හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

(03.01.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ නගරය ආසන්නයේදී අනතුරට ලක්වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

මීට පෙර වාර්තා වුණේ එය ‘පෞද්ගලික හෙලිකොප්ටර් යානයක්’ බවටයි.

අනතුරෙන් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා මීට සුළු මොහොතකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තහවුරු කළේ මෙම යානය දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට අයත් Y-12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් බවටයි.

මෙලෙස අනතුරට පත් ගුවන් යානය වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට දියතලාව බලා පියාසර කරමින් තිබු බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

හපුතලේ කඩා වැටුණු යානයේ ඡායාරූප මෙන්න..

(03.01.2020 – 09:40 +0530 – lankaleadnews.com)

හපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානයක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.

වීරවිල ගුවන් හමුදා කඳවුරෙන් ගමන් ආරම්භ කර ඇති මෙම ගුවන් යානයේ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලුදෙනාම මියගොස් අති බවද ගුවන් හමුදාව තහවුරු කරයි.

හෙලිකොප්ටරය කඩාවැටුණු ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගුවන් යානය කඩා වැටීමට මොහොතක පෙර CCTV දර්ශන

(03.01.2020 – 12:52 +0530 – sinhala.adaderana.lk)

අද (03) හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමට මොහොතකට පෙර යානය පහළ පියාසර කරන අයුරු CCTV කැමරාවක සනිටුහන්ව ඇත.

ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, අනතුරින් නියමුවන් දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වු බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 යානය අද (03) උදෑසන ගුවන් ගතව තිබුණේ, හම්බන්තොට, වීරවිල ගුවන් හමුදා කඳවුරෙන්.

මෙම යානය ආවේක්ෂණ රාජකාරි සදහා පිටත්ව තිබු යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේ වෙතත්, පෙරවරු 09:15 ට පමණ යානය හපුතලේ, තම්බපිල්ල මාවත ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

අනතුරට මොහොතකට පෙර යානය පහළ පියාසර කරන අයුරු CCTV කැමරාවක මෙලෙස පටිගත වී තිබුණි.

එම අවස්ථාවේදී යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට තිබේ.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්. කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්. කුමාර හා එල්.ඒ.සී. හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය සහ ගුවන්හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *