lanka E news අවහිර කෙරේ..

(08.11.2017 – 18:48 +0530 – lankacnews.com)

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ( http://www.lankaenews.com/home/change_language/si ) ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රවේශයන් අවහිර කර ඇති බව එම වෙබ් අඩවිය චෝදනා කරයි.

විදේශයක සිට ක‍්‍රියාත්මක මෙම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකාවේ සියළු අන්තර්ජාල සේවා සපයන්නත් වෙත නියෝග කර ඇති බවය.

එම වෙබ් අඩවිය චෝදනා කරන්නේ මෙම කටයුත්ත සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේ උවමනාවට බවයි.

ලංකා ඊ නිවුස් එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදීව පසුගිය කාලය පුරාම කටයුතු කල අතර ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක අදහස්ද පල කරනු ලැබීය ෴

*****************************************

මාධ්‍ය හමුවට පෙර ඇමති රවීන්ද්‍ර සමරවීර දුරකතනයෙන් කළ මේ ඩෙන්ඩර් ගනුදෙනුව කුමක් ද?
(08.11.2017 – newsfirst.lk/sinhala)

අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා එක් විය.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර රාජ්‍ය අමාත්‍යවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට අමාත්‍යවරයා ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ…

කම්කරු රාජ්‍ය අමාත්‍ය, රවින්ද්‍ර සමරවීර,

‘‘හලෝ ඔව්, හරි ශක්‍ය, මම ඇමතිතුමියට දැන් කතා කළා. දැන් හෝල්ඩ් කරලා තියෙනවා ටෙන්ඩර්ස්. ඉක්මනට බලලා ටෙන්ඩර් එකක් දාන්න කිව්වා ඉක්මනට. ඔව්, ඔව් දැන් කෝල් කරලලු තියෙන්නේ. ඉන්ද්‍රජිත් විජේසුරිය කියලා ඉන්නවා ඇමතිතුමියගේ ලේකම් කෙනෙක්. එයාව ගිහිල්ලා හම්බවෙලා ඔයාගේ මේවා එක දාන්න ටක් ගාලා. අමාත්‍යාංශයට යන්න එයාගේ. විදේශ සේවා එකට. ඉන්ද්‍රජිත් විජේසූරිය ළඟට ගිහිල්ලා මට කෝල් එකක් දෙන්න. හරි.’’

රවීන්ද්‍ර සමරවීර ඇමතිවරයාගේ හිතවතෙකුගේ ටෙන්ඩර් ඉදිරිපත් කරන තෙක් රඳවාගෙන සිටින මේ ටෙන්ඩරය කුමක් ද?

මෙය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවළියට අනුකූල ද?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *