රට කැළඹූ ඝාතන නඩුවක තීන්දුවට රන්ජන් රාමනායක විනිසුරුවරියට බලපෑම් කල හඬ ඇමුණුම මෙන්න..

(06.01.2020 – 03:23 +0530 – lankacnews.com)

අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬඇමුණුමක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.

2020.01.05

රංජන් රාමනායක සහ ශානි අබේසේකර අතර හඬ පට එලියට කට්ටියම එකතු වෙලා නීතිය නැමුවේ මෙහෙමයිhttps://youtu.be/5wJ80CH5E4M

Posted by SRI JUDGE on Sunday, January 5, 2020

+++++++++++++++++++++

නඩු තීන්දු වෙනස් කරන්නට රන්ජන් අධිකරණයට කළ සියලු බලපෑම් හෙළි වේ. දුමින්ද සිල්වාගේ නඩුවේ විනිසුරුවරියටත් බලපෑම් කරලා – රහස් රැසක් හෙළි කළ ආන්දෝලනයට තුඩු දුන් හඬඇමුණුම මෙන්න

(06.01.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුව සමයේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් නඩු තීන්දුවකට එවක අමාත්‍යවරයෙකු වූ රන්ජන් රාමනායක බලපෑම් කළ ආකාරය හෙළිදරව් වන හඬඇමුණුමක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම හඬ ඇමුණුමෙන් හෙළිදරව් වන්නේ, රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂකවරයා ලෙස ක්‍රියා කළ ශානි අබේසේකර නඩු තීන්දු තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරන ආකාරයයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැරදිකරු කර දඬුවම් කිරීම සඳහා රන්ජන් රාමනායක එම නඩු තීන්දුව මෙහෙය වූ විනිසුරුවරියක් වන පද්මිණි රණවක මහත්මියට බලපෑම් කළ ආකාරයද මෙම හඬපටයෙන් හෙළිදරව් වනවා.

පැය භාගයකට අසන්න කාලයක් පුරා දිවෙන මෙම හඬඇමුණුමෙන් නඩුතීන්දු තමන්ට අවශ්‍ය ආකාරයෙන් ලබාගැනීම සඳහා සිදුකරන සැලසුම් හෙළි වී තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

06-01-2020

+++++++++++++++++++++

ජජී නැමුනේ මෙහෙමයි ! (SRI JUDGE) 06-01-2020

+++++++++++++++++++++

රංජන් අත්අඩංගුවට ගැනීම ගැන විවිධ අදහස්

(05.01.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන්ගේ දුරකථන සංවාද ගැන සිංහලේ ජාතික සංවිධානයෙන් හෙළිදරව්වක්

(05.01.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ශානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳව සිංහලේ ජාතික සංවිධානය අද හෙළිදරව්වක් සිදුකළා.

+++++++++++++++++++++

රන්ජන් අත්අඩංගුවට ගත් හේතුව මහින්දානන්ද කියයි

(05.01.2020 – 15:43 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවට නොවන බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මහනුවරදී අද (05) මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ ඇමුණුම් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

+++++++++++++++++++++

අත්අඩංගුවට ගත් රන්ජන්ට ඇප – විදේශගතවීමත් තහනම් – පොලිස් විමර්ශන තවදුරටත්

(05.01.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

අද පස්වරුවේ මන්ත්‍රීවරයා නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

එමෙන්ම, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාට තරයේ අවවාද කරනු ලැබුවේ.

රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවස ඊයේ (04) රාත්‍රියේ බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සෝදිසි කරනු ලැබුුවේ අධිකරණය මගින් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැක කෙරෙන තවත් cd තැටි සහ අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි ගණනාවක් හමුවූ බවයි. එමෙන්ම, ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනි අවියක්, එම සජීවි පතොරොම් 127ක් සහ සැක කටයුතු ලේඛන කිහිපයක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා නුගේගොඩ – පාගොඩ පාරේ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අද පස්වරු 4 පමණ වන තෙක් එහි රදවාගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

එහිදී පොලීසිය විසින් සැකකාර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයා ගත් භාණ්ඩ පිළිබද තොරතුරු මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර තිබෙනවා.

පොලීසිය එහිදී සදහන් කළේ සැකකරු සන්තකයේ තිබූ පතොරොම් රදවන සහිත පෙට්ටි තුනෙහි පතොරොම් 150 ක් තිබිය යුතු නමුත් පතොරොම් 127 ක් පමණක් සොයා ගැනීමට හැකි වී ඇති අතර පතොරොම් 23 ක් භාවිතා කර ඇති බවයි.

එම පතොරොම් ගිනි අවි ආඥා පනතේ යම් වරදක් සදහා යොදාගෙන ඇත්ද යන්න පිළිබදව විමර්ශනය කරන අතර එය ගිනි අවි ආඥා පනතේ 44 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව පොලීසිය අධිකරණයට වාර්තා කළා.

ගිනි අවි ආඥා පනත යටතේ රිපීටර් වර්ගයේ ගිනි අවියක් ලග තබා ගැනීම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදිය යුතු වරදක් බැවින් ඇප පනතේ 13 වන වගන්තිය අදාළ කර ගන්නා ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැවින් ඔහුට ඇප ලබාදුනහොත් විමර්ශනවලට අදාළව සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුකළ හැකි බැවින් මන්ත්‍රීවරයාට ඇප ලබා නොදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයා ගත් සංයුක්ත තැටි සහ ලිපි ද්‍රව්‍ය මගින් මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවත්වනු ලබන වැදගත් අපරාධ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි අනාදර හැගීම් ඇවිස්සවීම හෝ යුක්තිය පසිදලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදුකිරීම සඳහා එම රාජ්‍ය නිලධාරීන් සමග කුමන්ත්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුබල දීම සිදුකර ඇත්ද යන්න පිළිබදව ද තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මන්ත්‍රීවරයා විසින් බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් සහ එම අවියට භාවිතා කරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටීම සහ ගිනි අවිය භාවිතා කර යම්කිසි අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබදව ද බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.

+++++++++++++++++++++

රන්ජන්ට ඇප

(05.01.2020 – 17:23 +0530 – sinhala.adaderana.lk)

බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (05) පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ , මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් මන්ත්‍රීවරයාගේ නිවසින් සොයාගත් බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රී නිල නිවස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පරීක්ෂා කිරීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (04) පියවර ගනු ලැබුවේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගත් පිස්තෝල ගිනිඅවියක්, එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 127 ක් සහ සැකකටයුතු ලේඛන කිහිපයක් මෙම සෝදිසියේදී හමුවූ බවයි.

ඒ අනුව ඊයේ (04) රාත්‍රීයේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා නුගේගොඩ පිහිටි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබූ අතර එහිදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණි.

මන්ත්‍රීවරයා හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ සහ අද උදෑසන පැමිණ සිටියේය.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් පොලිසීය අද (05) දිනයේත් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම සිදු කළේය.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි සහ සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් , පිස්තෝල ගිනි අවියක්, එම සජීවි පතොරොම් 127 ක් හා සැකකටයුතු ලේඛන කිහිපයක් සොයාගත් බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් කර ඇත්ද යන්න පිළිබඳව හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැගීම් ඇවිස්සීමට නැතිනම් යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය ඇති කිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.

එසේම මන්ත්‍රීවරයා බලපත්‍ර නොමැතිව ළඟතබාගත් ගිනිඅවිය භාවිත කර යම් කිසි අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (05) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

පැමිණිල්ල විභාගයට ගැනුණේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොළ මහතාගේ නිල මැදිරිය තුළදීයී.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

පොලීසිය මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ ගිනිඅවි ආඥා පනත,පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 120, 113 හා 215 යන වගන්ති යටතේයි.

එමෙන්ම අසභ්‍ය කවර සහිත සංයුක්ත තැටි 32 ක්,වෙනත් සංයුක්ත තැටි 130 ක් හා දුරකතන සංවාද ඇතුළත් සංයුක්ත තැටි 09 ක් මන්ත්‍රීවරයාගේ නිවසෙන් හමුවූ බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කරුණු සලකා බැලූ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැරීමට නියෝග කළේය.

මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පැනවූ අතර මෙම නඩුව එළඹෙන ජනවාරි 17 වනදා යළි කැඳවීමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇප මත මුදා හැරුණු රන්ජන්ගේ දුරකථන සංවාද කරළියට

(06.01.2020 – 07:26 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ශානි අබේසේකර සහ නිශාන්ත ද සිල්වා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද පිළිබදව සිංහලේ ජාතික සංවිධානය ඊයේ (05) හෙළිදරව්වක් සිදුකළා.

බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊයේ (05) ඇප මත මුදා හැරුණා.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි මොහුට අතිරේක මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කරනු ලැබුවේ.

රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවස පෙරේදා (04) රාත්‍රියේ බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සෝදිසි කරනු ලැබුවේ අධිකරණය මගින් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැක කෙරෙන තවත් දෘඪ තැටි සහ අසභ්‍ය චිත්‍රපට අඩංගු සංයුක්ත තැටි ගණනාවක් හමුවූ බවයි.

එමෙන්ම, ලැප්ටොප් පරිගණකයක්, පිස්තෝල ගිනි අවියක්, එම සජීවි පතොරොම් 127 ක් සහ සැක කටයුතු ලේඛන කිහිපයක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වලංගු බලපත්‍රයක් නොමැතිව මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 127 ක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ.

මොහුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙන අනෙකුත් දේපළ අතර අසභ්‍ය සී.ඩී. තැටි 32 ක්, ලැප්ටොප් පරිගණක 2 ක්, දුරකථන සංවාද ඇතුළත් සී.ඩී. තැටි 9 ක්, දෘඩ තැටි කිහිපයක් සහ තවත් සංයුක්ත තැටි 132 ක්, ජංගම දුරකථනයක් සහ සිම් කාඞ්පතක්ද වන බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොලිස් භාරයට ගත් දේපළවල යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ලේඛන හෝ ප්‍රකාශ ඇතුළත්ද යන්නද ශ්‍රී ලංකා රජය කෙරෙහි අනාදරය අවුස්සන හෝ ඇවිස්සවීමට තැත්කරන ලේඛන හෝ ප්‍රකාශන ඇතුළත්ද යන්න පිළිබඳ විමර්ශන සිදුකරන බවයි.

එමෙන්ම, මන්ත්‍රීවරයා විසින් බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් සහ එම අවියට භාවිතා කරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටීම සහ ගිනි අවිය භාවිතා කර යම්කිසි අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබදව ද බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • What does this all prove? Ranjan said in the past that the Judicary was corrupt. But here Ranjan himself is a party to promoting that corrupt practices. He was a wheeler dealer and all his nefarious activities have been exposed by these recordings. The voice coming from a judge gunatilaka fully expose the list of names of all corrupt judges, rogues and officials in the system, as well as her own attempts to climb up the ladder through manipulation using politicians or acting or passing judgments at the behest of politicians. His dealings with Nishantha and Shani and their joint conspiracies to jail people through manipulation of the law, based on bank roll politics and nepotism are beyond belief in an administration claiming to be Yahapaalanaya. It is despicable and disgusting. My God what a revelation. In SLK, Law and Order and its fair and just delivery has been definitely dead. I hope that the new President is aware of what is going on and swiftly act to remove this cancer in our administration of law and fair justice for all.

  • මේ video කොටස් හිරු මාධ්‍ය කාරයා විසින් හදපු ඒවා.හැබැයි රන්ජන් දැනගෙන හිටියාලු පොලිසිය එයාගේ ගෙදර චෙක් කරන බව.එනිසා තමයි අර සනත්ගේ සෙක්ස් video එක ගෙදර තියාගෙන හිටියේ.එකෙන් කෙලින්මහිරු හෙවත් කුඩු ටීවී මුදලාලිට හෙවත් රෙනෝ සිල්වාට ඔහුගේ පුරුෂ ශක්තිය ගැන නැවත හිතා බලන්න වෙනවා.

sudesh වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *