අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [04]

YouTube : Dew Suwa Sewa

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

23-12-2019

+++++++++++++++++++++

30-12-2019

+++++++++++++++++++++

01-01-2020

+++++++++++++++++++++

03-01-2020

+++++++++++++++++++++

2020-01-04 – Part 1 of 3 (10 min.s)

+++++++++++++++++++++

2020-01-04 – Part 2 of 3 (95 min.s)

+++++++++++++++++++++

2020-01-04 – Part 3 of 3 (190 min.s)

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=gyFSdgkvhH0
09-01-2020

+++++++++++++++++++++

10-01-2020

+++++++++++++++++++++

11-01-2020

+++++++++++++++++++++

11-01-2020

+++++++++++++++++++++

12-01-2020

+++++++++++++++++++++

16-01-2020
17-01-2020

+++++++++++++++++++++

= මීලඟ දෙව් සුව සේවා සුව මෙහෙය =

ස්ථානය : පිළියන්දල, මඩපාත, කහපොළ ‘ශාක්‍ය රාජධානිය’ භූමියේ

සිතියම් : [Map 1][Map 2][Map 3][Map 4][Google Map]
පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළෙන් ගමන් අරඹන මාර්ග අංක 157 – කහපොළ බස්රථයට නැග ජඹුරළිය හන්දියෙන් බහින්න. – [Map 5]

දිනය : 2020 පෙබරවාරි 01 සහ 02 (සෙනසුරාදා සහ ඉරිදා)

වේලාව : 2020 පෙබරවාරි 01 සවස 02:00 (14:00 +0530) SL Time


දෙව් සුව සේවා සංවිධානය වෙත කිරීමට ඔබ බලාපොරොත්තු වන මූල්‍යමය සහ ද්‍රව්‍යමය පරිත්‍යාග පහත දැක්වෙන ආයතනය වෙත ලබාදෙන්න :

ලෝක අධ්‍යාත්මික පුන්‍ය පදනම
( World Spiritual Charity Foundation )

වැඩිවිස්තර සඳහා අමතන්න : 071 857 9777 ( +94718579777 )

දසදහස් ගනනක් රෝගීන් සුවපත් කිරීමට ඔබත් දායකවී කුසල් රැස්කරගෙන සසර ගමන කෙටිකර ගන්න !


( දෙව් සුව සේවා සංවිධානය : 077 505 0533 )

+++++++++++++++++++++

• මෙම වැඩසටහන සදහා සහභාගී වන සියලු දෙනා හැකි තරම් කාලයක් මස් මාළු ඇතුළු පිළී වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු අතර එම කාලය තුල බෝධි පූජා හෝ ආගමානුකූල වතාවත්වල නිරත වී මේ සදහා සහභාගී වන්නේනම් ඉතාමත් සුදුසුය.

• දෙව් සුව භූමියට ඇතුලත්කර ගන්නේ සුදු ඇඳුමෙන් සිටින අය පමණයි !

• ගැහැණු අයගේ ඇඳුම සංවර වියයුතුයි.
කලිසම් ඇඳ සිටින ගැහැණු අය දෙව් සුව භූමියට ඇතුලත්කර ගන්නේ නැත. (සුදු රෙද්දකින් ඇඳසිටින කලිසම වසාගන්න.)

– දෙව් සුව සේවා

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=D-SIdwl0Owo
21-01-2020

+++++++++++++++++++++

22-01-2020

+++++++++++++++++++++

ලෙඩ හොඳ වෙන්න දුන් පාන් කැබැල්ලෙන් සිසුවෙකු ලෙඩ වෙලා – දීගොඩ කුමාර මහතා රක්ෂිත බන්ධනාගාරයට !

(24.01.2020 – nethnews.lk)

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මහතා මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 වැනිදා) නියෝග කළේය.

2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

මෙම සිදුවීමට අදාළ පිළියන්දල පොලිසිය මගින් දීගොඩ කුමාර මහතාට විරුද්ධව නඩු පවරා තිබිණි. පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර මහතා වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. ඊට අදාළව මෝසමක් ඊයේ (23 වැනිදා) දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කළේය.

දීගොඩ කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර, නීතිඥ අනුර හෑගොඩ, නීතිඥ ඩෙරික් සමරසේකර ඇතුළු නීතිඥයන් පිරිස දිගින් දිගටම අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාර මහතාට විරුද්ධව ඇති මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව වැරදි සහගත බවයි.

එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට කරුණු දක්වමින් අදාළ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව කියා සිටියේය.

පැමිණිල්ලේ කරුණු දැක්වීම් අවසානයේ කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කළේය. එබැවින් දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා වන දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි. ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවද අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයෝ පැවසූහ.

මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දීගොඩ කුමාර නමැත්තා සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය ෴

+++++++++++++++++++++

විශේෂ නිවේදනයයි ! පෙබරවාරි මස 01 දින දෙව් සුවය හදිසියේ අවලංගු කරයි ! (27-01-2020)

+++++++++++++++++++++

+++++++++++++++++++++

මිනිත්තු 69

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=pwhYFLNMQjg
09-02-2020

+++++++++++++++++++++

10-02-2020

+++++++++++++++++++++

14-02-2020

+++++++++++++++++++++

21-02-2020

+++++++++++++++++++++

22-02-2020

+++++++++++++++++++++

06-03-2020

+++++++++++++++++++++

07-03-2020

+++++++++++++++++++++

08-03-2020

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දෙව් සුවසේවා එකෙන් ඇත්තටම සනීප වෙනවද ? මගේ අත්දැකීම

(24.09.2019 – YouTube : Madu Talks)

+++++++++++++++++++++++++++++++++++

කාලි මැණියන්ගේ ඇමතුමෙන් ලෙඩුන් සුව කරන දිව්‍ය පුත්‍රයා

(16.09.2019 – YouTube : Gossip Lanka News)

+++++++++++++++++++++++++++++++++++

ශාක්‍ය ජනපදයේ ඉඩම යළිත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම

(20.01.2020 – 18:38 +0530 – lankadeepa.lk)

ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙම ඉඩමේ එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අකැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් 2017 වසරේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරීමට පියවර ගනු ලැබිණ.

අක්කර 78 විශාලත්වයකින් යුතු මෙම ඉඩමේ ශාක්‍ය ජනපදය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබිණ.

බෞද්ධ කටයුතු හෝ ප‍්‍රදේශයේ පොදු ජනතාවගේ සුබ සිද්ධියට යොදාගන්නා ලෙස දක්වමින් කැස්බෑව ප‍්‍රදේශයේ ජීවත්වූ සමරකෝන් මුදලි නැමැති ධනවතකු මෙම ඉඩම මහා භාරකරුට පවරා ඇත.

බොල්ගොඩ ජලාශය ආශ‍්‍රිතව පිහිටා ඇති මෙම ඉඩම පැවැති රජයන් විසින් අවස්ථා හතරකදී විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තද ඒ සියල්ලම අතරමග නතර කරදමා තිබේ. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී 2014 වසරේදී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා මෙහි මුල්ගල් තැබීය. එහෙත් එයද මුල්ගලකට පමණක් සීමා විය.

මේ වන විට ඉඩම සම්පූර්ණයෙන්ම වල්බිහිවී තිබෙන අතර එහි ආරක්‍ෂක කටයුතු සදහා අධික වියදමක් දැරීමට සිදුවන බවද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

(මුදිතා දයානන්ද සහ නාලක සංජීව දහනායක)

+++++++++++++++++++++

30 Sep 2017

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

2018-05-17

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

lalith de silva වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *