දැවැන්ත දේශපාලන පරිවර්තනයක් දින කිහිපයකින්.. – ඇල්ලේ ගුණවංශ හිමි කියයි..

(12.11.2017 – 16:40 +0530 – lankacnews.com)

තවත් දින කිහිපයක් ඇතුලතට රට තුල විශාල දේශපාලන පරිවර්තනයක් සිදු වන ඇති බව කොළඹ 07 ධර්මායාතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

වීඩියෝව :

++++++++++++++++++++++++++

ඇමරිකන් අනුග්‍රහයෙන් ෆෙඩරල් වැඩමුළු රටපුරා
(12.11.2017 – divaina.com)

ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඇමරිකානු රජය මෙරට රාජ්‍ය නොවන සංවිධානයක්‌ වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමඟ එක්‌ වී ප්‍රදේශ රැසක වැඩමුළු මෙහෙයවා ඇත. මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ යූ. එස්‌. ඒඩ්. නමැති ඇමරිකානු අරමුදල් සපයන ආයතනයයි. රහසිගතව ක්‍රියාත්මක වූ මේ ෆෙඩරල් වැඩමුළුවලට තවත් ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධාන 40 ක්‌ ද සම්බන්ධ වී ඇත.

ශ්‍රී ලංකාව තුළ වාර්ගික අර්බුදයක්‌ පවතින බවත් ඊට විසඳුම ෆෙඩරල් ක්‍රමය බව ශ්‍රී ලංකාවේ ජනතාව අතර ප්‍රචාරය කිරීම මෙම වැඩමුළුවලින් සිදු කර ඇත.

මේ බව යූ. එස්‌. ඒඩ්. සංවිධානය හෙළි කර තිබේ. මේ අතර මෙරට ඇමරිකානු තානාපති අතුල් කේශාප් ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවට ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ අවශ්‍ය බව දන්වා ඇත.

එය ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවියේ දක්‌වා තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

**********************************

ඥාණසාර හිමි සිටි හෝටලය මියන්මාර් හමුදාවෙන් වටලති…
(12.11.2017 – 13:20 +0530 – lankacnews.com)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ දිනවල මියන්මාර සංචාරයක නිරතව සිටී.

එම සංචාරයේ උත් වහන්සේ යෙදී සිටින්නේ එරට 969 සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය අශින් විරාතු හිමියන්ගේ ආරාධනාවක් මතයි.

ඥාණසාර හිමි ඇතුළු පිරිස පෙරේදා සිකුරාදා දින රාත්‍රියේ නැවතී සිටි මියන්මාරයේ මැන්ඩලේ නගරයේ පිහිටි හෝටලය සිය ගණනක් වූ මියන්මාර ආරක්ෂක බල ඇණියක් හදිසියේ වට කර ඇත.

මෙම පිරිසට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමේ අරමුණින් මෙතරම් ආරක්‍ෂාවක් යොදවා ඇතත් ඒ සදහා කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවද සඳහන්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *