අයවැයෙන් බදු සහන දුන්නත් ‘නිසාන් සමාගම’ ලීෆ් රථය ලංකාවට දෙන්නේ නෑ !

(11.11.2017 – nethnews.lk)

ලොව ජනප්‍රියම විද්‍යුත් රථය ලෙස සැළකෙන ‘ලීෆ් රථය’ නිසාන් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පෙන්වා දෙන්නේ විද්‍යුත් වාහන නඩත්තුව සඳහා ශ්‍රී ලංකාවේ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා නිසාන් සමාගම මෙලෙස කටයුතු කරන බවයි.

ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදී තිබෙන බදු සහන හිමිවන්නේ මෙරටට ගෙන්වනු ලබන ලියාපදිංචි නොකළ අලුත් වාහන සඳහා පමණක් බවත්, මේ වන විට ශ්‍රී ලංකාවට අලුත් ඉලෙක්ට්‍රික් රථ ගෙන්වීමක් සිදු නොවන බැවින් එම සහනය පාරිභෝගිකයන්ට කිසිසේත්ම ලබාගත නොහැකි එකක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ දක්වන විග්‍රහය පහතින් නැරඹිය හැකියි.


****************************************

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වසර දෙකක් තුළ මුල්ලේරියාව රෝහල සමඟ ඒකාබද්ධ කෙරේ
(11.11.2017 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව මූලික රෝහල සමඟ ඒකාබද්ධ කර ශික්ෂණ රෝහලක් බවට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මුල්ලේරියාව රෝහලේ අද පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ වසර දෙකක් තුළ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *