ඉන්ෆ්ලූවෙන්සා වෛරසය සීඝ්‍රයේ පැතිරී යාමේ අවදානමක්

(15.11.2017 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය මේ දිනවල පැතිර යන බැවින් ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

සෑම වසරකම නොවැම්බර්,දෙසැම්බර් සහ ජනවාරි මාස වල ඉන්ෆ්ලූවෙන්සා රෝගයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ දිනවල පැතිිර යන්නේ ඉන්ෆ්ලූවෙන්සා බී වෛරසය වන අතර, පසුගිය මාසයේදී ඉන්ෆ්ලූවෙන්සා බී වැළදී ඇති බවට සැක කරන රෝගින් 300 ගේ සෙම සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 40 දෙනෙකුට එම රෝග කාරක වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇගපතේ වේදනාව,කෑම අරුචිය මෙහි රෝගී ලක්ෂණ වන අතර, කුඩා දරුවන්, ගර්භණි කාන්තාවන්, වයස්ගත වූවන් වැඩි වශයෙන් රෝගයට ගොදුරු වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා ෴

*********************************

ශ‍්‍රීලනිපයට ලොකුම ද්‍රෝහීකම කලේ ජනපති මෛත‍්‍රීපාලයි.. අපට පෙර ඔහුට විනය පරීක්‍ෂණ කැදවනු…
(15.11.2017 – 10:40 +0530 – lankacnews.com)

ශ‍්‍රීලනිපයට ද්‍රෝහීකම් කලේ යයි විනය පරීක්‍ෂණ පවත්වන්නේ නම් මුලින්ම එම පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ වත්මන් ශ‍්‍රීලනිප සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව බව ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්‍ෂකවායට එරෙහිව පක්‍ෂ ලේකම් ධුරයද දරමින් විරුද්ද බලවේග සමග එක්ව ශ‍්‍රීලනිපය පරාජය කරවූවේ වත්මන් ජනාධිපතිවරයා පවද ඔහු පෙන්වා දෙයි.

තමන් ඇතුළු පිරිස වෙනත් පක්‍ෂයක වේදිකාවට ගොඩවූයේ යයි විනය පරීක්‍ෂණ කැදවන්නට පෙර ශ‍්‍රිලනිප සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිරිකෙිත එජාප මූලස්ථානයට ගොස් එජාප සංවත්සර ඇමතීමට විරුද්දව විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *