දූෂිතයින් ආරක්ෂා කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කලකිරීමෙන්

(10.11.2017 – lankatruth.com)

වත්මන් යහපාලන ආණ්ඩුව, පසුගිය රාජපක්ෂ පාලන සමයේ වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගෙන දඬුවම් කරන බව පවසා ජනවරමක් ලබාගත්තද මේ මොහොතවන විට එම ජනවරමට පිටුපාමින් දූෂිතයින් ආරක්ෂා කිරීමේ ක්‍රියාපිළිවෙතක නිරතවෙමින් සිදුකරණු ලබන බලපෑම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීහු දැඩි කලකිරීමකට පත්ව සිටිති.

විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් සිදුකරන බව පවසමින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඒ සඳහා තලතා අතුකෝරල මහත්මිය පත්කරගැනීම හරහා සිදුවී තිබෙන්නේද නීතිපති දෙපාර්තමේන්තුවට දේශපාලනික ඇඟිලි ගැසීම් සිදු කිරීම තවත් තීව්‍ර වීමයි.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිළධාරීන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මියට සෘජුවම දැනුම්දී ඇති බවද වාර්තා වේ. මෙලෙස දිගින් දිගටම දේශපාලනික ඇඟිලි ගැසීම් සිදුවන්නේනම් තව දුරටත් තම රාජකාරී කටයුතු ඉටු කිරීමට නොහැකිවන තත්වයක් උද්ගතවිය හැකි බවද ඔවුන් ඇමතිවරියට දැනුම්දී ඇත. මෙම තත්වය පිළිබඳව තලතා අතුකෝරල අමාත්‍යවරිය යහපාලන ආණ්ඩුවේ ප්‍රබලතම ආමත්‍යවරයෙකුට දැනුම්දී ඇති බවද වාර්තා වේ ෴

***********************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්
(10.11.2017 – 19:45 +0530 – hirunews.lk/sinhala)

සයිටම් ආයතනය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් නොදුනහොත් සයිටම් අර්බුදය පිළිබදව නැවතත් ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *