රන්ජන්ගේ හඬ පටවලින් අනාවරණ වන තොරතුරු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සංගමය කියයි

(18.01.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා විනිසුරුවරුන් 3 දෙනෙකු අතර ඇති වූ දුරකථන සංවාදවල හඬ පට වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ වැඩ තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විනිසුරුවරුන් තුන්දෙනෙකු හා පැවැත්වූ සංවාද සම්බන්ධයෙන් නීතීඥ සංගමය මීට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකර තිබුණා.

එම ලිපියේ ඇතුළත් කරුණු සහ අදාළ සිද්ධිය පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරින් පසුගිය 16 වනදා අගවිනිසුරුවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවී තිබෙනවා.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීම සඳහා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද දහවල් කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා.

ඔවුන් එහිදී රන්ජන් රාමනායකට ලබා දීම සඳහා සුවපහසු ඇතිරිල්ලක් රැගෙනවිත් තිබෙන ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හමුවීමෙන් පසු ඔවුන් සඳහන් කළේ සුවපහසු ඇද ඇතිරිල්ල ලබා දීමට නොහැකි වූ බවයි.

බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙකුට එවැනි මෙට්ටයක් ලබාදීම සඳහා ඔහුගේ ඉල්ලීමෙන් පසු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වන බවයි.

+++++++++++++++++++++

රංජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවිධ අදහස්

(18.01.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් (18) අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන්ගේ තවත් හඬපටයක් අදත් එළියට

(18.01.2020 – 18:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදුකළ දුරකථන සංවාදයක හඬපටයක් ‘සිංහලේ සංවිධානය’ අද (18) මාධ්‍යයට නිකුත් කළා.

ඔවුන් මෙම හඬ පටය මාධ්‍යයට ලබා දුන්නේ, රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක සම්බන්ධයෙන් එම සංවිධානය පොලිස් මූලස්ථානයට සිදුකළ පැමිණිල්ලක ප්‍රගතිය සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදයේ නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක සම්බන්ධයෙන් සිංහලේ සංවිධානය පසුගියදා මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර ඇති වූ දුරකථන සංවාද ඇතුළත් හඬ පටය ඔහු මාධ්‍ය වෙත නිකුත් කළා.

මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානයේ, සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ද අද (18) පොලිස් මූලස්ථානයට පැමිණියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කළ ඩෑන් ප්‍රියසාද් මහතා කියා සිටියේ දිල්රුක්ෂි ඩයස්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

+++++++++++++++++++++

17-01-2020

+++++++++++++++++++++

ගොන්ජාගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC ඌරු පැටියාගේ ස්වාධීන රෙද්ද ගැලවේ..

(18.01.2020 – 22:32 +0530 – lankacnews.com ඇසුරෙන්)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ගොන්න අතරින් තවත් එකක් සමාජ ජාලා වෙත නිකුත් වී ඇත.

මෙරට බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමග කරන සාකච්ඡාවක් එම හඬපටයේ දැක්වෙයි.

පසුගිය ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔවුහු එහිදී සාකච්ඡා කරති.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහය සජිත් ප්‍රේමදාස මහතාට කළ ලබාගන්නා ආකාරය ගැන ද ඔවුහු එහිදී අදහස් පල කරති.

ස්වාධීන මාධ්‍යවේදියෙකු යයි පවසන බීබීසී මෙරට වාර්තාකරුට මෙම හඬ පටයත් සමගින් සමාජ ජාලාවන්හි එල්ල වන්නේ දැඩි විරෝධයකි.

+++++++++++++++++++++

BBC ඌරු පැටියා සේවයෙන් පන්නා දමයි… ස්වාධීන රෙද්ද ගැලවුනු BBC අමුඩය බේරා ගනී..

(21.01.2020 – 09:20 +0530 – lankacnews.com ඇසුරෙන්)

බීබීසී සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමගින් සිදු කරන ලද දුරකතන සංවාදයක් ප්‍රසිද්ධ වීමේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත්තේ කරුණු පැහැදිලි කිරීමට හෝ අවස්ථාවක් නොදෙමිනි.

අදාළ දුරකථන සංවාදයේදී අසාම් අමීන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීම සඳහා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡා කරයි.

එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරුගේ ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස ප්‍රශ්න කරන්නට විය.

තමන් සම්බන්ධයෙන් පුවත් වාර්තා නොකරන්නැයි අසාම් අමීන් විසින් තමන්ට හිතවත් සමාජජාල ක්‍රියාකරුවන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කර ඇති බවද දැනගන්නට ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *