UNP මඩ බලකාය සහ JVP මඩ බලකාය ක්‍රියාත්මකයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(28.01.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මඩ බලකාය විසින් අයුක්තිය, අසාධාරණත්වයට එරෙහිව ක්‍රියාකරන භික්ෂූන් වහන්සේට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විකාශනය වූ හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද (28) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.

***************************************

හිස්බුල්ලා ආරම්භ කළ නැගෙනහිර විශ්වවිද්‍යාලය වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල

(28.01.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආරම්භ කරන ලද ‘නැගෙනහිර විශ්වවිද්‍යාලය’ වැනි විශ්වවිද්‍යාලයක් බේරුවල ප්‍රදේශයේද ක්‍රියාත්මක බව, සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ උපලේකම් මෙන්ම, සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සාමාජික, මොහොමඩ් තාසිම් මව්ලිවිවරයා පවසනවා.

ඔහු මේ බව අනාවරණ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවට අද කැඳවූ අවස්ථාවේදීයි.

මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු, මොහොමඩ් තාසිම් මව්ලවිවරයා හරහා පොලීසියට භාරදෙන බවට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි ප්‍රකාශ කළේ යැයි මීට පෙර වාර්තා පළවි තිබුණා.

මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවේ, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආරම්භ කළ විශ්වවිද්‍යාලය වැනි තවත් විශ්වවිද්‍යාල මෙරට තිබේද යන්නයි.

ඊට පිළිතුරු දුන් මොහොමඩ් තාසිම් මව්ලවිවරයා ප්‍රකාශ කළේ, නලේමියා නමින් බේරුවල ප්‍රදේශයේ එවැනි විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක වන බවයි.

+++++++++++++++++++++

***************************************

මුඛ ආවරණවලට ඉහළ ඉල්ලුමක් – වැඩි මිලට අලෙවි කරන බවටත් චෝදනා

(28.01.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයත් සමඟ වෙළඳපොලේ මුඛ ආවරණ හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තාවුණා.

ඒ අනුව වැඩි වශයෙන් ජනතාව මුඛ ආවරණ මිලට ගැනීමත් සමඟ මුඛ ආවරණ තොග අවසන්වී ඇති බවයි වෙළඳසැල් හිමියන් පවසන්නේ.

කෙසේ වෙතත් පවතින ඉහළ ඉල්ලුම හමුවේ මුඛ ආවරණ වැඩි මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගන්නේ කෙසේ ද?

(28.01.2020 – 20:31 +0530 – sinhala.adaderana.lk)

ලොව බොහෝ රටවල දැනටමත් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අපේ රටෙත් බොහෝ දෙනා දැඩි අවධානයෙන් පසුවෙයි.

වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් කර ඇති නිවැරදි ක්‍රමවේද කීපයකි. එනම්,

  • දෑත් හොඳින් සබන් යොදා පිරිසිදු කිරීම හෝ දෑත් සේදීම සඳහාම නිර්මාණය කළ දියරයක් ඒ සඳහා භාවිත කිරීම වඩා සුදුසුයි.
  • කහිනවිට හෝ කිවිසුම් යවන විට නාසය ආවරණය කරගැනීම ඒ සඳහා ටිෂූ හෝ ඔබේ බාහුව හෝ වැලමිට භාවිත කිරීම.
  • ටිෂූ භාවිතයෙන් පසු ආවරණයකට එය බැහැර කිරීම.
  • සතුන් ස්පර්ශ කිරීමෙන් වැළකීම.
  • මහජනයා ගැවසෙන ස්ථානවල කෙළ ගැසීමෙන් වැළකීම හා උණ හා කැස්ස සහිත පුද්ගලයින්ගේ ප්‍රවේශම් වීම.

ඊයේ (27) මෙන්ම අද (28) දිනයේදීත් බොහෝ දෙනකු මුව ආවරණ පැළඳ සිය දෛනික රාජකාරි කරන අයුරු අපට දැකගත හැකිවුණා.

කෙසේවෙතත් ආරක්ෂිත මුඛ ආවරණ හිඟයක් සහ ඒවායේ මිල ක්ෂණික ඉහළ යාමක් පිළිබඳව ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල විය.

ඊයේ (27) වනවිට අපි ඔබට තොරතුරු වාර්තා කළේ චීනයේ වෛරසය ආසාධිතයින් 2835 ක් සිටින බවයි.

නමුත් ගතවූ පැය 24 තුළ එම සංඛ්‍යාව 1700 කින් පමණ ඉහළ ගිහින් තිබේ.

ඒ අනුව චීනයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4500 කට අධිකයි.

පැය 24 ක් තුළ මේ සංඛ්‍යාව ඉහළ ගිය ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට 61 ඉක්මවයි.

https://www.youtube.com/watch?v=67C6aveNFzU#t=6

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසය අසාදනයෙන් තවත් 25 ක් මිය යයි – ආසාදිතයින් 6000 ක් දක්වා ඉහළට

(29.01.2020 – 06:59 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය අසාදනයවීමෙන් තවත් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

එත් සමඟ එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛාව මේ වන විට 132 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් චීනය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිර්මාංශ වෙමු නිරෝගී වෙමු

https://www.youtube.com/watch?v=FTH_r3QARno
28-01-2020

***************************************

සියලු සත්‍ය නුදුරේදීම හෙළි කරන බව සුදු වෑන් රියදුරන් කියයි

(28.01.2020 – 21:48 +0530 – sinhala.adaderana.lk)

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සියලු සත්‍ය තොරතුරු නුදුරේදීම හෙළි කරන බව සුදු වෑන් රියදුරන් ලෙස ඊට සහභාගී වූ දෙදෙනා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවේ සැබෑ තොරතුරු හෙළි නොකරන ලෙස රාජිත සේනාරත්න මහතා තමන්ට මරණ තර්ජන එල්ල කරන බවට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් මේ බව කියා සිටියේය.

සුදු වෑන් යොදාගනිමින් පුද්ගලයින් පැහරත්ගත් බවට පවසමින්, පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය.

ඒ එම සුදු වෑන් රථ පැදවූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු ද සහභාගී කරවාගනිමින්.

ආන්දෝලනයට තුඩුදුන් එම මාධ්‍ය සාකච්ඡාවේදී තමන් කළ ප්‍රකාශ නිවැරදි කිරීමට සූදානම් වූවත්, එසේ නොකරන ලෙසට රාජිත සේනාරත්න මහතා තමන්ට තර්ජන සිදු කරන බව එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (27) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේ.

පැය පහක පමණ කාලයකින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඔවුන් මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

***************************************

හිරු ටීවී – සළකුණ – 27.02.2020 – නිස්සංක සේනාධිපති (ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති)

මිනිත්තු 116
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *