උතුරේ කොටි මහ විරු සැමරුම මහ ඉහලින් සූදානම්…

(11.11.2017 – 06:29 +0530 – lankacnews.com)

යුද සමයේදී මිය ගිය මහවිරුවන් නොවැම්බර් 27 වනදා උතුරු පලාතේ ස්ථාන කිහිපයකම සැමරීමට පියවර ගෙන ඇති අතර ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පැවත්වීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් හා ස්වේච්චා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට ඇත.

උතුරු පලාතේ මහවිරු ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි අක්කර පහක පමන වූ මහවිරු සුසාන භූමියේදී පැවත්වෙන අතරතුර එදින කිලිනොච්චිය මුලංකාවිල්,මල්ලාවි, තේරාවිල් මුලතිව්, යාපනය, මන්නාරම හා වව්නියාවේදී සැමරීමටද සූදානම් කොට ඇත.

1982 වසරේ නොවැම්බර් 27 වනදා කොටි සංවිධානයේ ‘කර්නල් වරයෙකු’ වූ ශංකර් නැමත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මිය ගිය අතර එතැන් සිට එදින මහවිරු දිනය නමින් කොටි සංවිධානයද සමරනු ලැබීය.

යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුමේ ප්‍රධාන උත්සවය පැවත්වුනේද වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ පිහිට කොටි සුසාන භූමියේදීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *