මහින්ද දේශප්‍රිය විශේෂ මාධ්‍ය හමුවක

(16.11.2019 – 18:45 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී පැවැත්වුනා.

https://www.facebook.com/AdaDeranaLive/videos/1034407810240852/

***************************************

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 ඉක්මවයි

(16.11.2019 – 18:55 +0530 – sinhala.adaderana.lk)

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (16) පස්වරු පහට අවසන් කෙරුණි.

මෙවර බොහෝ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට අසූව ඉක්මවා තිබීම විශේෂත්වයකි.

2019 ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පෙරවරු 07:00 ට ආරම්භ වුණි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,59,92,096 කි.

ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදීය.

දිස්ත්‍රික්කය ඡන්ද දායකයින් සංඛ්‍යාව ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය
කොළඹ16,70,40380
ගම්පහ17,51,89281
කළුතර9,55,07980
ගාල්ල8,58,74980
මාතර6,52,41780
හම්බන්තොට4,85,78680
මහනුවර11,11,86080
මාතලේ4,01,49680
නුවරඑළිය5,69,02880
බදුල්ල6,57,76680
මොණරාගල3,66,52484
රත්නපුර8,64,97884
කෑගල්ල6,76,44079.5
කුරුණෑගල13,31,70580
පුත්තලම5,99,04275
අනුරාධපුර6,82,45080
පොළොන්නරුව3,26,44380
මඩකලපුව3,98,30177
දිගාමඩුල්ල5,03,79080
ත්‍රිකුණාමලය2,81,11483
යාපනය – යාපනය4,75,17666
යාපනය – කිලිනොච්චි89,53873
වන්නි2,82,11974.3


ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සමස්ථයක් ලෙස සාමකාමීව තිබූ බව මැතිවරන නිරීක්ෂකයින් පවසයි ෴

***************************************

රණවිරු ගායට බියෙන් වේසිපුත්‍ර චන්දගුත්ත ටීනුවරයා රටින් පනී

(16.11.2019 – 22:29 +0530 – lankacnews.com ඇසුරෙන්)

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අද (16) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල මගින් විදෙස්ගත වී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ඒමට පළමුව ඔහු රටින් පලාගොස් ඇති බවට සමාජ ජාලාවල වාර්තා පළවෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසිකම ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයේ නඩු පැවරූ ඔහු අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටද නඩුවක් ගොනුකර තිබේ.

https://www.youtube.com/watch?v=FXuub_U-NOk

+++++++++++++++++++++

***************************************

බෙදුම්වාදීන්, වහාබ්වාදීන් රොත්තම එකට තබා පරදවති… හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ජනාභිෂේකය ලබයි…!

(17.11.2019 – colombotoday.com)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18) දිනයේ දිවුරුම් දීමට නියමිත බව නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින අතර, තොරතුරු මාර්ග අනුව ඔහු 54% ක පමණ ප්‍රතිශතයක් සහිතව වැඩි ඡන්ද ලක්ෂ 12 කින් පමණ ජයග්‍රහණය කරන ඇති බවද පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගද තහවුරු කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී ඇති බවයි.

උතුරේ බෙදුම්වාදී බලවේග හා බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්, වහාබ්වාදී පෙරමුණු සහ පසුගිය පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම චෝදනා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී බලවේග සියල්ලම පෙනී සිටියේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි. දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසින් පත්කරගත් ප්‍රථම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීමද විශේෂත්වයකි ෴

***************************************

***************************************

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

(17.11.2019 – colombotoday.com)

මීගමුව ඡන්ද කොට්ඨාසය ඡන්ද 44032 ලබා ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 31743 ක්ද, අනුර දිසානායක මහතාට ඡන්ද 4132 ක්ද හිමිවිය.

කතෝලික ජනතාව ඉලක්ක කරමින් රටේ ස්ථාන කිහිපයකට හා මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය වළක්වා නොගැනී සම්බන්ධයෙන් පවතින රජයට කතෝලික ජනතාවගේ අප්‍රසාදය පල වූ අතර, ප්‍රහාරයට චෝදනා ලැබූ මුස්ලිම් දේශපාලන බලවේගද මෙවර පෙනී සිටියේ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙනි.

එවැනි තත්ත්වයක් යටතේ ජනාධිපතිවරණයේ දී ද මීගමු ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරශවයට දැඩි අප්‍රසාදය පළවෙතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළේය.

+++++++++++++++++++++

මීගමු ජනතාවගේ බුද්ධි මට්ටම ?

***************************************

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතන්නට ජනතාව නිවසට රොක් වෙයි

(17.11.2019 – 10:44 +0530 – hirunews.lk/sinhala)

2019 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගනිමින් සිටිනවා.

ඔහුගේ ජයග්‍රහණයට සුබ පතන්නට මේ වන විටත්, පාක්ෂිකයින් විශාල පිරිසක් නිවස වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

එම වීඩියෝව :

***************************************

17.11.2019 – 11:00 +0530
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය 50 % ඉක්මවා ගියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ඇමරිකානු රජයේ / ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ‘MCC ගිවිසුම අත්සන් කිරීමේ තදියම’ දැඩිව බලපෑවාද? Thank You U.S.A. !

***************************************

***************************************

17-11-2019

***************************************

මඩ කප්පිත්තන් රූපවාහියෙන් පැන දුවයි..

(17.11.2019 – 12:40 +0530 – lankacnews.com)

නිකුත් වී තිබෙන ජනාධිපතිවරණ ප්‍රතිඵල වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු එක්සත් ජාතික පක්ෂයේ මඩ කපිතන් ජාතික රූපවාහිනියෙන් පිටව ගොස් තිබේ.

ජයග්‍රහණය පිළිබඳව ඉව වැටුණු පොදු ජන පෙරමුණේ සාමාජිකයන් සේවයට වාර්තා කිරීම ආරම්භ කර ඇත.

සංස්ථාවේ බොහෝ ස්ථානවල සේවයේ නියුතුව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් මීට සුළු වේලාවකට පෙර සේවා ස්ථානවලින් පිටව ගිය බව එහි සිටින අප වාර්තාකරු පවසයි.

– repoter

***************************************

සජිත් එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි… ජනාධිපති ගෝඨාභයට සුබ පතයි…

(17.11.2019 – 11:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයේදී ජනතාව විසින් ලබාදුන් තීන්දුවට තමන් ගරු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තම සුබ පැතුම් එක් කරන බවද ඒ මහතා කියා සිටියි.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර ඇත.

තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වන බව ද ඔහු එමගින් දැනුම් දී තිබේ

ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි :

At the conclusion of a hard fought and spirited election campaign, It is my privilege to honour the decision of the people and congratulate Mr. Gotabaya Rajapaksa on his election as the seventh President of Sri Lanka.

I express my heartfelt gratitude to all of our citizens who voted for me, in all corners of the island. I am humbled that you placed your faith in me. Your support has been a fountain of strength throughout my twenty-six-year-long political career. I also wish to place on record my gratitude to all those who worked tirelessly on my campaign. My family and I will never forget your sacrifice and dedication.

We have just witnessed the most peaceful presidential election in the history of our independent republic. This was a result of the democratic gains and institutional reforms that have taken place over the last five years, that empowered an independent elections commission and restored the rule of law. My appeal to the incoming President is that he take this process forward and strengthen and protect the democratic institutions and values that enabled his peaceful election as the 7th President of Sri Lanka. I also urge Mr. Rajapaksa to ensure that the post-election environment is peaceful, and that no citizen or NDF party supporter is persecuted or harmed for their role in supporting my candidacy.

For 26 years, I have been an active politician in this country. During that time, I have made every effort to serve the people, in my home district of Hambantota and wherever and whenever they needed my assistance. It has been my privilege to serve as Housing Minister in this Government for five years, prioritizing the creation of a home-owning society by 2025. I hope the people understand that these were sincere, heartfelt efforts to uplift the lives of my fellow citizens.

In light of today’s decision by the electorate, I have decided to step down as Deputy Leader of the United National Party with immediate effect.

In the coming weeks, in consultation with all those who supported my presidential bid, the people who have stood by me through my political journey and my loved ones, I will reflect on the future of my political career and where my life will take me hereafter. Bound to the people of Sri Lanka, I remain their faithful servant, today and always.

– Sajith Premadasa M.P.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *