ගාමිණී සෙනරත් සැඟවුණේ ඇමතිවරයෙකු ළඟදැයි සැකයක්

(03.11.2017 – lankatruth.com)

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලැබී ඇති විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මේ වනවිට ඔහු පදිංචි ස්ථානවලින් ඉවත්ව රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ රැකවරණය යටතේ සිටින බවට පරීක්ෂණ කන්ඩායම්වල සැකයට භාජනය වී ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගාමිණී සෙනරත්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම කොට්ඨාසයට කැඳවා තිබුණද එහි පැමිණීම ඔහු මගහැර තිබුණු අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ලබාගත්තේ ඉන් පසුවය.

මේ අතර රුපියල් බිලියන 04ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති ගාමිණී සෙනරත් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වලකාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර එය මේ මස 06වනදා තෙක් කල් තබා ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට 2012 දී කැබිනට් අනුමැතියකින් වෙන්කළ රුපියල් බිලියන 18.5 ක මුදලින් බිලියන 4 ක මුදලක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිට් රිජන්සි ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බී වාර්තාවක් මගින් ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණේ 2017 ඔක්තෝබර් 31 දින දීය. එයට අමතරව ඔහුගේ විදේශ ගමන්ද තහනමට ලක් කර ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාදක අරමුදල හා ලිට්රෝ ගෑස් සමාගම කොල්ලුපිටියේ හෝටල් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 18.5 ක මුදල ලබා දී ඇත.

ගාමිණී සෙනරත්ට අමතරව රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න යන අයද මෙම රුපියල් බිලියන 04 රේ මූල්‍ය අවභාවිතාවට සැකරුවන් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් කර ඇත.

– මූලාශ්‍ර රාවය

*****************************************

මහේෂිව පුදුමයෙන් පුදුමයට පත් කරපු CCTV වීඩියෝව
(07.11.2017 – videos.gossiplankanews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *