රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළට නවීන රේඩාර් පද්ධතියක්

(15.11.2017 – 21:13 +0530 – lankadeepa.lk)

ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද (15) සිදු කෙරිණි.

එම අවස්ථාවට විදේශීය නියෝජිතයින් කොළඹ ගුවන්තොටුපොළේ කළමනාකරු ඇරුණ රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා ගුවන් පියාසර කටයුතු සඳහා ඊයේ සිට නවීනතම අධි තාක්ෂණය එක්වෙයි
(16.11.2017 – nethnews.lk)

ලෝකයේ ගුවන් පියාසර කටයුතු සඳහා යොදා ගනු ලබන ස්වයංක්‍රීය ආරක්ෂිත නිරීක්ෂණ A.D.S.B (Automatic Dependence Surveillance – Broad Casting) තාක්ෂණය ශ්‍රී ලංකාවේදී ඊයේ (15) දින සිට ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවා සහා ගුවන් තොටුපළ සමාගම පවසන්නේ මෙහි සමාරම්භක අවස්ථාව රත්මලාන ගුවන් තොටුපළේ පාලක මැදිරියේදී සිදු කෙරුණු බවයි.

A.D.S.B (Automatic Dependence Surveillance – Broad Casting) තාක්ෂණය ගුවන් ගමන් සඳහා මෙතෙක් ලෝකයේ භාවිතා කළ රේඩාර් තාක්ෂණය වෙනුවට සොයා ගත් නවීනතම අධි තාක්ෂණ ක්‍රමවේදයයි.

චන්ද්‍රිකා මගින් සිදු කෙරෙන A.D.S.B තාක්ෂණය යොදා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ගුවන් සේවා ඉංජිනේරුවරුන් පවසනවා.

ඒ අනුව රේඩාර් කුළුණු සවි කිරීමට හා නඩත්තු කිරීමට යන පිරිවැය අඩු කර ගැනීමට හැකිවීම, පරිසර හිතකාමී සේවාවක් ලබාදීම, ක්ෂණිකව ගුවන්යානා තිබෙන ස්ථාන පිළිබඳව නිරවද්‍යව තොරතුරු ලබාගැනීම වැනි ප්‍රධාන කරුණු ඉටු කරගැනීමට හැකිවන බව ගුවන් ගමන් පාලකවරුන් සහ තාක්ෂණික ඉංජිනේරුවරුන් අවධාරණය කරනවා.

කටුනායක, මත්තල, පිදුරුතලාගල, කිලිනොච්චිය සහ සූරියකන්ද යන ස්ථානවල පිහිටුවා ඇති කුළුණු මගින් ගුවන් ගමන් පිළිබඳව ස්වයංක්‍රීය ආරක්ෂණ නිරීක්ෂණ දත්ත රත්මලානේ පිහිටි ප්‍රධාන පාලක මැදිරිය වෙත ලබාගන්නා අතර එමගින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ තිබෙන යානාවල මෙහෙයුම් කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට හැකි වන බවද ගුවන් ගමන් පාලකවරුන් අවධාරණය කරනවා. එමෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක තිබෙන ගුවන් යානා පිළිබඳව තොරතුරු ලබා ගැනීමටද මෙම ක්‍රමවේදය තුළින් හැකියාව ලැබෙනවා ෴

*************************************

කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය අද (16.11.2017) විවෘත වෙයි
(16.11.2017 – 10:33 +0530 – lankadeepa.lk)

කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කරනු ලැබීමට නියමිතය.

එම හෝටලය කාමර 466ක් , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් සමන්විත වේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *