පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ගෙන් යෝජනාවක්

(11.11.2017 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තැත් කළහොත් ලක්ෂ ගණනකින් ජනතාව මහ මඟට බැස එය ව්‍යර්ථ කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ මාතර පාලටුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති හමුවකදී.

*****************************************

මැදමුලන බද්ද වෙනුවට ඒකාබද්ධයෙන් බැඳුම්කර බද්දක්
(11.11.2017 – 19:35 +0530 – hirunews.lk/sinhala)

රටේ ණය ගෙවීම සදහා ජනතාවගෙන් මුදල් එකතු කිරීම ඒකාබද්ධ විපක්ෂය තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ එම බද්ද මැදමුලන බද්ද ලෙස නොව බැඳුම්කර බද්ද ලෙස හැදින්විය යුතු බවයි.

මහබැංකු බැදුම්කර වංචාව හේතුවෙන් රුපියල් බිලියන 1500 කට අධික ආවස්ථික අලාභයක් සිදුවීම ඊට හේතුව බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියේ ඉදිරිපත් වූ අයවැය ජනතා විරෝධී අයවැයක් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *