කතානායකගේ පටි රෝල්.. තෙල් සංස්ථාව IOC ට විකුණා ඇත්තේ කරු ජයසුරියයි ….

(08.11.2017 – 10:00 +0530 – lankacnews.com)

2001 දි පත්වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතායි.

එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20% කොටසක් 2002 දි ඉංදිය ඔයිල් සමාගමට වසර 35 සඳහා බදු දුන්නේ ය.

අද එම ගිවිසුමේ ඇති අවාසි සහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල ඉන්දන අර්බුදයකට මුහුණ දි ඇති බැව් පාර්ලිමේන්තුවේ දි කථානායක කරු ජයසුරිය මහතා ඉදිරියේදී සාකච්ඡා විය.

මෙහිදී හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතාගේ කාලය තුල සිදු වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාසුදේව නානයක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් චෝදනා කරන ලදී.

අගමැතිවරයා හිටපු අමාත්‍යවරයා බේරාගැනීමට උත්සහ ගත් අතර කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ එදා එම තීරණය හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරියගේ තනි තීරණයක් නොව එය අමාත්‍ය මණ්ඩල තීරණයක් බවයි.

වීඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *