චම්පිකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පහරකෑමට ලක්වූ තරුණයාට මරණ තර්ජන?

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• චම්පිකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පහරකෑමට ලක්වූ තරුණයාට මරණ තර්ජන? (විඩියෝ)

• ජනාධිපති කාර්යාලය තුල ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය ඉවතට

• රාජිත විදෙස් ගත වීමේ සූදානමක් – පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි (විඩියෝ)

• සිංහල රාවය සංවිධානයෙන් චෝදනාවක් (විඩියෝ)

• කොලොන්නාවට යළි දුමින්ද සිල්වා අවශ්‍යයි – කොලොන්නාව ජනතා පවුර (විඩියෝ)

• මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ආරක්ෂාව ඉල්ලයි (විඩියෝ)

• ජනපති ගෝඨාට චිත්‍රාල් සෝමපාල ප්‍රසිද්ධියේ අපහාස කරයි! පේක්ෂක හූ හඬ මැද බේබදු ගායකයා වේදිකාවෙන් බිමට ඇද දමයි! (විඩියෝ)

• යාපනයේ තාප්ප මත ඇඳෙන නිර්මාණ

• ෆාතිමා නුස්රා : තෙලිතුඩෙන් මැවෙන සංහිඳියාව (11.12.2019) (විඩියෝ)

• මට ලයිසන් නෑ – කැබ්රිය පාලනය කරගැනීමට බැරිව ගියා – පාර අයිනේ තරුණයන් දෙදෙනා යටවුණා – වාහනේ ගසක වැදුනා – ඩ්‍රැයිවර් සාදු

+++++++++++++++++++++++++++++++++++

චම්පිකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පහරකෑමට ලක්වූ තරුණයාට මරණ තර්ජන?

(17.12.2019 – 20:41 +0530 – sinhala.adaderana.lk)

පසුගිය ජනාධිපතිවරණ සමයේ මාලබේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැලියකදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පිරිසකගේ පහරකෑමට ලක්වූ තරුණයාට මේ වනවිට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඔහු පවසයි.

අද (17) පැවති ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ මාධ්‍ය හමුවකදී එම තරුණයා කියා සිටියේ ඒ පිළිබඳව තලංගම පොලීසියට පැමිණිලි කළද, ස්ථානාධිපතිවරයා කිසිදු පියවරක් නොගත් බවයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මාලඹේ නගරයේ පැවැත්වූ ජනරැළියකට සහභාගී වූ එක්තරා තරුණයෙක්, පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්නයක් විමසීමට ගිය අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය වුණි.

මෙම මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ වුණි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා මෙසේ පැවැසීය :

“එ.ජා.ප ජනරැලියකට සහභාගී වූ තරුණයෙක්. පාඨලීගෙන් ප්‍රශ්නයක් විමසීමට ගිය අවස්ථාවේ. කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්වුණා

තරුණයාට සාධාරණය ඉටුවුණේ නැහැ . මේ ළමයා මගෙන් අහන්නේ ආණ්ඩුව වෙනස් වුණත්. සාධාරණය ඉටුවෙන්නේ නැද්ද කියලා.”

මෙහිදී අදහස් දක්වමින් පහර කෑමට ලක්වූ තරුණයා වන කළණ හර්ෂණ මේ බව පැවසීය :

“සන්දීප්ට පාඨලී කරපු දේවල් මට මතක් වුණා. ඒවා ගැන ප්‍රශ්න කරන්න ගියාම ඉඩ දුන්නේ නැහැ. ආරක්ෂකයෝ තර්ජනය කළා වාඩිවෙන්න කියලා. පස්සේ ඔවුන් මට පහර දුන්නා . ළඟදිත් මට මරණ තර්ජන ආවා. පොලිසියට පැමිණිලි කළාම ගණන් ගත්තේ නැහැ.”

ප්‍රශ්නය : එතකොට දැන් මරණ තර්ජන කරලා දුරකථන ඇමතුම් ආවාද ?

“ෆේස්බුක් මැසෙන්ජර් කෝල් අරන් තර්ජන කළා. කොල්ලෙක්ව මැරුවා කියලා ඡායාරූප එව්වා . මගේ ළඟ ඒවා තියෙනවා, පොලිසියටත් පෙන්නුවා.ඃ

ප්‍රශ්නය : තර්ජනය කරන්නේ කවුද කියලා ඇහුවේ නැද්ද ?

“අතුරුගිරියේ චමෝද චමෝද් කියලා කෙනෙක්. මේ ආයුධ වල එවපු ඡායාරූප. මරනවා කිව්වා. තලංගම පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න.”

+++++++++++++++++++++

***************************************

ජනාධිපති කාර්යාලය තුල ප්ලාස්ටික් ජල බෝතල් භාවිතය ඉවතට

(17.12.2019 – 20:39 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගි වන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කෙරිණි.

ඒ වෙනුවට ජලය වීදුරුවක පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇත.

සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක‍ෂා කෙරේ.

එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත.

‘වනජීවී සංරක්ෂණ සංසදය’, ‘මිහිතල මිතුරන්’, ‘තම්බපණ්ණි සොබාදහම් කණ්ඩායම’ යන සංවිධාන, පරිසර හිතකාමීන් සහ පරිසරවේදීහු ජනාධිපතිවරයා දින දෙකකට ඉහතදී ගත් මෙම ක්‍රියාමාර්ගයට බලවත් ප්‍රසාදය පළ කරති ෴

***************************************

රාජිත විදෙස් ගත වීමේ සූදානමක් – පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි

(17.12.2019 – 19:50 +0530 – sinhala.adaderana.lk)

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය, සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැර ගත් බව කියන සිද්ධිය සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අතින් සිදුවූ බව කියන රිය අනතුර පිළිබදව අද පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළ කළේය.

එහිදි පාර්ශ්ව කිහිපයක්ම සදහන් කළේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත යුතු බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා මේ බව පැවසීය :

“දේශිය වෛද්‍යවරුන් දෙදෙනකුට යොමු කළ බව කිව්වා. මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු කියලා. ඔහු එ.ජා.ප. පානදුර ආසන සංවිධායක. ඔහු අධිකරණ වෛද්‍ය විෂය ගැන ප්‍රවීනයෙක්. වෛද්‍ය වාර්තා ගැන CID ය සැලකිලිමත් විය යුතුයි. එ.ජා.ප.යේ. මහමොළකරුවෙක්ගේ වාර්තා ගැන. ස්විස් නාටකය සිරිකොතේ අධ්‍යක්ෂණයක්.”

මේ සම්බන්ධයෙන් අදසස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය :

“කිඹුලෝ ගැන කියපු නළුවන්ගෙන් ප්‍රශ්න කරනවා. එහි අධ්‍යක්ෂ ප්‍රශ්න කිරීම සදහා කැඳවිය යුතුයි.”

අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව පැවසීය :

“රාජිත විදෙස් ගත වීමේ සූදානමක්. ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරයි කියා සිතනවා.”

+++++++++++++++++++++

***************************************

සිංහල රාවය සංවිධානයෙන් චෝදනාවක්

(17.12.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදයට අරමුදල් සැපයූ සහ මුදල් විශූද්ධිකරණයට චෝදනා එල්ල වූ විදේශිකයන් අත්පත් කරගෙන ඇති මෙරට මාධ්‍ය ආයතන සහ ඉඩම් රාජසන්තක කර දේශීය ව්‍යාපාරිකයින්ට ආයෝජනය කිරීමට ඉඩ සලසා දිය යුතු බව ‘සිංහල රාවය’ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව සදහන් කළේ කළුතරදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

කොලොන්නාවට යළි දුමින්ද සිල්වා අවශ්‍යයි – කොලොන්නාව ජනතා පවුර

(17.12.2019 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ‘කොලොන්නාව ජනතා පවුර’ සංවිධාය විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් පැවසුවේ කොළොන්නාව නැවත ගොඩගැනීමට නම් දුමින්ද සිල්වා මහතා නැවත කොලොන්නාවට ලබා දෙන ලෙසයි.

එය එළඹෙන මහ මැතිවරණයට පෙර ඉටු කරන ලෙසයි ඔවුන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

***************************************

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ආරක්ෂාව ඉල්ලයි

(17.12.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

තමන් ඝාතනය කිරීමට තැත් කළ එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාට නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද (17) රජයෙන් ඉල්ලීමක් කළා.

තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව 2018 වසරේ ජුලි මස 07 වනදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබුණා.

එ පාතාල කල්ලි සාමාජිකයෙකු තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුවයි.

නාවලපිටියේ පිහිටි තමන්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත එවකට එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයාව සිටි බෙවන් පෙරේරා මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවටයි ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමන්ගේ ජීවිතයට අවදානමක් පැවතුනද කිසිදු ආරක්ෂාවක් තවමත් ලැබී නොමැති බවයි.

***************************************

ජනපති ගෝඨාට චිත්‍රාල් සෝමපාල ප්‍රසිද්ධියේ අපහාස කරයි! පේක්ෂක හූ හඬ මැද බේබදු ගායකයා වේදිකාවෙන් බිමට ඇද දමයි!

(15.12.2019 – emanisa.lk)

පසුගියදා සම්පත් බැංකු ප්‍රසංගසයක් සඳහා සහභාගී වූ ප්‍රසිද්ධ ගායකයකු වන චිත්‍රාල් සෝමපාල වේදිකාවෙන් පන්නා දමා තිබේ.

අධික ලෙස බීමත්ව සිටි සෝමපාල වේදිකාවේ සිට ගෝඨාභය මොන කෙරුමෙක් දැයි අසමින් ජනාධිපතිවරයාට අපහසා කර තිබේ.

එහිදී කෝපයට පත් පේක්ෂකයන් හූ තැබීමට පටන් ගත් අතර සංවිධාකයන් සෝමපාල වේදිකාවෙන් එළියට ඇදගෙන ගියේය.

පසුගිය කාලය පුරා එජාප ආණ්ඩුව සමග කටයුතු කළ සෝමපාල සමාජජාලා උපයෝගී කරගෙන සිංහල බෞද්ධයන්ට නිරතුරුව අපහාස කළේය.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=GgBpZOI5xaY
15-12-2019

+++++++++++++++++++++

17-12-2019

+++++++++++++++++++++++++++++++++++

TV Derana – Ma Nowana Mama with Chitral Somapala – 11th August 2017

https://www.youtube.com/watch?v=18qQqdiHGwg

***************************************

යාපනයේ තාප්ප මත ඇඳෙන නිර්මාණ

(17.12.2019 – nethnews.lk)

යාපනයේ තරුණ තරුණියන්ද සිය නගරය අලංකාර හා විචිත්‍ර කිරීමේ අරමුණින් යුතුව නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර නිර්මාණ කිරීමට ආරම්භ කර තිබෙනවා.

යාපනය පොදු වෙළද සංකීර්ණය, බස් නැවතුම්පල ඇතුළු ස්ථාන ගණනාවක මේ වන විට විවිධ චිත්‍ර නිර්මාණය වෙමින් පවතින බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

දැනට නිර්මාණය කර ඇති එම චිත්‍රවලින් බොහොමයක්ම හින්දු සංස්කෘතියට අදාල වූ චිත්‍රවීම විශේෂ ලක්ෂණයකි.

– දිනසේන රතුගමගේ

***************************************

ෆාතිමා නුස්රා : තෙලිතුඩෙන් මැවෙන සංහිඳියාව (11.12.2019)

***************************************

මට ලයිසන් නෑ – කැබ්රිය පාලනය කරගැනීමට බැරිව ගියා – පාර අයිනේ තරුණයන් දෙදෙනා යටවුණා – වාහනේ ගසක වැදුනා – ඩ්‍රැයිවර් සාදු

(17.12.2019 – gossiplankanews.com ඇසුරෙන්)

පසුගියදා (13 වනදා) රටම කම්පා කරමින් මියගිය කලවානේ සිතුවම් හැඳි තරුණයා – දාහත් හැවිරිදි ධනුෂ ලක්ෂාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ධනුෂව යට කරගෙන කැබ්රථය පැදවූ ඌරුමීවල කුසලඥාන නම් සිවුරුකාරයා රත්නපුර මහ රෝහලේදී හදිසි මරණ පරික්ෂණයේදී මෙසේ සාක්ෂි ලබාදී තිබේ.

“කලවාන නගරයේ සිට දෑල මම උගන්වමින් සිටින පිරිවෙනට කැබ් රථය පදවාගෙන එමින් සිටියා. ජයන්තිපුර මංසන්ධිය අසලදි කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව පාර අයිනේ සිටි තරුණයින් දෙදෙනකු යටකර ගෙන කැබ් රථය කොස් ගසක වැදී නතර වුණා. අනතුර සිදුව කැබ් රථය පැදවුයේ මමයි.

එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වන්නේද මමයි. භික්ෂුන්වහසේ නමක් ලෙස මා හට වාහන පැදවීමට නීත්‍යනුකූල බලපත්‍රයක් නැහැ.

මට මෙදින දහවල් 12:45 ට පමණ මම කැබ්රථය පදවාගෙන කල‍වාන නගරයේ සිට දෑල උගත්වන පිරිවන දක්වා පැමිණෙමින් සිටියා. තරුණයින් දෙදෙනා යටකර ගෙන පාර අයිනේ තිබු කොස් ගහක හැපී කැබ් රථය නතර වුණා. මම රියදුරු අසුනෙන් බැස බලද්දී තරුණයින් දෙදෙනා තුවාල වී බිම වැටි සිටියා. පසුව අවට අයගේ සහයෝහයෙන් තුවාලකරුවන් දෙදෙනා නිවිතිගල රෝහලට රැගෙන සියා.

1990 ගිලන් රථයට ඇමතුම් ලබාදී ඔවුන් රැගෙන ගියා. මම අනතුර ගැන නිවිතිගල පොලිසියට දුරකතනයෙන් දැනුම් දුන්නා.

නිවිතිගල පොලිසියේ නිලධාරින් පැමිණ මාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන සියා. අනතුරට පත් වූ තරුණයෙක් රත්නපුර මහ රෝහලේදි මියගිය බව මට දැනගැනීමට ලැබුණා. තරුණයා මියගියේ මම පැද වූ කැබ් රථයේ ගැටීමේන් බව මම පිළිගන්නවා”.

රත්නපුර නාගරික හදිසි මරණ පරික්ෂක ලක්මිණ තෙන්නකෝන් මහතා මෙසේ පැවසිය :

“බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මෙන්ම රජයේ අනු පිරිවෙනක ගුරුවරයෙක් ලෙසින් ඔබ වහන්සේ හොඳින්ම නීතිය දැනගෙන කර තිබෙන්නේ වරදක්. බලපත්‍ර නොමැතිව රිය පැදවිමේන් වටිනා තරුණ ජීවිතයක් ආකාලයේ මියැදී තිබෙනවා. මට දැනගැනීමට ලැබුණා ඔබ වහන්සේ රිය පැදවූ පළමු අවස්ථාව මෙය නොවන බව.

රියදුරකු යොදවාගෙන රිය පැදවිම සිදුකළ යුතුව තිබුණා. මම තරයේ අවවාද කරනවා ඔබ වහන්සේට මේ සිදුවීම සම්බන්ධව”.

මිහිදුතලා වන සෙනසුනේ ලැගසිටින ඌරුමීවල කුසලඥානයා බලපත්‍ර රහිතව වාහනයක් පදවා අහිංසක තරුණ ජීවිතයක් බිල්ලට දීම බොහෝ අයට කම්පනයක් ඇති කළ සිදුවීමකි.

මෙම අනතුර නිසා කලවාන වැද්දාගල පදිංචි එච්.ආර්. ධනුෂ ලක්ෂාන් (17) තරුණයා රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 13 වනදා පස්වරුවේ මරණයට පත්විය. ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටි අයෙකි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ මියගිය ධනුෂ ලක්ෂාන් තරුණයා සමග සිටි මිතුරා වූයේ උතුරු වැද්දාගල පදිංචි වල්පොල ඊශ්වගේ ප්‍රසාද් ප්‍රියදර්ශන (19) තරුණයාය. ඔහු සාක්කි දෙමින් මෙසේ පැවසිය :

“මියගිය ලක්ෂාන් මාගේ නිවස අසල පදිංචි මාගේ මිතුරෙක්. සිද්ධිය වූ දින 12:30 ට පමණ මට ඔහුට කලවාන නගරයේදී හමුවුණා. අපි සංවිධානය කරන ක්‍රිකට් තරගයකට කුසලානයක් ලබාගන්න රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මෛත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හමුවීමට යමු කියලා ලක්ෂාන් මට කතා කළා. ඒ අනුව මම ඔහුගේ යතුරුපැදියෙන් මන්ත්‍රීතුමාගේ නිවස බලා නිවිතිගල යෑමට පිටත් වුණා. යතුරුපැදිය ලක්ෂාන් පදවාගෙන ආවා. ඔහුට දුරකතන ඇමැතුමක් ආව නිසා ඔහු යතුරුපැදිය මාර්ගය අයිනට වෙන්න නතර කළා. මමත් ඔහුත් යතුරුපැදිය නවතා පාරේ තවත් අයිනට ගියා. ඉන්පසු සිදුවූ දෙයක් මට මතක නැහැ. මට සිහිය එනවිට රත්නපුර රෝහලේ සිටියේ. එතැනදී මම දැනගත්තා හාමුදුරුනමක් රියදුරු ලෙස සිටි කැබ්රථයකට යට වී මාගේ මිතුරා මියගිය බව.”

මරණය රිය අනතුරකින් සිදුවූ බවටට හදිසි මරණ පරික්ෂක නිගමනය කළේය. සැකකාර සිවුරුකාරයා රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු අද (17) තෙක් රක්ෂිත බද්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (16) සිදු විය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *