත කළ පිරිස අතර මැතිවරණ රාජකාරී සඳහා පැමිණි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් 5 දෙනෙකුද වෙයි.

පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කළ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද අද (15) පස්වරුවේ එහි පැමිණියේය.

මේ අතර, නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් පිරිසක්ද උදෑසන ආහාර ලබා ගැනීමෙන් පසු රෝගී වී තිබුණි.

ඔවුන්ද කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නිලධාරීන් රෝගී වීම හෙට (16) දින මැතිවරණ රාජකාරී සඳහා බාධාවක් නොවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

***************************************

ප‍්‍රබල ඇමති ඇමරිකාවේ නැගනිය ලඟට පැන යන්න සැරසේ..

(16.11.2019 – 03:26 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් සහාය පල කරන ලද ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම මේ වනවිට කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ හෝටල්වල කාමර වෙන්කර ගෙන සිටින බව දැනගන්නට ඇත.

මැතිවරණ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ සිටින්නේද විදෙස් ගත වන්නේද යන්න තීරණය කිරීමට නියමිතව ඇත.

ඔවුන් විසින් තමනට අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය ආදිය දැනටමත් මෙම හෝටල් කාමරවල රදවා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙකු ඇමෙරිකාවේ සිටින සිය සහෝදරිය වෙත යාමට නියමිතව තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඇමතිවරයා අසීමිත උපයා ගන්නා ලද දේපල එහි සඟවා ඇති බවද පැවසේ ෴

+++++++++++++++++++++++++++++++++++

හොර ඇමතිවරුන් රට පනින වෑයමක – ගම්මන්පිල ‌පොලිසියට පැමිණිලි කරයි (15.11.2019)

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වි ඇති පසුබිමක අද (15) මොරටුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ ආධාරකරුවන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.‍

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *