අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා, රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත, අධිකරණය ප්‍රතික්ෂේප කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා, රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත, අධිකරණය ප්‍රතික්ෂේප කරයි (විඩියෝ)

• අවුන්සාන් සුකීට නඩු පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක් (විඩියෝ)

• ඉන්ෆ්ලුවන්සා ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක්

• පීලිපැනීමකට ලක්වූ දුම්රිය එන්ජිම හේතුවෙන් තවදුරටත් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් (විඩියෝ)

• සමාජ මාධ්‍ය මර්දනයට සූදානමක්..?

• පාඨලී අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවෙන්නේ නෑ – උදය ගම්මන්පිල

• MCC ගිවිසුම ගැන එදා විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයේම අප අදත් සිටිනවා – උදය ගම්මන්පිල (09.12.2019) (විඩියෝ)

• keells ආයතනයට ‘ඇලජික්’ සිතුවම.. (විඩියෝ)

• ‘නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න’යි තානාපතිට අවවාද

• ස්විට්සර්ලන්ත රජයේ විශේෂ නියෝජිතයා, විදේශ ඇමති හමුවේ

• මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන ජනපතිට වාර්තාවක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා, රාජිත සේනාරත්න ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත, අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(20.12.2019 – 12:28 +0530 – hirunews.lk/sinhala)

සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (20) ප්‍රතික්ෂේප කළා.

ඊට අදාල ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද සලකා බැලුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ඇප අයදුම්පත පිළිගැනීම සඳහා නීතිමය පදනමක් නොමැති බවයි.

එමෙන්ම, පෙත්සම්කරු ඉල්ලා සිටි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අපේක්ෂිත ඇප අයදුම සලකා බැලුණු අවස්ථාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද අධිකරණයේ පෙනී සිටි බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

***************************************

අවුන්සාන් සුකීට නඩු පැවරීමට එරෙහිව ජාතික හිමිකම් සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක්

(20.12.2019 – 06:17 +0530 – lankaleadnews.com)

මියන්මාරයට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ජාතික හිමිකම් සංවිධානය විසින් ඊයේ (19) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත සංදේශයක් බාරදෙන ලදී.

එම අවස්ථාවේදී එම සංදේශය භාරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හානා සින්ගර් මහතා සහභාගීවූ අතර එහිදී අදහස් දක්වමින් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සදහන් කරනු ලැබූවේ අනුගේ රටවල ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කරන්න කලින් ලංකාවේ තිබෙන ප්‍රජාත්‍රන්තවාදය භුක්තිවිදීමේ අයිතිය අපිට ලබාදෙන ලෙසය. එමෙන්ම මියන්මාරය ශ්‍රී ලංකාව යනු ථේරවාදී බුදු දහමෙන් පෝෂණය වූ රටවල් බවත් අප වැනි රටවලට අනිත් මිනිසුන්ගේ අයතිවාසිකම් ගැන පාඩම් කියල දෙන්න අවශ්‍ය නොවන බවත් බැල්ලන්තුඩාව මහතා එහිදී සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට සංදේශය භාරදීමෙන් අනතුරුව ජාතික හිමිකම් සංවිධානයේ පිරිස ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති කාර්යාලයවෙත පැමිණ මියන්මාරය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බව සදහන් කරමින් මියන්මාරයේ නියෝජ්‍ය තානාපතිනිය වෙත සංදේශයක් භාරදෙන ලදී.

එහිදී නියෝජ්‍ය තානාපතිනිය විසින් එම සංදේශය ඉතා ගෞරවයෙන් පිළිගත අතර මියන්මාරය වෙනුවෙන් දක්වන සහයෝගය පිළිබදව සිය ස්තුතිය ද පුද කළේය.

මෙම අවස්ථාවට ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ, බෞද්ධ තොරතුරු කෙන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය අමතධම්ම ස්වාමීන්වහන්සේ ඇතුලු ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ සංවිධනායේ නියෝජිත පිරිසක් සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකලාපය හෙලා දක්වමින් එහි ශ්‍රී ලංකා කාර්්‍යාලයට සංදේශයක් භාර දිම

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකලාපය හෙලා දක්වමින් එහි ශ්‍රී ලංකා කාර්්‍යාලයට සංදේශයක් භාර දිම

Posted by Lanka C Voice on Thursday, December 19, 2019

***************************************

ඉන්ෆ්ලුවන්සා ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක්

(20.12.2019 – 12:22 +0530 – sinhala.adaderana.lk)

ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවතින වැසි සහ ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2 ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වෙයි.

එවැනි පුද්ගලයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එමගින් ඉන්ෆ්ලුවන්සා රෝගය උත්සන්න වීම හෝ සංකූලතා ඇති වීම අවම කරගත හැකි අතර රෝගය බෝවීම හා පැතිරීම වළක්වා ගැනීම සඳහා මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දෙයි ෴

***************************************

පීලිපැනීමකට ලක්වූ දුම්රිය එන්ජිම හේතුවෙන් තවදුරටත් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

(20.12.2019 – 08:13 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ සහ මරදාන අතර පීලිපැනීමකට ලක්වූ දුම්රිය එන්ජිම මෙතෙක් පීලිගතකිරීමට නොහැකිවීම හේතුවෙන් සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවියහැකිබව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

***************************************

සමාජ මාධ්‍ය මර්දනයට සූදානමක්..?

(20.12.2019 – 13:20 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය මර්දනයට පිඹුරුපත් සකසා භාෂණයේ නිදහසට මැකෝ අභියෝගය කරන්නේ රජය අපකීර්තියට පත් කිරීමටද ?

සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැලකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බවත් එම නිසා සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ඒමට අවශ්‍යව ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ප්‍රකාශ කොට ඇති බව ප්‍රසිද්ධ පුවත්පතක මුල් පිටුවේ සදහන් වී ඇත. මෙසේ සමාජ මාධ්‍ය පාලනයට නීති ගෙන එමට මැතිවරණ කොමසාරිස් වැනි ප්‍රධාන රාජ්‍ය නිලධාරින් කටයුතු කිරීම පිලිබදව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය බලවත් විරෝධය පලකරමු.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස් තමන්ට සමාජ මාධ්‍ය අවහිර කිරීමට අවශ්‍ය බලය තිබූ බවට විවිධ මාධ්‍ය හමුවල ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කරන්නට වූ අතර ඒ සදහා මැතිවරණ කොමිසම සතුව කිසිදු නීතිමය බලතලයක් නොමැති බව අප සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණ වාර්තාවෙහි’ මනාව සදහන් කොට ඇත.

සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නොවන බවත් පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරණ නිහඬ කාලය තුල බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් ස්වයංපාලනයකට ලක්ව තිබූ බව අප තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු.

තවද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම බවත් යම් හෙයිකින් සමාජ මාධ්‍ය ජනාධිපතිවරණ ප්‍රතිපල වලට බලපෑමක් එල්ල වුයේ නම් එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කෙරෙනා බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස වැඩිදුරටත් සදහන් කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

***************************************

පාඨලී අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදුවෙන්නේ නෑ – උදය ගම්මන්පිල

(20.12.2019 – 14:53 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තුව රැස් වී නොමැති අවස්ථාවක මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝණය නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී කථානායකවරයා දැනුවත්කර නොමැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් අද (20) කොළඹ පැවිති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකරමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය :

“රටේ නීතිය නොදත් එ.ජා.ප.මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් චෝදනා කරනවා ‘කතානායකවරයා දැනුවත් නොකර නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කළා’ කියලා.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින, සැසියකට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි.

නිවසේ සිටින පාඨලී අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් නෙවෙයි. වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න ආවාලු. වරෙන්තුවට වඩා බලවත් නීතීපතිගේ උපදෙස් ෴

+++++++++++++++++++++++++++++++++++

MCC ගිවිසුම ගැන එදා විපක්ෂයේ සිටියදී දැරූ ස්ථාවරයේම අප අදත් සිටිනවා – උදය ගම්මන්පිල (09.12.2019)

***************************************

keells ආයතනයට ‘ඇලජික්’ සිතුවම..

(20.12.2019 – 17:04 +0530 – lankaleadnews.com)

බැද්දගාන ප්‍රදේශයේ තරුණයන් විසින් සිතුවම් කරන ලද සිතුවම සම්පූර්ණ වූ පසු keells ආයතනය විසින් මෙම සිතුවම මකා දැමීමට කටයුතු කර ඇත.

මේ සිතුවමෙන් සමාජය වෙත ලබා දෙන්න උත්සහ කර ඇති පණිවිඩය යහපත්ය. ඒ නම් මේ රට විනාශ කරන USA MCC ගිවිසුම පිළිබඳවය.

එහෙත් මෙවැනි සිතුවමක් keells ආයතනයට ඇලජික් වුණේ ඇයි දැයි කියන එකයි අපට ඇති ගැටළුව.

***************************************

‘නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න’යි තානාපතිට අවවාද

(20.12.2019 – 14:10 +0530 – lankadeepa.lk)

තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය. ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

“පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන් වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.”

“නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

(ඩේලි මිරර් ඇසුරිනි)

+++++++++++++++++++++++++++++++++++

ස්විට්සර්ලන්ත රජයේ විශේෂ නියෝජිතයා, විදේශ ඇමති හමුවේ

(20.12.2019 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙරටට පැමිණි එරට විශේෂ නියෝජිත ජෝග් ෆ‍්‍රීඩන්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපතිවරයෙකු ද වන ඔහු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමග පැවති හමුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරට අතර විශ්වාසයේ පදනම ශක්තිමත් කිරීමක් බවයි ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය ද හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී මෙම හමුව සිදුවූ බව තහවුරු කළා.

කෙසේ වෙතත්, එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මේ වනතුරුත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිලිබඳව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නසියෝ කැසීස් සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර දුරකථන සංවාදයක් පෙරේදා දිනයේදී සිදුව තිබුණා.

එහිදී ද ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු තානාපතිවරයෙකු මෙරටට යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම දුරකථන සංවාදයේදී අත්අඩංගුවේ සිටින ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ ආරක්ෂාව සහ සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටි බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම, මානුෂීය හේතුන් මත අදාළ තානාපති කාර්යාල නිලධාරිනිය රෝහලක් වැනි වඩාත් සුදුසු ස්ථානයකට මාරු කර යවන ලෙස ද, ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම සිදුවීමට අදාළ නඩුවට ඉහළ මට්ටමේ මාධ්‍ය ආවරණයක් ලැබීම, පෞද්ගලිකත්ව ආරක්ෂාවක් නොමැතිවීම සහ මහජන හෙලා දැකීම් මගින් ස්විට්සර්ලන්ත තානාපති කාර්ය මණ්ඩලය අනතුරක හෙළා ඇතිවා පමණක් නොව සිද්ධිය ඒකාබද්ධව පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය විශ්වාසය ඛාදනය කර ඇති බව ද ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇති බවයි එරට ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර, මෙරට ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක් සහ නීතිපති දප්පුල ද ලිවේරා අතර සාකච්ඡාවක් ද පසුගිය අඟහරුවාදා පවත්වා තිබුණා.

ස්විට්සර්ලන්ත ෆෙඩරල් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කළේ මෙම නඩුවේදී නීතියේ ආධිපත්‍ය පිළිගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවදානමකට ලක්ව ඇති බව තානාපතිවරයා, නීතිපතිවරයාට අවධාරණය කළ බවයි.

***************************************

මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන ජනපතිට වාර්තාවක්

(21.12.2019 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත හා අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට එම කාරක සභාව තීරණය කර තිබෙනවා.

එම කාරක සභාව ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධ මෙම කාරක සභා වාර්තාව පසුගිය ජුනි 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පසුව එය එවකට පැවති අමාත්‍ය මණ්ඩලය වෙත ද ඉදිරිපත් කෙරුණා.

ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම ආදි සියල්ල නීතිවිරෝධී බව තහවුරු වන නිසා හදිසි නීතිය යටතේ වහාම රජයට පවරා ගැනීමටයි කාරක සභාව විසින් එහිදී නිර්දේශ කර තිබුණේ.

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළීබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව මඩකලපුව විශ්වවිද්‍යාලය සහ ඒ සම්බන්ධ අනෙකුත් ආයතන හා සමාගම් පිළිබඳ, අනුකාරක සභාවේ තොරතුරු පිරික්සීම, ශ්‍රී ලංකා හීරා පදනම බැංකු කටයුතු ආරම්භ කළ 1993 වසරේ සිටම සිදුකර තිබෙනවා.

එසේ, අනුකාරක සභාව විසින් සිදුකරන ලද තොරතුරු පරික්සීම අනුව වාර්තාව තුළ අඩංගු නිර්දේශ අතර මෙම ආයතනය ගොඩනැංවීමට ප්‍රදානයක් ලෙස හෝ ණයක් ලෙස, පැහැදිලි නොවන ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.6 ක් පමණ වන විදේශීය මුදලක් අවස්ථා 4 කදී වරින් වර ලැබී ඇති බවයි සඳහන් වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *