වේසිපුත්‍ර පිරිමි ගණිකාව – ගොන්ජා, ජානිකා වේස බැල්ලිට ඉගැන්වූ ශුක්‍ර-ඩිම්බ පාඩම

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වේසිපුත්‍ර පිරිමි ගණිකාව – ගොන්ජා, ජානිකා වේස බැල්ලිට ඉගැන්වූ ශුක්‍ර-ඩිම්බ පාඩම (විඩියෝ)

• රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක විමර්ශණ ඇරඹේ – නව සිංහල රාවයෙන් තවත් චෝදනාවක්

• ජනතාව තුල අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇතිවෙලා – අධිකරණ ඇමති (විඩියෝ)

• පසුගිය ආණ්ඩුව, විදේශීය විනිසුරුවරුන් ගෙන්වා ගැනීමේ, සැලැස්මක් දියත් කළ බවට තොරතුරු (විඩියෝ)

• රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවෙන් පසු පරීක්ෂණ අරඹන බව CCDය කියයි

• දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනපති සහ හිටපු අගමැති වගකිව යුතුයි – සිංහල රාවය (විඩියෝ)

• රන්ජන්ගේ හඬපටත් සමඟ තවත් විනිසුරුවරුන්ට චෝදනා (විඩියෝ)

• දුමින්දගේ තීන්දුවට, හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අගවිනිසුරුට බලපෑම් – ජාතික පුවත්පතක් අනාවරණය කරයි – කොළොන්නාවේ ජනතාව දුමින්ද ඉල්ලා උද්ඝෝෂණයක (විඩියෝ)

• රංජන්ගේ ආන්දෝලනාත්මක හඬ පට ගැන අදත් විවිධ අදහස් (විඩියෝ)

• මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් රන්ජන් ගැන හෙළිදරව්වක් (විඩියෝ)

• රන්ජන් නඩු කටයුත්තක් මඟහැර සිටීමට ගන්නා උත්සාහයක හඬ පටයක් එළියට (විඩියෝ)

• රන්ජන්ගේ හඬ පට තුළින් නීතියේ විශ්වාසය බිද වැටී ඇති බව මැදගොඩ අභයතිස්ස හිමි කියයි (විඩියෝ)

• යහපාලන ආණ්ඩුව අද විණිසුරුවන් නැති කරලා ඉවරයි – ප්‍රසන්න රණතුංග (විඩියෝ)

• රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තහනම් (විඩියෝ)

• වැරදි කළ අයට ආගමට අනුව නිසි දඬුවම් ලැබෙයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා (විඩියෝ)

• රංජන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

• රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි – පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමි (විඩියෝ)

• ශානි අබේසේකරට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් (විඩියෝ)

• 2020 ජනවාරි 14 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් (විඩියෝ)

• රන්ජන් රාමනායක ධාතු සුනඛයෙක් – පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි (විඩියෝ)

• අත්අඩංගුවට ගෙන CCD යට රැගෙන ආ රන්ජන් හෙට (15) අධිකරණයට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වේසිපුත්‍ර පිරිමි ගණිකාව – ගොන්ජා, ජානිකා වේස බැල්ලිට ඉගැන්වූ ශුක්‍ර-ඩිම්බ පාඩම

(13.01.2020 – colombotoday.com ඇසුරෙන්)

= උග්‍ර මානසික ආබාධයකින් පෙළෙන ගොන්ජාගේ යට ඇඳුමත් ගැල වේ. බුදුරජුන්ට, මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්, හිටපු ජනපතිවරුන්, කලාකරුවන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස =

සිද්ධාර්ථ කුමාරයාගේ පියාට, මවට මෙන්ම කිතුනුවන් මහත් ගෞරවයෙන් අදහන ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ මව වන මරියා තුමියද ඉලක්ක කර ඉතා තුච්ච නින්දිත ලෙස රංජන් රාමනායක නමැති හරි හැටි ආගමක් දහමක් නොමැති අධම පුද්ගලයා විසින් අපහාසත්මකව සිදුකල දුරකතන සංවාදයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

රටේ සුප්‍රසිද්ධ චරිත වන දිවංගත අග්‍රාමාත්‍ය ඇස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක, දිවංගත විජය කුමාරතුංග, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇයගේ පුත් විමුක්ති කුමාරතුංග, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ගායන ශිල්පී අතුල අධිකාරි සහ ඔහුගේ බිරිඳ අමායා අධිකාරි, දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සහ හේමා ප්‍රේමදාස මැතිනිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉලක්ක කර ඉතා නිර්දය ලෙස පහත් අසභ්‍ය වචනයෙන් අපහාසත්මකව සිදුකල කතාබහක් ද මෙම හඬ පට තුල ඇතුලත්ව ඇත.

මෙම හඬ පටයේ රංජන් රාමනායක සහ නිලියක් වන ජානකී විජේරත්න දෙදෙනා සිදු කල දුරකථනය සංවාදයක් ඇතුලත්ව ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක විමර්ශණ ඇරඹේ – නව සිංහල රාවයෙන් තවත් චෝදනාවක්

(13.01.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයා ගත් සී.ඩී.තැටි සහ පරිගණක දත්ත පද්ධතියේ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම වාර්තාව මේ සතිය තුළදී කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලැබීමට නියමිතයි.

එම පරීක්ෂණවලට අදාළ සී.ඩී. තැටි සහ පරිගණක දත්ත පද්ධතිය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණේ පසුගිය සිකුරාදා (10) දිනයේදීයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම රන්ජන් රාමනායක සහ ඔහුට හිතවත් පාර්ශවයේ කුමන්ත්‍රණයේම කොටසක් බව සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම මාධ්‍ය හමුවේදී එම හිමියන් රන්ජන් රාමනායක සහ රංගන ශිල්පිනී ජානකී විජේරත්න අතර ඇති වූ දුරකථන සංවාදයක හඬපටයක් ද ප්‍රසිද්ධියට පත් කළා.

එමෙන්ම නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් සිදුවූ අධිකරණ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම ද, ගැටලු සහගත බවයි.

+++++++++++++++++++++

ජනතාව තුල අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇතිවෙලා – අධිකරණ ඇමති

(13.01.2020 – 11:48 +0530 – hirunews.lk/sinhala)

විවිධ හඬපට වලින් හෙළිවෙන කරුණු පිළිබදව බලන විට ජනතාව තුල අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇතිව ඇති බව අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ජනතාව තුල ඇතිව ඇති මෙම අවිශ්වාසය සහ සැකය දුරුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඌව පරණගම, අඹගස්දෝව ප්‍රදේශයේ පැවති ජන හමුවකට ඊයේ (12) එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

+++++++++++++++++++++

පසුගිය ආණ්ඩුව, විදේශීය විනිසුරුවරුන් ගෙන්වා ගැනීමේ, සැලැස්මක් දියත් කළ බවට තොරතුරු

(13.01.2020 – 07:48 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ඇතැම් අධිකරණ විනිසුරුවරුන් අතර සිදුවූ දුරකථන සංවාද ඔස්සේ මෙරට අධිකරණ දූෂිත යැයි පවසා විදේශීය විනිසුරුවරුන් මෙරටට ගෙන්වා ගැනීමේ සැලැස්මක් පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බවට සැක පළ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවෙන් පසු පරීක්ෂණ අරඹන බව CCDය කියයි

(13.01.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයා ගත් සී.ඩී. තැටි සහ පරිඝනක දත්ත පද්ධතියේ පරීක්ෂණවල ප්‍රගතිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ලබාදුන් පසු නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.

පසුගිය සිකුරාදා (10) ඊට අදාළ සී.ඩී. තැටි සහ පරිඝනක දත්ත පද්ධතිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත එම කොට්ඨාශය විසින් ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙම සතිය තුළ එම පරීක්ෂණවල වාර්තා ලැබෙනු ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිකරණයෙන් නියෝගයක් ලබාදුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ද හඬ පරීක්ෂාවක් සඳහා සිය දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවයි.

රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් සංයුක්ත තැටි, දෘඩතැටි, ලැප්ටොප් පරිගණක, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී තිබුණේ පසුගිය 9 වන දායි ෴

+++++++++++++++++++++

දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනපති සහ හිටපු අගමැති වගකිව යුතුයි – සිංහල රාවය

(12.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා වගකිව යුතු බව නව සිංහල රාවය සංවිධානය පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළුතර ප්‍රදේශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මෙහිදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කළේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම සම්බන්ධයෙන් එහි අණ දෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් වගකිව යුතු බවයි.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපටත් සමඟ තවත් විනිසුරුවරුන්ට චෝදනා

(12.01.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

තනතුරු සහ පෞද්ගලික වාසි උදෙසා තවත් විනිසුරුවරුන් දෙදෙනෙක් දේශපාලනික නඩු තීන්දු ලබාදී ඇති අතර, ඔවුන් පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතෙක් පියවර නොගැනීම ගැටළුසහගත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා.

එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තවත් දුරකථන සංවාද සහිත හඬ පටයක් මාධ්‍යයට ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගිහාන් කුලතුංග සහ ලංකා ජයරත්න යන විනිසුරුවරුන් එලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවයි.

***************************************

දුමින්දගේ තීන්දුවට, හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අගවිනිසුරුට බලපෑම් – ජාතික පුවත්පතක් අනාවරණය කරයි – කොළොන්නාවේ ජනතාව දුමින්ද ඉල්ලා උද්ඝෝෂණයක

(12.01.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමි කර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත තර්ජනය කර තිබෙන බවට ‘දිවයින ඉරිදා සංග්‍රහය’ අද (12) සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණා.

‘දුමින්ද එල්ලන්නැයි හිටපු අගවිනිසුරුට ඇමතිවරු දෙදෙනෙක් තර්ජනය කරලා’ යන මැයෙනුයි අද (12) දිවයින පුවත්පත සිය මුල් පුවත එලෙස වාර්තා කර තිබුණේ.

ඒ අනුව අදාළ ලිපියෙන් සඳහන් කර ඇත්තේ මහාධිකරණයෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට ලබාදුන් මරණ දඬුවමට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් එවක අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවටයි.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තුන් දෙනෙකුට අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබා ගැනීම සඳහා බල කරන ලෙස පවසා ඇති බවත්, ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බවත් දිවයින මුල් පුවතින් අනාවරණ කර තිබෙනවා.

එමෙන්ම, ‘දුමින්ද නිදහස් වූ තීන්දුව රන්ජන්, පද්මිණී සහ ශානි ආපසු හැරවූ හැටි’ යන ශීර්ෂ පාඨ යටතේ දිවයින පුවත්පත පිටු දෙකක් පුරාවටම තවත් දීර්ඝ ලිපියක් පළ කර තිබෙනවා.

= උපුටා ගැනීම =

පළමු පටිගතයෙන් ඇසෙන පරිදි ශානි අබේසේකර විසින් රන්ජන්ගේ ගෙදර වළං ඉදුල් හෝදන තැන දක්වා පහළ වැටෙන්නේ දුමින්දගේ නඩු තීන්දුව පිළිබදවය.

දුමින්ද වෙත ලබාදෙන ලද්දේ නෛතික දඩුවමක් නොව සැළසුම් සහගත ලෙස පොලීසිය සහ අධිකරණයේ සමහර නඩුකාරයන් මෙහෙයවා ලබාදුන් තීන්දුවක් බව රටම තේරුම් ගන්නේ මෙම හඩපට ඇසීමෙනි.

ලිපියේ වැඩිදුරටත් මෙලෙස සඳහන් වනවා.

මේ සියල්ල දැන් සැසදිය යුත්තේ රන්ජන් හා තොදොල් තෙපුලනා පද්මිණීගේ දුරකතන සංවාද සමගය.

නඩු දිනයට පෙර ශානි විසින් රන්ජන් වෙත තින්දුව කලින්ම ප්‍රකාශ කරන කාරනයත් සමගය.

ඇත්ත වශයෙන්ම ගත්විට දුමින්ද දඩුවම් විදින්නේ සාධාරණ නඩු තීන්දුවක් මත නොව දේශපාලන බලහත්කාරකමක් මත බව මේ සංවාද ඇසීමෙන් පෙනී යයි.

යුක්තියේ දෙවොල මත කරන ලද මේ පාපතර ක්‍රියාව සදහා යුක්තිය ඉටුවීමට තව බලා සිටිය යුතු නැත.

හැකි ඉක්මනින් මේ ගැන විභාගයක් පවත්වා දුමින්දට සාධාරණයක් කළ යුතුය.

මේ රටේ අධිකරණයට සාධාරණයක් කල යුතුය.

අධිකරණය සමග මෙසේ කතා කරන තැනට රන්ජන් බලගැන්වූ බලවේග කවුරුන්ද යන්න රට දැනගත යුතුය.

කට රන්ජන්ගේ වුවත් ඔහු පසුපස සිටි බලයද මේවාට වගකිවයුතු හෙයින් ඒ සදහා නියමිත දඩුවමක් නෛතික ආකාරයෙන් තීරණය කළ යුතුය.

දුමින්ද දැන් නිදහස් වුවද ඒ සදහා කෙතරම් වන්දියක් ඔහුට ලැබුනේ වුවද නිරපරාදේ මරණ දඩුවමක් ලබා ඔහු ගෙවූ කාලය යළි මිලට ගත හැකිද.

ලැබුණු අපහාසල අවලාද සදහා වන්දියක් නියම කල හැකිද.

රන්ජන් – ශානි – පද්මිණී ආදීන් එකතුවී රටේ නීතියට කරන ලද මේ අපචාරය සදහා ජනතා ප්‍රතිචාරය දැනට ලැබී ඇතත් ඒ සදහා තවම විධිමත් නෛතික ප්‍රවේශයක් ආණ්ඩුව ලබාදී නැත.

එසේ පමාවන යුක්තිය දුමින්දට පමණක් නොව රටටම සිදුකරනා අසාධාරණයක් බව දැනට ලියා තබමි.

= උපුටා ගැනීම අවසන් =

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම් පිළිබදව කරුණු විමර්ශනය කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා අද (12) උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.

කොළොන්නාව නගර මධ්‍යයේ පැවති මෙම උද්ඝෝෂණයට භික්ෂූන් වහන්සේ, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියා.

උද්ඝෝෂණයට එක්වූ යථාර්ථය සංවිධානයේ මහලේකම් ශාස්ත්‍රවේදී පූජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි.

මෙම උද්ඝෝෂණයට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා සහ බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.ඒ.ඩී. ජගත් කුමාර මහතා ද එක්ව සිටියා.

එමෙන්ම උද්ඝෝෂණයට එක්ව සිටි ප්‍රදේශවාසීන් ද සදහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා යළිත් කොළොන්නාවට ලබාදිය යුතු බවයි.

+++++++++++++++++++++

රංජන්ගේ ආන්දෝලනාත්මක හඬ පට ගැන අදත් විවිධ අදහස්

(13.01.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අදත් (13) විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් රන්ජන් ගැන හෙළිදරව්වක්

(13.01.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව කටයුතු කළ සමයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුට සිදුකළ තර්ජන සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද හෙළිදරව්වක් සිදුකළා.

එහිදී අනාවරණය කෙරුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට මරණ තර්ජන ද එල්ල කර ඇති බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රන්ජන් නඩු කටයුත්තක් මඟහැර සිටීමට ගන්නා උත්සාහයක හඬ පටයක් එළියට

(13.01.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබාගන්නා හඩපටයක් පිළිබද පැමිණිල්ලක් සිංහලේ සංවිධානය අද (13) අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළා.

ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායකට අධිකරණය මඟහැර සිටීමට අදාල උපදෙස් ලබාදී ඇති බවයි.

සිංහලේ සංවිධානය මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිලිවල ප්‍රගතිය සොයා බැලීම සදහා මෙන්ම තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අද (13) එම කොමිෂන් සභාව වෙත පැමිණියා.

මෙහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව පිළිබදවද අදහස් පලවුණා.

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬ පට තුළින් නීතියේ විශ්වාසය බිද වැටී ඇති බව මැදගොඩ අභයතිස්ස හිමි කියයි

(13.01.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

නීතිය ඉදිරියේ හෝ සාධාරණත්වයක් ලැබෙනු ඇති බවට මෙරට ජනතාවට තිබූ විශ්වාසය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටත් සමඟ අහිමි වී ගොස් ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.

ඒ, කුරුණෑගල ප්‍රදේශයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

යහපාලන ආණ්ඩුව අද විණිසුරුවන් නැති කරලා ඉවරයි – ප්‍රසන්න රණතුංග

(14.01.2020 – 09:04 +0530 – sinhala.adaderana.lk)

නීතිය පිළිබඳව ජනතාව තුළ නැවත විශ්වාසයක් ගොඩනැගීම සඳහා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට සම්බන්ධයෙන් පරීක්ෂණක් සිදු කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය :

“රංජන් රාමනායකගේ මේ හඬපට එළියට ඒම තුළ පසුගිය යහපාලනයෙන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් කියලා ඉන්න විණිසුරුවන්ව අද නැතිකරලා ඉවරයි. විධායකට, ව්‍යවස්ථාධායකය මා අධිකරණය තුනම නැති කරා.

කලාකරුවෝ නැතිකරා. ඒ වගේම පසුගිය රජය විසින් තමන්ගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට හිරිහැර කරපු හැටි දැක්කා. අනිවාර්යෙන් වගකීමක් වෙනවා රටේ ජනතාවගේ විශ්වාසය යළි ගොඩ නගන්න.”

+++++++++++++++++++++

රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තහනම්

(14.01.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++

වැරදි කළ අයට ආගමට අනුව නිසි දඬුවම් ලැබෙයි – රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා

(14.01.2020 – 16:18 +0530 – sinhala.adaderana.lk)

පසුගිය සමය තුළ නීතිය නැවීමට ලක්කළ පුද්ගලයින් සියලු දෙනාට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

දොම්පේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ වන හඬ පට තුළින්ම සියලු කරුණු හෙළිදරව් වී ඇති බැවින් පැමිණිලි කිරීමට අවශ්‍යතාවයක් නැති බවත් තමන් අදහන ආගම අනුව වැරදි සිදු කළ පුද්ගලයින්ට නිසි දඬුවම් ලැබෙනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

+++++++++++++++++++++

රංජන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

(14.01.2020 – 16:54 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත අද නියෝග කළේය.

ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.

+++++++++++++++++++++

රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි – පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමි

(14.01.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රංජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

ශානි අබේසේකරට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක්

(14.01.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රගීත් එක්නැලිගොඩ සහ කර්නල් නිහාල් දයාරත්න පැහැරගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශයට අද (14) පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+++++++++++++++++++++

2020 ජනවාරි 14 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්

(14.01.2020 – YouTube : Udaya Gammanpila)

+++++++++++++++++++++

රන්ජන් රාමනායක ධාතු සුනඛයෙක් – පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි

(14.01.2020 – YouTube : Colombo Today)

+++++++++++++++++++++

අත්අඩංගුවට ගෙන CCD යට රැගෙන ආ රන්ජන් හෙට (15) අධිකරණයට

(14.01.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හෙට (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළා.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (14) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා.

ඒ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

අදාළ චෝදනාවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක ව්‍යවස්ථාව යටතේ කටයුතු කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

මෙකී වගන්තිය යටතේ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබුණා.

එම විමර්ශන උදෘත සහ හඬපට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාව යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිසුරුවරුන් වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාලගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමේ අපරාධය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට තවදුරටත් දැනුම්දී තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද (14) පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාරට කරුණු දැක්වීමක් සිදුකළ අතර, අනතුරුවයි අදාළ වරෙන්තුව නිකුත් කෙරුණේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

From Ranjan Ramanayake FB (Live) :

x

+++++++++++++++++++++

10 Jan 2020

***************************************

අත්අඩංගුවට ගත් රංජන් අද අධිකරණයට

(15.01.2020 – 06:54 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද (15) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ ඊයේ (14) පස්වරු 06:15 ට පමණ මාදිවෙල පිහිටි නිවසේදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනා බවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ විසින් නිකුත් කළ වරෙන්තු නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත්වීම සහ බලපෑම් කිරීමේ චෝදනා යටතේ නිතිපතිවරයාගේ උපදෙස් මත රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

+++++++++++++++++++++

රන්ජන් රාමනායක 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(15.01.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට අද (15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කට හඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත මෙහිදී නියෝග කළේ.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද (15) පස්වරු 1.30 පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.

රංජන් රාමනායක මහරගම, නීලම්මහර මාවතේ පිහිටි මහේස්ත්‍රාත්වරයාගේ නිවසට රැගෙන එනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.

එම විමර්ශන උදෘත සහ හඬ පට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ව්‍යවස්ථාවේ ඇ 2 වගන්තිය යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මේ එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයයි :

කවර හෝ විනිශ්චයකාරවරයෙකුගේ, මූලාසනාරූඪ නිලධාරියෙකුගේ, රජයේ නිලධාරියෙකුගේ හෝ මේ ව්‍යවස්ථාවේ (පළමු වැනි) අනු ව්‍යවස්ථාවේ සඳහන් යම් නිලධාරියෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍ය ඉටු කිරීමේදී හෝ ඒ විනිශ්චයකාරවරයා, මූලාසනාරූඪ නිලධාරියා, රජයේ නිලධාරියා හෝ නිලධාරියා කෙරෙහි නීත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කරන හෝ බලපෑමක් කිරීමට තැත් කරන සෑම තැනැත්තෙක්ම වරදක් කරන අතර මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ වියහැකි කාලසීමාවකට දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරිම හා දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය. ඊට අමතරව, එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තා අවුරුදු 7 ක් නොඉක්මවන කාලයකට ඡන්ද හිමියෙකුවීමට ද ජනමත විචාරණයකදී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමේ මැතිවරණයකදී හෝ පළාත් පාලන ආයතනයක සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ ඡන්දයදීමට හෝ රජයේ කවර හෝ ධූරයක් දැරීමට නැතහොත් රජයේ නිලධාරියෙකු වශයෙන් සේවයෙහි නියුක්ත කරනු ලැබීමට ද නුසුදුස්සෙකු කරනු ලැබිය හැක්කේය.

උපුටා ගැනීම අවසන්….

එසේම රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිශ්චයකාරවරුන්වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල යන නිලධාරීන්ගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයට බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමෙන් අපරාධයක් සිදුකළ බවට සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වල සඳහන්.

එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාට කරුණු දැක්වීමක් සිදුකළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවක්ද ලබාගත්තා.

මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සජීවි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරියා.

ඒ අනුව ඊයේ පස්වරු 6.15 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ අද පස්වරු 1.30 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *