උතුරු දුම්රිය මාර්ගයේ ගමන් සීමාව හෙට (16.11.2017) වනතුරු

(15.11.2017 – 13:46 +0530 – hirunews.lk/sinhala)

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (15) දිනයේ යථා තත්වයට පත්කිරීමට නොහැකි බව දුම්රිය මෙහෙයුම් සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසනවා.

මේ වනවිට එහි දුම්රිය ධාවනය අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.

මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජිණ සීග්‍රගාමී දුම්රිය මැදවච්චිය සහ පරසන්ගස්වැව අතර දී ඊයේ (14) රාත්‍රී පීලි පැනීමකට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

යාපනය සිට පැමිණෙන සියලු දුම්රිය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.








************************************

අවුරුද්දක් භාවිත කළ විදුලි කාර් වලටත් බදු සහනය
(15.11.2017 – 08:50 +0530 – hirunews.lk/sinhala)

විදුලි මෝටර් රථ ආනයනය කිරීමේදී රුපියල් ලක්ෂ 10ක බදු සහනක් ලබාදීමේ අයවැය යෝජනාව සංශෝධනය කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියා සිටියේ වසරක කාලයක් පාවිච්චි කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද එම බදු සහනය හිමි වන පරිදි අයවැය යෝජනාව සංශෝධනය කරන බවයි.

නව විදුලි මෝටර් රථ මෙරටට ආනයනය නොකරන බව වාහන ආනයනකරුවන් විසින් රජයට පෙන්වාදීම හේතුවෙන් මෙම සංශෝධනය සිදුකිරීමට තීරණය කළ බවයි නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා කියා සිටියේ.

ඒ අනුව අදාළ සංශෝධනය ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *