ඡන්දෙ දිනා තුන්මාසෙන් බැදුම්කර මගඩිය.. අපි ආවෙ හොරකං කරන්නද..- ඡන්දය ළගයි.. ජනාධිපති එජාපය ගලඋඩ සටනට කැදවයි..

(08.11.2017 – 22:09 +0530 – lankacnews.com)

මහ බැංකුවේ සිදුව ඇති මුල්‍ය අක‍්‍රමිකතාවය සම්බන්දයෙන් සෙවීම සදහා පත් කරන ලද බැදුම්කර ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුවේම පිරිසක් තමනට චෝදනා කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුවේම පිරිසක් විවිධ මාධ්‍ය අල්ලාගෙන විශාල වහයෙන් මුදල් යොදවමින් තමනට මඩ ගසමින් සිටින බවද ඔහු සදහන් කරයි.

සෝභිත හිමියන් අද ජීවත්ව සිටියේ නම් බැදුම්කර කොමිසම පත් කිරීම ගැන තමනට උපහාර පුදන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිලිරුවක් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේ ඉදිකිරිමේ උත්සවයක් අමතමිනි.

‘අපි තිබුන ආණ්ඩුව වෙනස් කලේ මොනවටද.. අපේ අරමුණ කුමක්ද.. අපි ආවෙ සාක්කු පුරව ගන්නද.. අපි ආවෙ හොරකං කරන්නද.. මං ජනාධිපති කොමිසමක් පත් කලේ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන් ඉලක්ක කරල නොවෙයි.

ජනවාරි මාසෙ 08 වැනිද ඡන්දෙන් ජයග‍්‍රහණය කරල මහ බැංකු සිද්ධිය සිද්ද වුනේ ආණ්ඩුව හදල මාස තුනකින්. මේ විනාශය කලා. මේකට වගකිව යුත්තො වගකියන්න ඕන’ යයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

+++++++++++++++++++++++++++++

පෙට‍්‍රල් නෑ කියලා මගේ කෑලි යන්න බනින්නේ ෂෙඩ් වලට පෙට‍්‍රල් බෙදන්නේ මමද.. – ජනපති අසයි..
(08.11.2017 – 14:10 +0530 – lankacnews.com)

පෙට‍්‍රල් ප‍්‍රශ්ණය නිසා දැන් ආණ්ඩුව හොදට බැනුම් අහන බවත් තමනගේ කෑලි ගලවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමනට එසේ බැණ වදින අය හිතාගෙන සිටින්නේ තමන් ෂෙඩ්වලට පෙට‍්‍රල් බෙදනවා කියා බවද එ් මහතා සදහන් කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ දෙවස් පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

රෝහල්වල වැඩ වර්ජන කලත් තමනට බනින්නේ තමන් රෝහලේ බෙහෙත් දෙන්නේ යයි සිතාගෙන බවත් පාසැලට දරුවෙක් දමා ගැනීමට නොහැකි වුවත් තමන් වැරදිකරු බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේ බැදුම්කර කොමිසම පත් කරනු ලැබුවේ කිසිවෙකු ඉලක්ක කරගෙන නොවන බවත් එම ක‍්‍රියාවට වගකිව යුත්තෝ වගකිව යුතු බවද පැවසීය ෴

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I think the President is missing the point. He is the Executive President. The areas where major issues and conflicts are in the remits of government ministers. They are responsible for them, and responsible to the Public for misdemeanours in their areas of responsibility. If ministers are not taking their responsibility seriously and perform correctly, then the PM must sort them out. If both PM and Ministers fail the public, then the Exec President as the Leader must take decisive actions, to dismiss the erring Ministers and PM and take control of the situation. That is why he has been given those powers. He cannot go moaning to the public that he is not responsible. He is. Why he is allowing the bond scam Ministers and Businessmen and public servants to hang out freely. There is enough evidence to arrest them and start legal actions.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *