පොලීසිය ගණන් නොගෙන යන්න ගිහින් වෙඩි කා නසී

(11.11.2017 – 11:21 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (11) අළුයම කොග්ගල්ල – ලයිම හන්දිය ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී කුඩා ලොරි රථයක් නැවැත්වීමට පොලීසිය උත්සහ දරා ඇති අතර එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයෙකු විසින් පොලීසියට වෙඩි තබා තිබේ.

එහිදී පොලීසිය ද අදාළ ලොරි රථයට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

පසුව සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇත්තේ පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ලොරියේ ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් දෙක හමාරක පමණ දුරින් මෙම මෘත ශරීරය සොයාගෙන ඇති අතර එම ආසන්නයේ තිබී ලොරි රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.

මේ අතර අද උදෑසන ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු නීතිඥයෙකු මාර්ගයෙන් අම්බලන්තොට පොලීසිය භාරවී ඇති බව වාර්තා වෙයි.‍

අම්බලන්තොට පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

එහිදී ලොරි රථයේ රියදුරු ප්‍රකාශ කර ඇත්තේ සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගයක් පටවාගෙන තමන් පැමිණි අතර පොලීසිය එල්ල කල වෙඩි ප්‍රහාරයෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයෙකු මියගිය බවයි.

පොලීසිය ප්‍රහාරය එල්ල කල ස්ථානයේ සිට කිලෝමීටර් 2 හමාරක් දුරින් සොරකම් කරන ලද කෙසෙල් කැන් තොගය සහ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය දමා පලාගිය බවට ලොරි රථයේ රියදුරු ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

***********************************

බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය
(11.11.2017 – 11:28 +0530 – lankadeepa.lk)

බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉලෙක්ට්‍රික් බස්රථ පොදු ප්‍රවාහන සේවයට හඳුන්වාදීම ද ප්‍රායෝගික පියවරක් නොවන බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි ෴

++++++++++++++++++++++++++++

විදුලි කාර් මිල අඩු කිරීමෙන් රටේ විදුලි අර්බුදය දරුණු වෙනවා.. බියර් මිල අඩු කිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. – ඇමති චම්පික අයවැය පට්ටා ගහයි..
(12.11.2017 – 03:29 +0530 – lankacnews.com)

විදුලි මෝටර් රථවල මිල අඩු කිරීමෙන් සිදුවන්නේ මාර්ග තදබදය තවත් වැඩිවීම බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම විදුලි කාර් ආරෝපණය කිරීමට යාමෙන් මෙරට විදුලි අර්බුදය තවත් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

බියර් මිල අඩු කිරීමෙන් කිසි ලෙසකින් කසිප්පු බීම අඩු වන්නේ නැති බවද කී ඇමති චම්පික එමගින් සිදුවන්නේ අලුත් කණ්ඩාමක් මත්පැන් බීම බියර්වලින් ආරම්භ කිරීම බවද කීය.

එහිදී අදහස් පල කරමින් ඇමති ජෝන් සෙනෙවරත්න මහතා කියා සිටියේ ගල් අරක්කු බෝතලය රුපියල් 750-800 දක්වා අඩු කල යුතු බවයි.

වීඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *