හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට (විඩියෝ)

• හඬපට හරහා රංජන් වීරයෙකු කිරීම අවශ්‍ය නැහැ – එජාප පසුපෙළ (විඩියෝ)

• රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස් (විඩියෝ)

• රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි කියයි (විඩියෝ)

• රන්ජන්, අධිකරණයට බලපෑම් කළ බව දැන් හෙළිවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ (විඩියෝ)

• මන්ත්‍රී රන්ජන්ට ඇමති මහින්දානන්දගෙන් අභියෝගයක් (විඩියෝ)

• රංජන්ගේ තවත් හඬ පටයක් එළියට (විඩියෝ)

• රන්ජන් රාමනායක හඬපට කිසිවක් සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

• කුමන්ත්‍රණකාරීන් රටේ අධිකරණ පද්ධතියට සැලසුම් සහගත හානියක් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

හඩ පරීක්ෂාවකට රන්ජන් රාමනායක අද (23) රස පරීක්ෂක වෙත – ශානි අබේසේකර රහස් පොලීසියට

(23.01.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කටහඩ පරීක්ෂාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද (23) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පසුගිය දා ලබාදුන් නියෝගයකට අනුවයි. පසුගියදා මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයාගත් දෘඪ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 9 වන දා භාර දී තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් හඬ පට සහිත දෘඪ තැටි 9 ක්, ඩී.වී.ඩී. තැටි 162 ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්‍රයක්, බලපත්‍ර රහිත ගිනි අවිය මෙන්ම පතොරොම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

මේ අතර ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් පැහැර ගෙන ගිය බවට පැවසෙන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක ශානි අබේසේකරට අද (23) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයකට අනුවයි.

+++++++++++++++++++++

Ranjan Ramanayake incident unedited footage from LNW (04.01.2020)

+++++++++++++++++++++

හඬපට හරහා රංජන් වීරයෙකු කිරීම අවශ්‍ය නැහැ – එජාප පසුපෙළ

(22.01.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

දුරකථන සංවාද ඇතුළත් හඬපට හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වීරයෙකු කිරීම අවශ්‍ය නොවන අතර ආණ්ඩුව විසින් මෙම ප්‍රශ්නය විසඳීමට වහා පියවර ගතයුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙම අදහස් පළ කළා.

මේ අතර, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය පිළිබඳ අදහස් පළ කළා.

+++++++++++++++++++++

රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(22.01.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++++

රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි කියයි

(22.01.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කළ මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවට අත්පුඩි ගසමින් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (22) කළුතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

මේ අතර රාවණා බලය සංවිධානය ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

රන්ජන්, අධිකරණයට බලපෑම් කළ බව දැන් හෙළිවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

(22.01.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන සංවාද පටිගත කළේ හොරු ඇල්ලීමට යැයි පැවසුවද, ඔහු අධිකරණයට බලපෑම් කළ බවට සහ ජාතික ආරක්ෂාව බිඳ වැටීමට කටයුතු කර ඇති බවට දැන් හෙළිවී ඇතැයි ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය පවසනවා.

එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

+++++++++++++++++++++

මන්ත්‍රී රන්ජන්ට ඇමති මහින්දානන්දගෙන් අභියෝගයක්

(22.01.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව නඩු 16 ක් විභාගවන බව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අභියෝගයක්ද එල්ල කළා.

+++++++++++++++++++++

රංජන්ගේ තවත් හඬ පටයක් එළියට

(22.01.2020 – 18:42 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීතියට සරදම් කරමින් සිටින බව ‘සිංහලේ සංවිධානය’ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියා.

මේ අතර සිංහලේ සංවිධානය මුදල් අමාත්‍යාංශයට අද ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේ එහි ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී ඔහු හඬ පටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරනු ලැබුවා.

+++++++++++++++++++++

රන්ජන් රාමනායක හඬපට කිසිවක් සභාගත කර නැහැ – නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

(23.01.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළ පරිදි ඔහු විසින් ආන්දෝලනාත්මක හඬ පට කිසිවක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දී නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කළා.

අද දිනයේ (23) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ මේ බව සඳහන් කළ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ හඬ පට භාරදීමක් සිදුව ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

මේ අතර, මතභේදයට තුඩු දුන් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයේ ස්ථාපනය කිරීමේ පළමු පියවර ලෙස එහි රාජ්‍ය අමාත්‍යාංශය අද (23) පෙරවරුවේ අදාළ පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කරගෙන තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

+++++++++++++++++++++

කුමන්ත්‍රණකාරීන් රටේ අධිකරණ පද්ධතියට සැලසුම් සහගත හානියක් කරනවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

(23.01.2020 – 09:11 +0530 – sinhala.adaderana.lk)

අධිකරණ පද්ධතියට හානි කිරීමේ අරමුණින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදුකළ ක්‍රියාදාමය සඳහා සහාය දැක්වූ පුද්ගලයන් රටට හෙළිකර ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේදී ඊයේ (22ක) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, රන්ජන් රාමනායක පවසන ආකාරයට අධිකරණ පද්ධතියට බලපෑම් කරන්න බලය ලැබුණු ආකාරය විමසා බැලිය යුතු බවයි.

විශේෂයෙන් පසුගිය වසර 5 තුළ ඔහුගේ කාර්යභාරය වී ඇත්තේ අධිකරණ පද්ධතිය ගැන අප්‍රසාදයක් ඇති කිරීම වන බවත් පැවසු ඒ මහතා, ක්‍රමන්ත්‍රණකාරී කණ්ඩායම් මේ රටේ අධිකරණ පද්ධතියට ඉතා සැලසුම් සහගත ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු යොදා ගෙන හානි කරන බව ද කියා සිටියේය.

එනිසා රන්ජන් මන්ත්‍රීවරයා පිටුපස සිට මෙවැනි කුමන්ත්‍රණ මෙහෙය වූ අය පිළිබඳ නීති පද්ධතිය තුළින් හෙළිදරව් කළ යුතු බවත් ඒ අනුව ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • As per ranajn’s statement in the parliament, was Chief Justice a party to the conspiracy to pervert the justice system and law enforcement system according to the demands of UNP deshapaaluwo? Is that the the reason why CJ is dragging his feet by not looking into the current fiasco exposed by Ranjan recording revelations, and not taking visible and transparent decisive action to arrest and press charges against the perpetrators at all levels ignoring their respective fake standings in the society? The citizens are waiting for action and to set an example by the judiciary as well as by the law enforcement agencies and the country’s political and party leaders. Come on, get on with it and pull your fingers out.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *